Skip to main content

Posts

Showing posts from April, 2019

2018 A/Lවිභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ නැවත සමීක්ෂණය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස සිය විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගත හැකි බවයි. 2018 උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 68,009 දෙනෙකු නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර තිබූ බව සඳහන්. ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් ඇත්නම් නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ 0112 784 208 යන දුරකතන අංක අමතා තොරතුරු ලබාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ලොරි රථයක් පොලොන්නරුවෙන් සොයා ගනී

පාස්කු ඉරිදා (21) සිදු වු බෝම්බ ප්‍රහාරයට අවශ්‍යකර තිබු EP-PX 2399 දරණ ලොරි රථය සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලොන්නරුව සුන්ගාවිල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත. Source-Ada Derana

‍ෆේස්බුක් තහනම ඉවත‍ට...

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ආදී සමාජ මාධ්‍ය ජාල සඳහා පණවා තිබූ අවහිරතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති තුමා උපදෙස් දී ඇති බව රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි. - අද දෙරණ

අර්ජුන ඉල්ලා අස්වෙයි.

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබා දීම සඳහා අර්ජුණ රණතුංග අමාත්‍යවරයා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අද පැවති ආණ්ඩු පාක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී. මේ වන විට අමාත්‍ය මණ්ඩලය 30 වන බැවින් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධූරය ලබා දීමට නම් එක් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්විය යුතු වනවා. ඒ සඳහා අර්ජුන රණතුංග අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන්ම කැමති වූ බවයි Facebook සටහනක් තබමින් ආශු මාරසිංහ මන්ත්‍රීවරයා සඳහන් Source- Citizen.lk 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සැකකරුවන් 44ක්

පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 44 ක් රහස් පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් ප්රශ්න කරන ලදී. Source- Ada Derana.

පැය 24 ක ජල කප්පාදුව

කඩවත සිට කිරින්දවිට සිට ගනේමුල්ල දක්වා ප්‍රදේශයේ පැයැ 24ක් ජලය සැපයීම අත් හිටුවනු ඇත.මෙය අද සවස 6 සිට හෙට සවස 6 දක්වා කාලයේදි සිදුවේ. Source - Ada Derana

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපතිවරයෙක් පත්වෙයි

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ.  Source- Citizen.lk     

මවගේ ගබ්සාව නතර කළ අපුරු දරුවා

පෙර භවය හෙළි කළ දරුවන් මගින් අනාවරණය වු අතිශය පුදුම උපදවන සිදුවීම් රැසක් පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට එක් වී මව්වරුන් මුහුණ දුන් සිදුවීම් නිවැරදිව අනාවරණය කළ දරුවෝ සිටිති. මව ගැබිනි අවස්ථාවේ සිටියදී මවට ඇති වන හැඟීම් සහ දැනීම් කුස තුළ සිටින දරුවාට සම්බන්ධව ඇති වන බැව් ඇතැම් සිදුවීම් මගින් හෙළි වේ.    තම කුස තුළ සිටින දරුවා​ගේ කළලය විනාශ කිරීමට මවක් කර ගත් උත්සාහයක් හෙළි කළ අතිශය පුදුම සිදුවීමක් මීට වසර කිහිපයකට උඩ දී පින්ලන්තයෙන් අනාවරණය විය. එම දරුවාගේ උපත සිදු වුයේ 1976 වසරේදීය. ඒ පිළිබඳව සිදු කළ මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණය මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ චාරිකාවකට ද ඇතුළත් කර තිබේ.    මව් කුස තුළ දරුවෙකු පිළිසිඳ ගෙන සිටිය දී මවගේ හැසිරීම් රටා සහ ඇගේ සිතුම් පැතුම් එම දරුවා මගින් හෙළි වූ අවස්ථා පිළිබඳව ද පර්​ෙ‌ය්ෂණවල දී අනාවරණය වී ඇත. ඒ සමගම මවට ඇති වන හැඟීම් සහ දැනීම් දරුවාට බලපෑ අවස්ථාවන් යනුවෙන් ද මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ අතර දක්නට තිබේ. කුස තුළ සිටි දරුවාත් මවත් අතර පවතින මානසික සබඳතාව ප්‍රබල සාක්කි ලෙස හෙළි පුනර්භව සාධක රැසක් ඇත.    පෙර භවය හෙළි කළ දරුවා මව් කුස තුළ සිටිය

පෙම්වතිය බැලීමට පා පැදියෙන් යුරෝපයට ගිය ඉන්දියානු තරුණයා

1949 දී ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ අත්මල්ලික් ප්‍රදේශයේ දී ප්‍රද්යමුනා කුමාර් මහනන්දියා නැමැත්තෙකු උපත ලැබුවා. මහානන්දියාගේ දෙමාපියන් අලුත උපන් බිළිඳාගේ ජන්ම පත්‍රය සෑදීම සඳහා අත්මල්ලික් හි සිටි කීර්තිමත් ජෝතීර්වේදියෙකු ළඟට යෑමට තීරණය කරනවා. මහනන්දියාගේ උපත සහ පරිසරයේ තිබූ වෙනස් භාවයත් සැලැකිල්ලට ගනිමින් මෙම ජෝතීර්වේදියා පළමු අනාවැකිය පළ කරන්නට සමත් වුණා. ඒ මේ දරුවා වර්ණ සමග ජීවිතය ගොඩනඟා ගන්නා බව පවසමින්. එය සත්‍යයක් වන්නට පටන් ගත්තේ මහනන්දියා වයසින් වැඩෙද්දී ම චිත්‍ර ඇඳීමට මහත් ආශාවක් ඇති වීම නිසයි. දිනක් මහනන්දියාට නොසිතු දෙයකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ නයෙකුගේ දෂ්ටනයකට ලක් වීම යි. ප්‍රතිකාරවලින් පසු ව මහනන්දියාව දෙමාපියන් නැවතත් කුඩා කළ අනාවැකි පළ කරන ලද ජෝතීර්වේදියා වෙත ම රැගෙන ගියේ ඔහුගේ අනාගතය කුමක් වේවි ද යන්න නිශ්චිත කර ගැනීම සඳහා යි. ජෝතීර්වේදියා මහනන්දියාගේ ජන්ම පත්‍රය පරික්ෂා කර බලා අනාවැකියක් පළ කළේ සිත් ඇද ගන්නා සුළු කතාවක් ද සමගිනුයි. ඔහු ජීවත් වෙන ගමෙන්, ප්‍රාන්තයෙන්, රටින් ගොඩාක් දුර බැහැරක සිටින තරුණියක් හා ආදරයෙන් බැඳෙන බවත්, අැය සමග මහනාන්දියා විවාහ වෙන බවත් ජෝ

ෂෝක් වස්ති

ලංකාවේ ජනප්‍රියත්වයෙන් අංකඑකේ Youtube Channelඑක මොකක්ද කියලා ඇහුව්වොත්... තාරුණ්‍යයේ ගොඩාක්දෙනාගේ උත්තරය “වස්ති. ඒ නිසාම අපිට ඔවුන්ව අලුතින් හඳුන්වා දෙන්නනම් ඕනේ නෑ... වස්තිලාගේ Channelඑකේ Subscribeම ලක්ෂ පහකට අධිකයි. වස්ති අලුත් වීඩියෝ එක ගැන තමා අද Youtube Hitවලින් කතා කරන්නේ.  Arabic vs Sri Lanka “විල්පත්තුව මේ වෙනකොටත් ගොඩාක් දෙනෙක් බලලා ඉවරයි. ගොඩාක් දෙනෙක් කියන්නේ මිලියන එකයි දශම පහක් Views. මේ Videoඑකට like හැටහතර දහසක් විතරත් තියනවා. සාපේක්ෂව ලංකාව වගේ රටක මේක සුපිරි තත්ත්වයක්. මේ වීඩියෝ ගැන කතා කරනකොට වස්තිලගේ කවදත් තියන ප්‍රහසනය මේකේ අන්තර්ගතයි. ඒවගේ සමාජේ සමහර තැන්වලට පහරක් දෙකක් ගහනවා සැරට. ඒ වගේම ඇඟටපතට නොදැනෙන්න. අරාබි ජතිකයෝ හා ශ්‍රී ලංකිකයෝ අතර සැසඳීමක් මෙහිදී සිද්ධවෙනවා. සිදුවීම් කිහිපයක් හරහාම තමා කතාවක් ගොඩනැගෙන්නේ... ඍජු වගේම වක්‍රව සමාජ ශෝධනයක් මේ හරහා සිදුවෙනවා කිව්වොත්  හරි.වස්ති විඩියෝ Youtube Hit බවට පරිවර්තනය වීම අලුත් දෙය නෙවෙයි. නමුත් පහුගිය කාලේම වෙළඳ දැන්වීම් ස්වරූපයේ වීඩියෝ තමයි වස්තිලා නිර්මාණය කළේ. මේ වීඩියෝ එක කාලෙකින් ආව හොඳ වස්ති Productionඑ

කෝටි 200 උපැයූ ‘කේසාරි’

ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක ‘කේසාරි’ චිත්‍රපටය මේ වනවිට ඉන්දීයරුපියල් කෝටි 200ට ආසන්න ආදායමක් උපයාගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් කෝටි 153ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. එය මේ වසරේ මේ දක්වා තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් තුන්වැනි චිත්‍රපටය වේ. ‘යූරි’ හා ‘ටෝටල් දමාල්’ චිත්‍රපට ‘කේසාරි’ චිත්‍රපට ඉදිරියෙන් සිටියි. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 200ට වඩා වැඩි ආදායමක් උපයන ලකුණු දැනටමත් පෙන්වමින් සිටින බවය.

කත්‍රිනා නිවාඩුවට මාලදිවයිනට ගිහින්

දිර්ග ලෙස රූපගත කිරිම්වලට පසුගිය කාලයේ කොටු වී සිටි කත්‍රිනා කයිෆ් නිවාඩුවක් ගත කිරීම සඳහා මාලදිවයිනට පැමිණ තිබෙන බව සඳහන් වේ. දින 4ක කාලයක් ඇය මාලදිවයිනේ රැඳි සිටින අතර, ඇය සිය ‘ටිවිටර්’ ගිණුම හරහා සටහනක් තබා ඇත්තේ ‘එකදිගට වැඩ කිරිමෙන් පසුව ලැබුණ කෙටි නිවාඩුවක්’ යනුවෙනි. කත්‍රිනා මෙසේ මාලදිවයිනට පැමිණ ඇත්තේ සිය මිතුරියන් කිහිප දෙනෙකු සමගය. පසුගිය කාලයේ ඇය සල්මාන් ඛාන් සමගින් අබුඩාබියේ රැඳි සිටි අතර, ඒ ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වෙනුවෙනි.

කලා ගමේ අවුරුදු 2019