Skip to main content

Posts

Showing posts from April, 2016

මරණයේ නිම්නයේ ඇවිදින ගල්වල අභිරහස හෙළි වූ අයුරු (Video)

විද්‍යාව අතින් කෙතරම් දියුණු වුවද, නූතන තාක්ෂණයේ බල මහිමය හමුවේද තවමත් අබිරහසක් ලෙස පවතින ස්වභාව ධර්මයේ විශ්මිත නිමැවුම් හා ක්‍රියාකාරකම් බොහෝය. අපරිමිත වූ මෙම විශ්මිත අබිරහස් ලැයිස්තුවේ පෙරමුණේ පසු වූ එක් අංගයක් ලෙස සලකන ලද්දේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ “ඩෙත්වැලි” (මරණයේ නිම්නය) ලෙස හැඳින්වෙන සිඳී ගිය ජලාශයක් මත නිරන්තරයෙන් දැකිය  හැකි වූ ඇවිදින පර්වතය. රාත්තල් හත්සියයද ඉක්මවූ දැවැන්ත බරකින් යුතු ඇතැම් පර්වතයන් මෙලෙස මෙම වියළී ගිය කාෂ්ඨක භූමිය ඔස්සේ කිසිදු බාහිර බලවේගයක බලපෑමකින් තොරව ඇදී යන ලද්දේ ඇතැම් විටක අඩි හයසියයක් පමණ දිගු වූ මංතීරුවක් ද වියළි ‍පොළව මත පැහැදිලිව සටහන් කරමිනි. මතෛක් කලක්, ශතවර්ෂයකට ආසන්න කාලයක් විද්‍යාඥයන් පෙලූ කුතුහලය නිමාවට පත් කරමින් ඇවිදින ගල් පිටුපස සැඟවුණු විජ්ජාව හෙළි කර ගැනීමට පසුගිය දිනකදී නාසා ආයතනයේ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය රැල්ෆ් ලෝරන්ස් සමත් විය. ඒ සිය මුළුතැන්ගෙය තුළදී සිදු කරන ලද සරල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසය. ස්මිත් සෝනියන් සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී සිය සොයා ගැනීම පිළිබඳ පැහැදිලි කරමින් මහාචාර්ය ලෝරන්ස් කියා

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

මනෝ විද්‍යා උපදේශක  සුරංග අමරකෝන් සිනමාව යනු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකි. මෙම මාධ්‍යය තුළ විවිධාකාර සිනමාපට බිහිව තිබේ. කලාත්මක, වානිජ හා මේ දෙක අතරමැද සිනමාව ආදී වශයෙන් මේවා විචාරකයන් විසින් වර්ග කරනු දක්නට හැකිය. මේ ත්‍රිත්වය තුළම ලිංගිකත්වය නිරූපණය කරන චිත්‍රපටද අනන්තවත් අපට නරඹන්නට ලැබේ. නමුත් මේ සියල්ලටම වඩා මේ කාලයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ එහෙත් සමාජය තුළ විවෘතව කතාබහට ලක්නොවන නමුත් සමාජයට, සංස්කෘතියට, සදාචාරයට දැඩි බලපෑමක් කරන චිත්‍රපට විශේෂයක්ද ඇත. එනම් අන්තර්ජාලය හරහා බොහෝ දෙනකු ගොදුරු කරගනිමින් සිටින නිල් චිත්‍රපට හෙවත් අසභ්‍ය චිත්‍රපට ධාරාවයි.  කලාත්මක හෝ වාණිජ චිත්‍රපට ගැන පමණක් නොව වත්මන් සමාජයට දැවැන්ත බලපෑමක් කරමින් සිටින මෙවැනි ධාරාවන් ගැනද සංවාදයක් අවශ්‍ය යුගයකට අප පිවිස ඇති බවක් හැඟේ. මනෝ චිකිත්සකවරයකු ලෙස මගේ අත්දැකීමට අනුව නම් අපේ රටේ තරුණ මෙන්ම වැඩිහිටි පරම්පරාවටත් ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නෑ. ඒ පිළිබඳව ලියැවුණු ‍පොත්පත්ද බොහෝවිටම ඇත්තේ නෑ. වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය ශිෂ්‍යයන්ට අවබෝධ කර ගත හැකි, ගැඹුරු ඉංග්‍රීසියෙන් ලියැවුණු ‍පොත්පත් තිබුණත්

පිරිමි සිතේ අනවශ්‍ය හැඟීමට කතක් දුන් හදවත නැවතුණු උත්තරයක්

පිළියන්දල දම්පේ පැත්තේ බොල්ගොඩ ගඟ කිට්ටුව නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවුණේ පහුගිය අප්‍රියෙල් 17 වෙනිදා. එයා ගාව තිබිලා යතුරු කැරැල්ලක් පොලිසියට හමුවුණත් එතනින් එහාට මේ මළ සිරුර ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා. පසු ගිය 26 වෙනිදා ඒ පැත්තේ පොල් වත්තක හිමිකරුවෙකුගේ මල්ලි කෙනෙක් පොල් වත්තට ගියේ වත්තේ මුරකරුත් එක්ක කතා කරලා එන්න. ඒත් පිළියන්දල ආවාස පාරේ තියෙන මේ පොල් වත්තේ මුරකරු පේන්න හිටපු නැති නිසා පිළියන්දල පොලිසියට පැමිණිලි කරලා. එතැනදී තමා අභිරහසක් විදියට වැලලෙන්න තිබුණු මිනි මැරුමක තොරතුරු එකිනෙක එළිවෙන්න පටන් ගත්තේ. මේ විදියට ඝාතනයට ලක් වුණේ 55 හැවිරිදි දයාසිරි අල්විස් නැමැති පුද්ගලයෙක්. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ රටේ කෙනෙකුට අයිති මේ පොල් වත්තේ මුරකාරයා විදියට තමා දයාසිරි වැඩ කළේ. ඒයා පිළියන්දල බටකැත්තර කාන්තාවක් එක්ක අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිහින්. පහුගිය සිංහල අලුත් අවුරුද්දට පස්සේ දවසේ ඒ කියන්නේ 14 වෙනිදා දයාසිරි ඒ කාන්තාවට එන්න කියලා කිව්වත් එයා ඇවිත් නැහැ. ඒ නිසා හොඳට මත්පැන් පානය කරපු දයාසිරි කාන්තාව හොයාගෙන එයාගේ බටකැත්තර ගෙදරට ගිය වෙලාවේ දෙන්නා අතරේ ආරවුලක් ඇත

දෙමටගොඩ ගුවන් පාලම උඩදි කාර් එකක් අළුවුණු හැටි

කොළඹ බේස්ලයින් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඊයේ (28) හටගත්තා. ඒ දෙමටගොඩ ගුවන් පාලම මතදී මෝටර් රථයක් ගිනි ගැනීම මීට හේතුවයි. එහි වීඩියෝව සහ ඡායාරූප පහතින්....

අසහනකාරයෙකුට ලිෆ්ට් එකක් ඇතුලෙ කෙල්ලෙකුගෙන් සුපිරි ගුටියක්

විදුලි සෝපානයක් තුලදී කාන්තාවකට අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට අදාල කාන්තාව විසින් පහරදෙන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්වී තිබෙනවා. විදුලි සෝපානයේ ගමන් කරමින් තිබෙන අවස්ථාවේ ඒ තුල සිටින්නේ මෙම කාන්තාව සහ සැකකරු පමණයි. අතවර කිරීමට උත්සහ කිරීමේදී සැකකරුට පහරදෙන කාන්තාව විදුලි සෝපානය නතර වීමෙන් පසු ඉන් පිටවී යන ආකාරය පටිගත වී තිබෙනවා. මෙය සිදුව ඇත්තේ චීනයේයි.

හාමුදුරුනමක් රවටා කාන්තාවක් එක්ක ෆොටෝ අරන් කප්පම් ඉල්ලූ නරුමයන්

පසුගියදා තරුණ හිමිනමක් නිවසක සිරකර දමා පසුව පහරදී, උන්වහන්සේ සිටි කාමරයට කාන්තාවක් දමා ඡායාරූප ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බව පවසා තර්ජනය කර ලක්ෂ 5ක මුදලක් කප්පම් ලෙස ලබාගන්නට උත්සාහ කළ පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. මිහින්තලේ ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීමට මුහුණ දී ඇති හිමිනම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙනවා. එමෙන්ම සිද්ධියට සම්බන්ධ වූ කාන්තාවක් ඇතුලු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම මෙම කප්පම්කරුවන් හිමිනමගෙන් රුපියල් 130,000ක පමණ මුදලක් මීට පෙර ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.  එලෙස ලබාගත් මුදල් මොවුන් පසුව බැංකු ගිණුම්වලටද බැරකර තිබෙනවා. දානමය පින්කමකට මෙම හිමිනම වැඩම කළ අවස්ථාවේ සැකකාර කප්පම්කරු විසින් හිමිනමගේ දුරකථන අංකය සහිත කොළ කැබැල්ලක් පෙර කී කාන්තාවට ලබා දී ඒ මාර්ගයෙන් හිමිනමට ඇමතුම් ලබා දී උදව් උපකාර ඉල්ලා තිබෙනවා.  එහිදී ඇය පවසා ඇත්තේ තමන් ඉතා අසරණව කාලය ගත කරන බවත් වියපත් වූ මව හා පියා රැකබලාගන්නට මුදල් අවශ්‍ය බවත්ය. ඇයගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි නිසා

ශරීරයෙන් බද්ද වූ මකුළු සොහොයුරියන්ට පෙම් බැඳි අපූරු පෙම්වතා

මිනිසුන් එකිනෙකාට වෙනස් වන්නේ රූපයෙන් පමණක් නොව, ක්‍රියාවන්වලින් සහ ආකල්පවලින්ද සැම විටම එකෙක් තවෙකෙකුට වෙනස් වනවා.  කල්කටාවේ සර්කස් කණ්ඩායමක සේවය කරන අහමඩ් ද එවන් අමුතුම ආකල්ප වලින් පිරිපුන් තරුණයෙක්. ඔහුගේ ආදර අන්දරය බොහෝ දෙනෙකුට හිතා ගැනීමටවත් නොහැකි එකක්. එක් උදරයක් , අප්‍රාණික දෙපා යුගලයන් , හදවත් දෙකක් , හිස් දෙකක් ඇති මකුළු සොහොයුරියන් ලෙස ප්‍රසිද්ධියට පත් දෙදෙනෙකු ඔහුගේ පෙම්වතියන් වෙලා. අහමඩ් පවසන්නේ ඔවුන් සමග තමා ඉතා සතුටින් කල් ගෙවන බවයි . සංකීර්ණ සැත්කමකින් ඔවුන් දෙදෙනා වෙන් කල හැකි වුවද ඊට විශාල මුදලක් වැය වන බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ. කල්කටාවේ යමුනා ගං තීරයේ මුඩුක්කු නිවසක ජීවිතය ගත කරන ඔවුන්ට එය සිහිනයක් පමණයි. ප්‍රීතිමත් ජීවිතයකට මනුස්සකම පමණක් තිබීම ප්‍රමාණවත් බවයි අහමඩ් පවසන්නේ.

ලංකාවේ ගොසිප් සයිට් නම් කියලා වැඩක් නෑ - මධූෂා හේරත්

පෙම් සිහිනේ මධූෂා රිතික් රෝෂන් එක්ක රඟපාන්න කැමතියිලු.   පසුගිය දිනවල පෙම් සිහිනේ ගීත වීඩියෝවෙන් රටම හඳුනාගත් මධූෂා හේරත් මේ වෙද්දි නිරූපන ක්ෂේත්‍රයේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ටෙලිනාට්‍ය හරහා මෙන්ම වෙළඳ දැන්වීම් හරහාත් රූපවාහිනියේ නිතර දෙවෙලේ දකින්න ලැබෙන මධූෂාගේ අලුත්ම විස්තර දැනගන්න රටේ ගොසිප් අපි මධූෂාට කතා කළා.     මධූෂා මෝස්තර නිරූපණයට මුලින්ම ආවෙ කොහොමද..?   වෙළඳ දැන්වීම් හරහා තමයි මුලින්ම ආවේ. පස්සෙ පෙම් සිහිනේ වීඩියෝ එකෙන් ගොඩක්ම හිට් වුණා. ජනප්‍රිය මොඩ්ල් කෙනෙක් වෙන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳලම තිබ්බ හීනයක්ද..?   මම පොඩි කාලේ ආසවෙලා හිටියෙ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න.. ඒත් ඒ හීනේ හැබෑ කරගන්න බැරිවුණා. කසාදෙන් පස්සෙ මොඩ්ලින් කරන එකට හස්බන්ඩ් බලපෑම් කරන්නෙ නැද්ද..?   එයාගෙන් කිසිම අකමැත්තක් නැහැ. හැබැයි හැම දෙයක්ම කරන්න දෙන්නෙත් නැහැ. එයාගෙන් අහලා තමයි හැම දෙයක්ම කරන්නෙ. ලොකු හෙල්ප් එකක් දෙනවා එයා මට.   මෝස්තර නිරූපණය කරන්නෙ විනෝදාංශයක් විදිහටද..? රැකියාව විදිහටද..?   විනෝදාංශයක් විදිහට තමයි කරන්නෙ. බොලිවුඩ් ගිහින් රඟපාන්න ලැබුණොත් ඔයා ක

වෘත්තීය නිරූපිකාවක් වීමට සිහින මවන 'විහන්සා'

ඔමේලි විහන්සා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට අලුතින් එක්වූ සුරූපිනියයි. ඇය මේවනවිට පෞද්ගලික ආයතනයක සේවය කරන අතර, විනෝදාංශය ලෙස ඇය නිරූපණයේ නියැළෙයි. ඉදිරියේදී නිරූපණය තම වෘත්තීය කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඇය අපත් සමග මෙලෙස දොඩමළු වූවාය. "මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතරතුර තමයි නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන්නේ. නමුත් ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නත් එහි වෘත්තීමය වශයෙන් නියැළෙන්නත් බලාපොරොත්තු වෙනවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වුණා. නමුත් රංගනයෙන් වැඩියෙන් දායක වෙන්න කැමති නැහැ. ඉදිරියේදී එක් මියුසික් වීඩියෝ එකක් එළිදැක්වීමට නියමිතයි. අනෙක් එක ගැන නම් කියන්න දන්නෙ නැහැ. වෙළෙඳ දැන්වීම සඳහා නම් දායක වෙන්නෙ නැහැ. මොකද මම වැඩි වශයෙන් කැමති මනාලි ඡායාරූප සඳහායි. Bridal ඡායාරූපකරණයෙන් ඉදිරියට යන්න ගොඩක් බලාපොරොත්තුවක් තියෙනවා."

සිරවී සිටි පුංචි ජිවිතයක් බේර ගත්තු මහා මිනිස්සු

සිරියාවේ අලෙප්පෝ නගරයට එල්ලවුණු ගුවන් ප්‍රහාරයෙන් විනාශවුණු නිවසක සුන්බුන් අතරේ සිරවී සිටි බිළිඳෙකු එරට රජය විසින් බේරාගත් අවස්ථාවයි මේ. බෝම්බ ප්‍රහාරයෙන් පැය 24 කට ආසන්න කාලයක් සුන්බුන් අතර සිරව සිටි බිළිඳා දැඩි ලෙස තුවාල ලබා සිටි බවත් වාර්තා වනවා. මාස තුනක් පමණ වයසැති මේ දරුවා ගේ මව සහ පියාත්, මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබෙනවා. මේ ප්‍රහාරයෙන් පුද්ගලයං60 දෙනෙකුට ජිවිත අහිමි වුණා.

මැයි 1 දා කිරුලපන නොයන්න හිතෙන අයට ‘ෆනී’ හේතු..

ජපානයට ගිහාම වෙනස්කම් 6 ක් - යන අය දන්නවද?

ජපානයේ සංචාරය කරන හෝ එහි රැුඳී සිටින්නට අදහස් කරන අය ඒ රටේ පවතින වෙනස් සම්ප‍්‍රදායන් කිහිපයක් ගැන දැනගත යුතු වෙනවා. ඒවා කිහිපයක් පහතින් 1* ජපනුන්ගේ හෝටලවල හෝ සේවා ස්ථානවලදී සේවකයින්ට ‘ටිප්’ දෙන්නට යාමෙන් වළකින්න. ඔවුන් එය තමන්ට කරන අගෞරවයක් ලෙස සලකන අතර නැවත ඒවා ඔබට භාර දෙනු ඇත. 2* ජපානයේ 4 අසුබය. ඔවුන් බටහිර අය 13 අසුබ යයි කියන ආකාරයට 4 ට අකමැතිය. ඇතැම් ගොඩනැගිලිවල 4 පමණක් නොව 40 සිට 49 දක්වා තට්ටුද නම් කරන්නේ නැත. 3*ජපානයේ නාසයේ සොටු සීරීම ප‍්‍රසිද්ධියේ නොකරන්න. එය මහත් පිළිකුල් සහගත ක‍්‍රියාවක් සේ ඔවුන් සලකනු ඇත. 4* පාරේ කෑම කමින් බීම බොමින් ඇවිදීම ජපානයේදී නොකරන්න. ඔවුන් තමන්ගේ ආහාරයට ගරු කළ යුතු බව සලකන ජාතියකි.එසේ කිරීම වරදක් ලෙස සලකන්නේ එබැවිනි. 5*ජපානයේ වැසිකිලි යාමට වෙනම සෙරප්පු පාවිච්චි කරන්න. සෑම නිවසකම හෝටලයකම වැසිකිලියාම වෙනම සෙරප්පු දමාගෙන සිදු කළ යුතු කටයුත්තක් ලෙස ඔවුහු තරයේ අදහති. 6*කෝච්චිවලදී ඇතැමුන් ඔබේ උරහිසේ නිදාගන්න දරන උත්සාහයට ඉඩදෙන්න. ජපානයේ දුම්රිය ආසනවල සිටින මගීන් දීර්ඝ ගමන් වලදී අසළ වාඩිවී සිටින නාඳුනන අයගේ උරයට හේත්තුවක් දමාගන්නට අවසර ඉල්ලන

පූසෙකුට බල්ලෙකුට ගෙයක් බලාගන්න භාරදී යලි එනවිට වියහැකි දේවල්.