පොඩි මල්ලි, චූටි මල්ලි කියන්නෙ අද ලංකාවේ ගොඩක් ජනප‍්‍රිය චරිත දෙකක්. මේ දෙන්නා හා හා පුරා කියලා පේ‍්‍රක්ෂකයන් හමුවට ආවෙ අපි නොදන්න ඛසඩැ එහෙමත් නැත්නම් අ.ල. වැඩසටහන හරහායි. අපි නොදන්න ඛසඩැ කියන්නේ විනෝදය සිනහව පිරුණු අමුතුම ආරක් ගත් රූපවාහිනී වැඩසටහනක්. එදා එය කොයිතරම් ජනප‍්‍රිය වුණාද කියනවා නම් ලොකු කුඩා හැමදෙනා අතරම පොඩි මල්ලි, චූටි මල්ලි චරිත දෙක තදින්ම පැලපදියම් වුණා. ඔවුන් දෙදෙනාගෙ ඒ කොමඩි වැඩ රූපවාහිනියට පමණක් සීමා වුණේ නෑ. ගුවන් විදුලිය හරහාත් රසික සිත් අතරට පැමිණියා. ඒ විතරක් නෙමෙයි. සූර පප්පා, කව්ද බෝයි, ස්කූබි ඩූ, ගාර්ෆීල්ඕ, සූටිං මාටිං වැනි ජනප‍්‍රිය කාටූන් සහ ළමා චිත‍්‍රපටි කීපයක් ද හඬ කැවීම් ශිල්පීන් ලෙස මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද දායකත්වය සැපයුවා. ඒ හැමදේ එක්කම ඉදිරියට යන මේ දෙන්නා අලූත් වැඩකට අත ගහලා. ඒ තමයි ර්‍ණඅපි නොදන්න ඛසඩැ දබ ිඒටැ කියන ප‍්‍රසංගය. ඒ ගැන කියන්න චූටි මල්ලි වන සුනෙත් චිත‍්‍රානන්ද සැඳැල්ලට එකතු වුණා. මොකක්ද මේ අලූතින්ම කරන්න සූදානම් වෙන්නෙ? චූටි මල්ලි, පොඩි මල්ලි සජීවි හාස්‍ය ප‍්‍රසංගයක් කරන්න සූදානම් වෙන්නෙ. අපි මුලින්ම මේ ප‍්‍රසංග