මේ දිනවල බොහෝ දෙනා ඇය ගැන කතා වන්නේ දෙරණේ විකාශය කෙරෙන රාවණා ටෙලි මාලාවේ ‘‘ජානි’’ ලෙස රඟපාන චරිතය නිසයි. තාර්යා රංචනා ක‍්‍රිස්ටීන් කෙනඩි ඇයගේ සම්පූර්ණ නාමයයි. ඇය කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින්නේ ‘‘තාර්යා කෙනඩි’’ නමිනි. මේ තාර්යා කෙනඩිගේ් පියා ස්කොට්ලන්ත ජාතික පුරවැසියෙකි. ඒ සම්භාවය ගැන සහ කලා ක්ෂේත‍්‍රයේ අනෙකුත් විස්තර තාර්යා සඳැල්ලට කීවේ මෙලෙසිනි. ‘‘තාර්යා’’ ඔබගෙ නම ගැන මුලින්ම අපට කිව්වොත්? එය රුසියානු නමක්. තන්යානා කියන නමින් විකාශය වූ නාමයක්. එතකොට ඔබගෙ තාත්තා ස්කොට්ලන්ත ජාතිකයෙක්? අම්මා? ඔව්, තාත්තා ස්කොට්ලන්ත ජාතිකයෙක්. අම්මා ශ්‍රී ලාංකීය කාන්තාවක්. ඒ දිනවල ගල්කිස්සෙ ක‍්‍රිස්ත‍්‍රියානි පල්ලියට යනxඑන කොට තමයි දෙන්නා දැන හඳුනාගෙන තියෙන්නෙ. ඉන්පසුව පෙමින් වෙලී එයාලා විවාහ වෙලා. ඒක හරි සුන්දර ආදර කතාවක්. ඒ ආදර කතාවේ ප‍්‍රතිඵලය තමයි මම තාර්යා. ඒ කියන්නෙ පවුලේ එකම දරුවා ඔබ ද? ඔව්. තාර්යා ස්කොට්ලන්තයට ගිහින් තියෙනවාද? ඔව්, එහෙ යනවාxඑනවා. එහේ අපේ ඥාතීන් ඉන්නවා. තාත්තාගේ ඥාතීන් මාව රූපවාහිනියෙන් දැකලා මා ගැන සොයාxබලා සතුටු වෙලා තියෙනවා. දැන් තාත්තා මොනවද කරන