සැනට් දික්කුඹුර කියන්නේ වේදිකාවෙන්, සිනමාවෙන්, වගේම පුංචි තිරය හරහා රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් කලාකරුවෙක්.කලාව වෙනුවෙන් සෑමදෙයක්ම කැපකලත් අන්තිමට උරුම වෙන්නේ බොහොම කටුක ජීවිතයක්.තමන් ගෙවන දුෂ්කර ජීවිතය ගැන ඔහු පුවත්පතකය කියලා තිබුනේ මේන්න මේ විදියට... දශක ගණනාවක් තිස්සේ කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ඔබට වෘත්තීය නළුවකු ගෙවන ජීවිතය මොන විදිහටද දැනෙන්නේ ? වෘත්තීය නළුවෙක් විදිහට මම බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මේ වෙනකොට ගත කරන්නේ. සමහර වෙලාවට එදාවේල හරිහම්බ කරගැනීම පවා මට අද විශාල ගැටලුවක් වෙලා. රඟපෑමට අවස්ථා යහමින් ලැබෙනවා නම් අතමිට සරු නොවී තියෙන්නේ නැහැනේ. රංගනයට ලැබෙන ආරාධනා අඩු නිසාද ජීවිතය එතරම් දුෂ්කර වෙලා තියෙන්නේ. මම කවදාවත් රඟපාන්න අවස්ථා ඉල්ලාගෙන යන කෙනෙක් නෙමයි. මා ගැන දන්නා අය අදටත් මාව නිර්මාණවලට සම්බන්ධ කර ගන්නවා. හැබැයි වැඩිපුර රඟපෑවා කියලා මට ගොඩක් සල්ලි හම්බ කරන්න බැහැ. ඇයි ඒ ? සමහර නිෂ්පාදකවරු මුදල් නොගෙවා පොලු තියනවා. ඒ විදිහේ අත්දැකීම්වලට තමයි මට හුඟක්ම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විදිහේ දුෂ්කරතා මැද කොහොමද ජීවිතේ ගැට ගහගන්නේ ? මට ණයට කෑම බිම දෙන ක