කලාවට අලුතින් එක්වුණු නයන්තාරා ගැන අපි විස්තර ටිකක් කියමුද... ? මගේ නම අබේසිංහආරච්චිගේ සෙව්වන්දි නයන්තාරා. මම පවුලේ වැඩිමලා. අපේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි, මමයි විතරයි. මගේ තාත්තා කොළඹ ඉසිපතන විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරනවා. තාත්තගේ නම ගාමිණි රම්‍යකුමාර මගේ අම්මා ගෘහණියක්. මගේ අම්මගේ නම නිරෝෂා ප්‍රියංගනී. මගේ ලොකු මල්ලී විහංග සංකල්ප. පොඩි මල්ලි හිරුණ නිර්මාණ. පොඩි මල්ලී කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය හදාරණවා. නයන්තාරා ඉගෙන ගත්තේ මොන පාසලේද... ? මම පාසලේ තුනක ඉගෙන ගන්නා. මුලින්ම කොළඹ සංඝමිත්තා බාලිකා විදුහලෙනුත් දෙවනුව කොළඹ ගෝතමී බාලිකාවෙනුත් ඉගෙන ගත්තා. උසස් පෙළ විභාගයට මම කොළඹ සිරිමෝ බණ්ඩාරනායක විදුහලට ඇතුළත් වුණා. පාසලේ නයන්තාරා මොන වගේ චරිතයක්ද... ? පාසලේදී මම ගොඩාක් කලාවට බර චරිතයක්. උසස් පෙළ කලා අංශයෙන් තමයි මම හැදෑරුවේ. පාසලේදී සංගීත කටයුතුවලට වගේම නාට්‍ය අංශයටත් මම ඉදිරිපත් වුණා. ගෝතමී විද්‍යාලයේදී මම කලා කටයුතුවලට බොහෝම සම්බන්ධ වුණා. පාසලේදී මම දඟම චරිතය කියන්නත් බැහැ. හැබැයි දඟ නොකළා කියලා කියන්නත් බැහැ. යාළුවෝ එක්ක එකතු වුණාම ඉතින