ඇගේ හඬ නෙලූ අධිකාරි මෙන්ම රුව ද ඔබේ මතකයේ රැුඳී ඇති බව නොරහසකි. දක්‍ෂතාවෙන් පරිපූර්ණ ප‍්‍රවීන ගායන ශිල්පිනියක ලෙසින් නෙලූ ගැන කතා කිරීමට බොහෝ දේ ඇතත් මා අද ඇය මුණගැසුනේ දින දින තරුණ වෙන්න මොනවාද කරන්නේ කියා දැන ගැනීමටය. ‘‘මම ඔය කියන තරම් ලස්සනද?’’ කට පුරවාගත් සිනහවෙන් ඇය කතාවට මුල පිරුවේ එලෙසය. ලස්සන වෙන්න කියලා නම් ලොකු ලොකු දේවල් කරන් නෑ. නමුත් මා කාන්තාවක් ලෙසට පිරිසිදුව, ප‍්‍රියමනාපව, පිළිවෙළට සිටීමට නම් නිරතුරුවම උත්සහ කරනවා. කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවා ද? ඔව්. ලස්සන වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් කාන්තාවකගේ තිබිය යුත්තේ සුන්දරත්වය. කාන්තාව කියන කෙනා වර්ණනා කිරීමේ දී ඒ වචනය තුළ සුන්දර බව, ප‍්‍රියමනාප බව, පිරිසිදුකම, හැදියාව, චාම් බව මේ හැම දේම ගැබ්වෙලා තියෙනවා. ඒ හැමදේම ආරක්‍ෂා කරගන්නවා කියන්නේ අපි ඉබේම ප‍්‍රියමනාප කෙනෙක් වෙන එක. ම්... තව දෙයක් තමයි ආසියානු රටවල ජීවත් වන අපි බොහෝ විට හිතනවා විවාහය, දරුවන් ලැබීම, වයසට යාම කියන කරුණු එක්ක කාන්තාවට වටිනාකමක් නැහැ කියා. නමුත් අපි ජීවිතයේ විවිධ සන්ධිස්ථානවලදී මනසින්, සිතුවිලිවලින් අපි අපිටම වටිනාකමක් ...