Skip to main content

Posts

Showing posts from March, 2018

ටීනා මනාලියක් වෙලා

වර්තමානයේ දක්ෂ නිරූපණ ශිල්පිණියක් තමයි ටීනා ශනෙලි කියන්නේ. නිරූපණ ශිල්පිණියක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණි ඇය පසුව සිනමාවටද එක් වුණා. සිනමාවට එක් වූවත් ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා නම් නැහැ. එයට හොඳම උදාහරණය තමයි ටීනා දායක වුණු අළුත්ම ෆොටෝ ෂූට් එක. මේ ෆොටෝ ෂූට් එකේදි ටීනා උඩරට මනාලියක් ලෙසින් හැඩවෙලා තියෙනවා. එහි ඡායාරූප පහතින්.

හැමෝම ආදරේ කරන්නේ පොඩි කාලයයි.. මම මේ කියන්නේ මගේ අත්දැකීමෙන්.." - ශ්‍රීමාලි ෆොන්සේකා

"මට කිසිම වුවමනාවක්වත් ආසාවක්වත් නැහැ.." "අවුරුදු 13ක දුවක් ඉන්න අම්මා කෙනෙක් මම.." ශ්‍රීමාලී ෆොන්සේකා කියන නම හා ඒ රූපය නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉදහිට හෝ දකින්න ලැබෙන්නේ වෙළෙද දැන්වීම් වලින්. එහෙම නැති නම් නිරූපනයෙන්. ඒ වගේම නිවේදනයෙනුත් දකින්න ලැබෙනවා. මිට පෙර ඇයගේ නර්තන දක්ෂතා දකින්න ලැබුණේ නැතත් මේ දිනවල නම් ඇයගේ නර්තන දක්ෂතා දකින්න ලැබෙනවා. ඒ හිරු මෙගාස්ටාර්ස් වැඩසටහනින්. නිවේදනය, නිරූපනය ,රගපෑම මේ හැම දක්ෂතාවයකින්ම දකින්න ලැබෙන ඇය ගැනයි මේ තොරතුරු. නටන්න බැරි ශ්‍රීමාලි දැන් අඩව් කස්තිරම් සේරම අල්ලනවා කියලා ආරංචියි..? ඔව්. මිට කලින් මම රියැලිටි තරගයකට සම්බන්ධ වෙලා නැහැ. මුල්ම වතාවට තමයි හිරු මෙගාස්ටාර්ස් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. මම නර්තනය කියන දේ ඉගෙන ගෙනත් නැහැ. නමුත් මට හිරු රූපවාහිණියෙන් ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප නොකර ඉතාම කැමැත්තෙන් සතුටින් භාර ගත්තා. ඒ නිසා අඩව් කස්තිරම් දන්න හැම දෙයක්ම දාලා වැඩසටහන ලස්සන කරන්න උත්සහ කරනවා. දන්නේ නැති දෙයක් භාර අරගෙන කරන එක අභියෝගයක් කියලා හිතෙන්නේ නැද්ද..? ඒ ආරාධනාව ඇත්තටම මට නම්

පබෝධා සන්ධීපනී පික්පොකට් ගහපු එක ගැන කීව කතාව

පබෝධා සන්ධීපනී කොට්ටාව පැත්තේ යන එන අයගේ සාක්කුවට විදිනවා කියලා මේ දවස්වල කතාවක් පැතිර යනවා. නිළිකම අතහැරලා “පබෝධා” පික්‍පොකට් කාරියක්වත් වෙලාද? ඒ ගැන නිළි පබෝධා සන්ධීපනී කියන්නේ මේ විදිහටයි... මේ දවස්වල “පබෝධා” කොට්ටාව පාර දිගේ අලුත් සෙල්ලමක් පටන් අරගෙනලු නේද?   ඔව්. මේ සෙල්ලමේ හැටියට මට වැඩිපුරම තියෙන්නේ පාර දිගේ දුවන එකයි. මොකද මට කාගේ හරි පර්ස් එකට ගහලා එක තැන ඉන්න බෑ. ඒ නිසා ‍පොකට් එකට ගහපු ගමන් දුවනවා. හැබැයි මම මේ විදිහට දුවන්නේ ‘‘රැජිනියෝ’’ ටෙලි නාට්‍යය නිසා. කොහොමද ටෙලි නාට්‍යය තුළ මේ චරිතය ගලාගෙන යන්නේ?   රැජිනියෝ කියන්නේ කාන්තාවන්ට සිදුවෙන අසාධාරණකම් කතා බහ කරන, කතිකාවක් ඇති කරන ටෙලි නාට්‍යයක්. මා එහි නිරුපණය කරන්නේ පික්පොකට් ගහන අම්මා කෙනෙකුගේ චරිතයක්.  මේ වගේ අභියෝගාත්මක චරිතයක් නිරූපණය කිරීම ඔබට පහසු වුණාද?   සාක්කුවට විදින එක නම් ‍ලේසියි. ඒත් පාර පුරා දුවන එක නම් හරිම අමාරුයි. පාරේ වාහන යන අවස්ථාවලදී තමයි මට ගොඩාක් වෙලාවට දුවන්න සිද්ධ වුණේ. එක පාරටම මම පාරේ දුවන කොට කිසිවක් නොදන්නා මිනිස්සුත් හරි හරියට කලබල වෙනවා. මේ නිසා හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා. ඒත් රංගන ශිල්පි

මාධවී වත්සලා මනාලියක් වෙයි

ජනප්‍රිය නළුවෙක් හා අධ්‍යක්ෂවරයකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී කියන්නේ රටම දන්න කෙනෙක්.  ඇය ළඟදී දවසක මනාලියක් ලෙසින් හැඩගැන්විලා තිබුණා. මේ එම ඡායාරෑප පෙළයි................

ඕෂධි හේවාමද්දුම දෙවනවරටත් මව්පදවිය ලබයි

කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. සතුටින් ඉන්නවා. මේ දවස්වල කලා කටයුතුවලින් නිහඬ වෙලා ඉන්නේ විශේෂ කාරණයක් නිසා නේද? විශේෂ කාරණයකුත් තියෙනවා. ඒත් සති දෙකකට ඉහත කාලසීමාව වන තෙක්ම ටෙලි නාට්‍ය රූගත කිරීමකට සම්බන්ධ වුණා. දැන් නම් ටිකක් නිහඬ වෙලා ඉන්නේ. අලුත් බලාපොරොත්තුවක් එක්කනේ දැන් ජීවත් වෙන්නේ. ඒ ගැන කියමු? ඔව්. දැන් දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නේ. දැන් මාස හතරයි. ජූලි මාසේ අන්තිම වෙනකොට බබා ලැබෙයි. මුල් කාලේ වැඩවලට සම්බන්ධ වුණා. දැන් ටිකක් වැඩ කරන්න අමාරුයි. දැන් හීන දකින්නේ දුවෙක් ගැනද? මට පුතෙක් ඉන්නවා. හැමෝම කියන්නේ පුතා ඉන්න නිසා දුවෙක් ලැබෙනවා නම් හොඳයි කියලා. මම කලින් ගොඩක් ආස පුතාලට. පුතාලා දහයක් හිටියත් අහක යන්නේ නෑ. පුතෙක් ඉන්න නිසා දැන් මම කවුරු ආවත් කැමැතියි. පසුගිය කාලේ මෙඩි සිනා එක්ක ඕෂධී පේන්න හිටියා? ඔව්. මම ප්‍රහසනාත්මක නාට්‍යවලට එකතු වෙලා හිටියෙම නෑ. දෙරණ ඵබචප ජඪබර ජධථඥඤර ඵඥචඵධද එකෙයි ජූලි හතයි චිත්‍රපටයෙයි හිටිය නිසාත් මාව ඛ්ධථඥඤර පැත්තෙන් අඳුර ගත්තා. ඒ නිසා මට මෙඩි සිනා ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණා. මම ඒකේ කොටස් කිහිපයකට සම්බන්ධ වුණා. සීරියස් චරිත කරපු ඕෂධී ප්‍රහසන චරිතවලට මාර

අන්තර්ජාලය ඔස්සේ මව්කිරි විකුණන කාන්තාවට කායවර්ධන ශිල්පීන්ගෙන් දැඩි ඉල්ලුමක්

මව්කිරි කියන්නේ පුංචි ළදරුවෙක් පෝෂණය ලබන මූලිකතම ආකාරයයි. තම දරුවාට ලබාදෙන ප්‍රමාණය ඉක්මවා මව්කිරි ලැබෙන නිසා එම මව්කිරි පැකට් කර කායවර්ධන ශිල්පීන්ට මුදලට විකුණන අපූරු මවක් පිළිබඳව විදෙස් වෙබ් අඩවි වාර්තා කර ඇත.  මව්කිරිවල විශාල වශයෙන් විටමින් හා පෝෂ්‍යදායී වර්ග රැසක් අන්තර්ගත වන බැවින් අන්තර්ජාලය මගින් ඇගේ මව්කිරි සඳහා අධික ඉල්ලුමක් ඇතිවී ඇති බව සඳහන් වේ. Rafaela Lamprou නම් මෙම මව සයිප්‍රසයේ ජීවත් වන අයෙකි. ඇයගේ මව්කිරි සඳහා ඉල්ලුම අධික වීමත් සමඟ ඇය මේ වනවිට කිරි අවුන්සයකට යුරෝ 1ක මුදලක් අය කරන අතර දැනටමත් ලීටර් 500කට අධික ප්‍රමාණයක් විකුණා යුරෝ 5,000ක් පමණ ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මට දැන් හැමෝම කතා කරන්නේ දේව මෑණි කියලයි " - දේව වරමක් හිමි වූ අඹ යාළුවො හි නපුරු මෛත්‍රී කියයි

"මම මානසික ලෙඩෙක් කියලා ගෙදර අය මුලින් හිතුවේ.." "ඒ දේ නිසා පවුල් ජිවිතේ පවා මට මග හැරුණා.." අසන්ති නාලිකා කියන නම රූපය හැමෝටම හුරුපුරුදුයි.මේ නමට වඩා අඹ යාළුවො හි නපුරු මෛත්‍රී පොඩි ලොකු මහළු කාටත් මතකයි. රංගනයෙන් වගේම නර්තනයෙන් පරිපුර්ණ වූ අසන්ති රගපෑමට සමු දීලා. ඒ දෙවියන්ට යදින මෑණි අම්මා කෙනෙක් වූ නිසා. වසර හතරක කාලයක සිට ඇය භාවනාවෙන් විවිධ හාස්කම් කරනවා කියලයි ආරංචිය. හැමෝගෙම ආදරය ලබන අසන්ති ගැනයි මේ. අසන්ති කොහොමද තොරතුරු..?   හොදින් සතුටින් ඉන්නවා. නමුත් කාර්ය බහුලයි. සාමාන්‍ය මනුස්සයෙක් ජිවත් වෙනවාටත් වඩා වෙනස් ජිවිතයක් මම දැන් ගත කරන්නේ. ඒ නිසා ඒ වැඩකටයුතු එක්ක තමයි වැඩිපුරම කාලය ගෙවෙන්නේ.  අසන්ති කිව්වා ගමන්ම හැමෝටම මතක් වුණේ රංගන ශිල්පිනිය වගේම නර්තන ශිල්පිනියව. නමුත් දැන් බොහෝ දෙනෙක් ඔබව සොයාගෙන එන්නේ "මෑණි අම්මා " කෙනෙක් විදිහට කියලා ආරංචියි.. මොකක්ද ඒ කතාව..? ඔව්. මම දැන් දේව වරම් හිමි කෙනෙක්. මම නර්තනය කළ නිසා නිතරම සරස්වතී මෑණියන්ව වැන්දා. පසු කාලීනව මම භාවනාවට යොමු වුණා. පසුගිය වර්ෂ කිහිපයේම මම කැලෑවල පවා භාවනා කරන්න ගියා. ඒ

රැකියාවක් කරන ගමන් තමයි මම නිරූපණ කටයුතු කරන්නේ

Views 725 විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු කරන දිල්මිණි ඉද්දමල්ගොඩ අද "සාරවිට" තරු කතා බහට අපි සම්බන්ධ කර ගත්තේමු. වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය රංගනයට පිවිසිමේද බලාපොරොත්තුවකින් පසුවේ. නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ? 2014 වසරේදී. මනාලියන් දැක්මක් සඳහා මනාලියක් ලෙස පෙනී සිටිමින් ඊට දායක වුණා. ඒ නිරූපණ ප්‍රසංගයෙන් පස්සේ කැමැත්තක් ඇති වුණා නිරූපණය පැත්තට යොමු වෙන්නේ. ඔය විදිහට තමයි නිරූපිකාවක් වුණේ. දැනට ඔබ වැඩිපුර දායකත්වයක් දීලා තියෙන්නේ? නිරූපිකාවක් විදිහට ඡායාරූප වලට පෙනි ඉඳලා තියෙනවා. මම දැනට රැකියාවක් කරනවා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමණාකාරිණියක් විදිහට. ඉතින් ඉඩ ලැබෙන පරිදි තමයි නිරූපණ කටයුතුවලට යොමු වෙන්නේ. කොටින්ම කිව්වොත් නිරූපණ වැඩ කරන්නේ මම %හොබි^ එකක් විදිහට. රැකියාවක් කරන කොට නිරූපණ වැඩ වලට ඉඩක් වෙන් කරගන්නේ කොහොමද? කොහොමත් මම වැඩක් කරන කොට හොඳට තෝරලා බලලා තමයි ඒ වැඩේ භාර ගන්නේ. මොකද රැකියාවකට නොගැළපෙන නිරූපණ වැඩක් භාරගන්න බැහැ මට. මොන දේ කළත් මම මුලීකත්වය දෙන්නේ මගේ රැකියාවට. පාසල් අවධියේ කලාවට ඔබගේ කැමැත්තක්

මනීෂාගේ ප්‍රේමයට වසර දෙකක්

මනීෂා චංචලා කියන්නේ හැමෝගේම ආදරය දිනාගත් තරුවක්. දෙරණ ලිට්ල් ස්ටාර් තරඟය හරහා තමයි මනීෂාව හැමෝම හඳුනාගන්නේ. ඒ ළමා ගායිකාවක් ලෙසින්. මනීෂා මේ දිනවල විකාශය වන සිඳූ ටෙලි කතාවේ තෙරුණිගේ චරිතයට පණ පොවනවා. ඒ නිසාම ඇය මේ දිනවල ජනප්‍රියයි. මනීෂා කියන්නෙත් පෙම්වතියක්. ඇගේ ප්‍රේමයට වසර දෙකක්ලු. මනීෂාගේ පෙම්වතා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ තමයි සාලින්ද උෂාන්. මේ ගැන අපිට දැනගන්න ලැබු‍ණේ ඉන්සටග්‍රෑම් ගිණුමේ තිබිලා.

මගේ තාත්තත් එක්ක ගීතයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා

අයේෂා රොද්‍රිගෝ යනු ජාත්‍යන්තර මට්ටමේ නිරූපිකාවකි. නිරූපණය තුළින් මෙරට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කටයුතු සඳහාද ඇය දායක වෙයි. එමෙන්ම මෙරට නිෂ්පාදිත බොහෝ වෙළෙඳ දැන්වීම් සඳහාද ඇය දායක වී තිබේ. ඇන්ටන් රොද්‍රිගෝ නම් කලාකරුවාගේ දියණිය වන ඇය, ගායන තුළින්ද ඉදිරියේදී මුණගැසීමට නියමිතය. ඒ පිළිබඳ සහ ඉදිරි කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස %අද^ට සම්බන්ධ වූවාය. මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කළොත්? මගේ නම අයේෂා රොද්‍රිගෝ. මම මුලින්ම ෆැෂන් ඩිසයිනින් තමයි කළේ. ඒ අතරතුරදී තමයි මම නිරූපණ ක්‍ෂේත්‍රයට යොමුවුණේ. මමයි, මගේ සහෝදරයයි තමයි ආවේ. ඒ ආපු ගමන තමයි මේ වෙනකන් මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. ජාත්‍යන්තර වැඩවලට සම්බන්ධ වෙන්න ලැබෙනවා, ටී.වී. කමර්ෂල් කරනවා. ඒ දේවල්වලට අවස්ථාව ලැබුණේ මේ ආපු ගමන නිසා. දැන් නම් ලංකාවෙන් පිට තමයි වැඩ සිදු වෙන්නේ. ඒ අතර ලංකාවේන් ආරාධනා ලැබුණාම ඒවා කරලා ආයෙත් යනවා. මේ හත්වැනිදා ආපහු පැරිස්වලට යනවා. අයේෂා නිරූපණයට යොමු වෙන්නේ කොයි කාලයේද? මම නිරූපණයට එන්නේ 2012 දී. මේ වෙද්දී ටී.වී. කමර්ෂල් රැසක් කරලා තියෙනවා. චිත්‍රපට දෙකක ප්‍රධාන චරිතවලටත් ආරාධනා ලැබිලා තියෙනවා.