Skip to main content

Posts

Showing posts from March, 2016

ඩොලරය ඉතිහාසයේ ඉහළම තැනට නඟී

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ 150 සීමාව පසු කළා. දිනය අවසානයේදී එහි විකුණුම් මිල සටහන් වූයේ 150.54 ක් ලෙසයි. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 146.52 ක් ලෙසටයි. රජය මගින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමත් සමඟ මෙලෙස රුපියලේ අගය පිරිහෙමින් පවතින බවයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ.

පිරිමි පාසලක කොල්ලො සෙට් එකක් කැත වැඩේ

නුගේගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් මහරගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක තාප්පයේ ඔවුන්ගේ පාසලේ නම තීත්තවලින් ඇඳ තිබෙනවා. මේ හේතුවෙන් අපහසුතාවට පත්වූ මහරගම පාසලේ සිසුන් විසින් පසුව සුදු තීන්ත ආලේප කරමින් එය මකා දමන අයුරු මෙසේ කැමරාවේ සටහන් වී තිබුණා. එම ඡායාරූප පහතින්... source: Hiru Gossip

ෆේස්බුක් සටහනක් දමා ලොවෙන් සමුගත් දෙව්මිගේ කතාව

‘‘සිහින නෑ, දුකකුත් නෑ, මගේ ජීවිතයට ආදරෙත් නෑ‘‘ ආදරය කරනකොට ඇතිවෙන සමහර ප්‍රශ්නවලට මිනිස්සු විසඳුම් හොයන්නේ ජීවිතේ එක්ක සෙල්ලම් කරලා. ඒත් එයාලා දන්නේ නෑ තමන්ට ආදරේ කරන්න මේ ලෝකේ තවත් අය ඕනි තරම් ඉන්නවා කියලා. ඒ නිසා ඉක්මන් වෙලා ඔවුන් ගන්න සමහර තීරණවලින් විඳවන්න ඒ අයගේ ළඟින් ඉන්න මිනිස්සු. ඒ විදියට ආදරය නිසා මේ ලෝකේ දාලා ගියපු තරුණියක් තමයි දෙව්මි කියන්නේ. එයාගේ යාළුවෝ කියලා තියෙන විදියට මෙයා තරුණයෙකුට ආදරය කරලා තියෙනවා. ඒත් ඔහු මෙයාව ප්‍රතික්ෂේප කරපු නිසා දෙව්මි එයාගේ ජීවිතේ නැති කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇයගේ මේ හදිසි මරණය ගැන ගොඩදෙනෙක් ඉන්නේ තාමත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව. මේ විදියට දෙවුමිගේ මරණය සිද්ධ වුනේ එයා යාළුවෙලා හිටපු තරුණයා නිසා කියලා යාළුවෝ ගොඩදෙනෙක් ඔහුට දෝෂාරෝපණ එල්ල කරලා තිබුණා. දෙව්මි මේ ලෝකෙන් සමුගන්න කලින් එයාගේ ෆේස්බුක් ගිණුමෙත් මරණය ගැන ගොඩක් දේවල් දාලා තිබුණේ තමන් මැරුණු දවසට මිනිස්සු හැමෝම එයාට ආදරෙයි කියලා. මොනදේ වුනත් ආදරේ වෙනුවෙන් ජීවිතේ නැතිකරගන්නවට වඩා තමන් ළඟින් ඉන්න අයත් එක්ක සතුටින් ජීවත්වෙන එක තමයි හොඳ කියලා මෙයාටත් කියලා ද

චතු පබාට ටෙලි නාට්‍යට ගොඩක්

මේ දිනවල විකාශය වන සඳුන් රාජකරුණාගේ 'උතුම් පැතුම්' ටෙලි නාට්යුයේ 'කල්පනී' ලෙස බොහෝ දෙනා අතර, ජනප්රිලයව සිටින චතුපබා දිල්හාර නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් නිළියක බවට පත්ව සිටියි. මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්ර්යට අවතීර්ණ වූ චතූපබා දැනට ටෙලි නාට්යක, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා රැසකටද සිය රංගන දායකත්වය ලබාදී තිබේ. ඉදිරියේදී සිනමාවටද එක්වීමේ සූදානමකින් සිටින ඇය සමග මෙවර 'සාරවිට' අපි කතාබහ කළේමු. "මේ දිනවල ටෙලි නාට්යම කිහිපයකම රූගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.ඒ අතර තවමත් විකාශය වන සිරස නාළිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලි නාට්යායේ වගේම දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'අංකල් සෑම්' ටෙලි නාට්යීවල මම රඟපානවා. මේ ටෙලි නිර්මාණවලට අමතරව මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්යෙ කිහිපයක්ම ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. බොහෝ විට සමන් කුමාරගේ 'එරන් ලන්දු' හා අනුර ධනන්ජිත්ගේ 'දහස් පෙති' කියන ටෙලි නාට්යද ඉතා ඉක්මනින් විකාශය වෙන්න පුළුවන්. ඒ අතර මම සුමුදු වෙල්ලාලගේ තවත් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා

මේක මට ලැබුණු පළමු සම්මානය

"උතුම් පැතුම්" ටෙලිනාට්‍යය තුළින් බොහෝ රසික සිත් සතන් උන්මාදයට පත්කළ "උත්පලා" චරිතයට පණපොවන ඉෂාරා සඳමිණිට පසුගියදා "වසරේ ජනතාවගේ නිළිය" ලෙස සම්මානයට පාත්‍රවිය. ඇය ඒ පිළිබඳව හඬ අවධි කළේ මෙලෙසිනි. "ඇත්තටම කියන්න තියෙන්නෙ ගොඩාක් සතුටුයි. රංගන ජීවිතය තුළ මට ලැබුණු පළමුවැනි සම්මානය. ඒදේ ජනතාව ලබාදුන් සම්මානයක්. විශේෂයෙන් කියන්න ඕනේ මේක ඇත්තටම බලාපොරොත්තුවෙන් නෙමේ ගියේ. ගොඩාක් වෙලාවට ජනතාවගේ රංගන ශිල්පිනිය ලෙස සම්මාන දෙන්නේ, ගොඩාක් අවස්ථාවලදී SMS හෝ Postcard දාලයි. නමුත් මේ සම්මාන උලෙළේ තිබෙන විශේෂ දේ තමයි ඒ අය ඒ ඒ පළාත්වලට ගිහින් ජනතාවගේ කැමති නළුවා නිළිය අහලා සමීක්ෂණයක් කරලා තමයි මේ සම්මානය දෙනු ලැබුවේ. මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මම යම් දෙයක් කළා කියන සතුට මට මුලින්ම දැනුණ වෙලාව තමයි මේ සම්මානය ලැබුණු මොහොත. මොකද මේදේ ගොඩක් සාධාරණව ලැබුණු දෙයක් කියලා තමයි මට හිතෙන්නෙ. අපි කොයි දේ කළත් අපට මුදලක් ලැබෙනවා තමයි. නමුත් වෙන රස්සාවක් කරනවාට වඩා අපට අපිවම රූපවාහිනිය තුළින් නැවත දකින්න හම්බවෙනවා. ඒදේ බලලා මිනිසුන් පිළිගත්තොත් තමයි නිර්මාණය සාර්ථක වෙන්නේ. ඒ වගේම ඒ

අලුත් ගීතය නටන්න පුළුවන් එකක්

ගීතයේ වෙනස්ම ශෛලයක් හොවා දක්වමින්, වේග රිද්මයක් එම ගීතවලට එක් කරමින් රසිකයන් පිනවූ ඇය බොහෝ දෙනා ආදරය කරන චරිතයකි. ඇය නමින් සුරේනි ද මෙල් වන අතර, ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය. "මේ දවස්වල මම සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙනවා. ඉස්සරහට සිංහල අවුරුදු නිසා දැනට ගොඩක් සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ප්‍රසංග සඳහා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දේවල් කරන ගමන් අලුත් Track එකක් කරලා තියෙනවා. ඒ Track එකත් ලැබෙනකන් වැඩි විස්තරයක් කියන්නේ නැහැ. මොකද Track එක හරියට අතට ආවට පස්සෙ මගේ රසිකයන්ව ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඒකට වීඩියෝ එකකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නටන්න පුළුවන් වේග රිද්ම ගීතයක් වේවි. ඊට අමතරව වසන්ත දුක්ගන්නාරාළගේ ලොකු ප්‍රසංගයක් පැවැත්වෙනවා දෙවැනිදා ඉතිං ඒ සඳහා සහභාගී වෙන්න තියෙනවා. ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ඉවර වෙච්ච Track එකත් එක්ක තවත් Track එකක් කරන්න සැලසුම් කරගෙන යනවා." ඡායාරූප සුරේනි ද මෙල්ගේ ෆේස්බුක් ගිණුමෙන්

පියුමි සිරිනායක Photoshoot

ෆැලන් මිෂෙල් Photoshoot

බිලියන 149 ක සුපිරි විවාහ උත්සවය

අද කාලෙ වෙඩින් එකක් ගන්නවා කියන්නෙ එසේ මෙසේ වැඩක් නෙවෙයිනෙ. ලක්ෂ ගාණක් වියදම් වෙන වැඩක්. ලක්ෂ කීයක් වියදම් වුනත් කෝටි ගානක් වියදම් වෙන්නෙ නම් නැහැනෙ ඉතිං. හැබැයි මේ කියන්න යන වෙඩින් එකට නම් කෝටි ගණන් නෙවෙයි බිලියන ගානක් වියදම් වෙලා. හරියටම කියනවා නම් රුපියල් බිලියන 149 ක්. ඇස් උඩ ගියාද? රුසියාවේ මොස්කව් නුවර පැවති මෙම විවාහ උත්සවය එරට බිලියනපතියෙකුගේ පුතෙක්ගේ විවාහ උත්සවයක්. 28 හැවිරිදි Gutseriev මෙසේ විවාහ වූයේ 20 හැවිරිදි Khadija Uzhakhovs සමගිනුයි. මේ විවාහයට මේ තරම් මුදලක් වියදම් වුනේ ඇයි කියලා හිතනවා නම් ඒකට හේතු රැුසක්ම තියෙනවා. විවාහ උත්සවය රසවත් කරන්න ආපු ගායකයෝ අපි මෙහේ ටිකට් ගහලා මාස ගානක් ටීවී ඇඩ් දාලා අමාරුවෙන්වත් ගෙන්න ගන්න බැරි ගායක ගායිකාවන් තමයි මේ විවාහයට ඇවිත් හිටියේ. ඒ තමයි සුපිරි ගායක යුවලක් වන Jennifer Lopez හා Enrique Iglesias. බොර තෙල් ව්‍යාපාරිකයෙකු වන මෙම තරුණයාගේ පියා සතුව ඇති ධනස්කන්ධය ඔබට හිතාගන්නත් අමාරු ඇති නේද. විවාහය පැවැත්වුන උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම හැඩගැන්වා තිබුනේ ස්වාභාවික මල් වලින්. ඒ වගේම තමයි ඉතා සියුම් අලංකාර විදුලි බුබුළු ලක්ෂ ගණනාව

අමායාගෙයි මගෙයි අතරේ එහෙම සම්භන්ධයක් නැහැ

අතුල – අමායා වෙන්වීමත් එක්ක දෙරණ ඩී‍්‍රම්ස්ටාර් තුළින් ක්ෂේත‍්‍රයට පැමිණි තරුවක් එක්ක අමායාගේ සම්භන්ධයක් ඇති බවට කතාවක් පැතිර ගියා. මේ ගැන ගොඩක් දෙනෙක් කතා බහ වුනාට ඒ ගැන ඇත්ත නැත්ත තාම හරියටම දන්නෙ නැහැනෙ. අමායා ආයෙත් මෙහෙම සම්භන්ධයක් ඇතිකරගෙන තියෙනවා කියන්නෙ හර්ෂ ධනෝෂ් එක්කයි. හර්ෂ නම් කියන්නෙ ඒ දෙන්නා අතර එහෙම සම්භන්ධයක් නම් නැහැ කියලයි. ” ඔය කතා ගැන මට නම් කියන්න දෙයක් නැහැ. ඒ ගැන අහන්න ඕනෙ ඔය කතා පතුරුවන අයගෙන්ම තමයි. අමායා කියන්නෙ ක්ෂේත‍්‍රයේදී දැන හදුනගත්ත මිතුරියක්. එයත් එක් ගමනක් බිමනක් ගියාම, එකට ඉදලා පොටෝ එකක් ගත්තම ඒකේ කියන්න තරම් මහලොකු දෙයක් නැහැ. අපි එකට සංගීත කටයුතු වල යෙදෙනවා. හොද යාළුවො විදිහට එකට ගමන් බිමන් වල යෙදෙනවා. එතනින් එහාට දෙයක් අපි අතරේ නැහැ.” හැබැයි අමායා නම් මේ ගැන වහෙන්ඔරෝ වෙන වෙන කතාත් කියලා තිබුනා. කොහොම උනත් අපි බලන් ඉමුකෝ මොනවද වෙන්නෙ කියලා.