Skip to main content

Posts

Showing posts from July, 2016

නාසා රැකගත් ආම්ස්ට්‍රොන්ගේ රහස එළියට ඈවිත් ලොවම පත්තු වේලා

ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1969 ජූලි මස 21වනදා මිනිසා සඳ මත පා තැබුවා. නීල් ආම්ස්ට්‍රොන් ඇතුලු පිරිස සඳ මත පා තබා අදට වසර 47 ගතවෙලා. කෙසේ වෙතත් අදටත් සඳ තරණය ගැන විවිධාකාර පුවත් ලෝ පුරා කතා බහ වෙනවා. රුසියානු තාරකා විද්‍යාඥයෙක් මෑතකදි කළ ප්‍රකාශයක් නිසා නැවතත් මෙය කරළියට පැමිණ තිබෙනවා. ඒ 1969 ජූලි මස 21 වැනිදා සඳ මතට ගිය අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන් සඳ මතදී විශාල පියාඹන පීරිසි දෙකක් සමඟ ජීවීන් කිහිපදෙනකු දැක ඇති බවටත් එම පණිවිඩය රහසේ රැක ගැනීමට නාසා නිලධාරීන් පියවර ගත් බවටත් රුසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ව්ලැඩ්මිර් අස්නාස් පැවැසීමත් සමඟයි. “නාසා පාලක මැදිරියත් ඇපොලෝ අජටාකාශගාමීනුත් නිරතුරුවම පණිවිඩ හුවමාරු කරගත්තා. ඇපොලෝ යානය සඳ මත පතිත කරවන අවස්ථාවේ නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පියාඹන පීරිසි දෙකක් දැක තිබෙනවා. ආම්ස්ට්‍රොන් කළ මෙම ප්‍රකාශය නාසා ආයතනය බාහිර ලෝකයට නොදන්වා වාරණය කර තිබෙනවා. පිටසක්වළ ජීවීන් සඳ මත සිටින නිසා සඳේ මිනිස් කඳවුරක් ඉදි කිරීමේ යෝජනාත් ඒ සමඟම නවත්වා දැමූ බව නීල් ආම්ස්ට්‍රොන් පසුව පවසා තිබෙනවා” යැයි මහාචාර්ය ව්ලැඩ්මිර් පවසයි. මෙහි සත්‍ය අසත්‍යභ

'ධනංජි' අයෙත් ස්කොලේ ගිහින්

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන ධනංජි තාරුකා නව පරපුර අතර ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල කලා කටයුතු නිසාවෙන් තරමක් කාර්යබහුලව සිටින ඇය අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කටයුතු සඳහාද දායකව සිටියි. ඒ ආසිරි රණසිංහගේ "මන්දාරම් අහස" ටෙලි නාට්‍යය සඳහාය. එහි ඇය "මන්දාරා" නම් පාසල් යන ශිෂ්‍යාව ලෙස චරිත මවයි. "පාසල් යන ශිෂ්‍යාවක් ලෙස මම ටෙලි නාට්‍යයක චරිත මවන්නේ පළමු පාරට. ඉතින් මේක මට විශේෂිත චරිතයක්. "අමන්දා" චරිතය ගත්තොත් ඇය ටිකක් දඟකාර ගතිපැවතුම් ඇති කෙනෙක්. ඒ වගේම අහිංසක කෙනෙක්. "අමන්දා"ගේ පුංචි කාලේ ඉඳලා යාළුවෙක් තමයි "අහස්" කියන්නේ. "අහස්" විදිහට රඟපාන්නේ දසුන් නිශාන්. "අහස්"ට "අමන්දා" ආදරේ කරනවා. ඒත්, "අමන්දා" වගේම "අහස්"ට ආදරය කරන තවත් ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා."මන්දාරා" (බුද්ධි ජයවර්ධන) හා "නෙතු" (ශෂි ඇන්ජලිනා) දෙන්නා. ඔය විදිහට තමයි "මන්දාරම් අහස" ටෙලි නාට්‍යයේ කතාව යන්නේ." SPURCE- Saravita 

අඹ අත්ත ගහේ තියෙද්දීම බටනළාවක් හදා වාදනය කළ ඉන්දික රජින්ත

ඉන්දික රජින්ත ලක්මාල් යනු දෙස් විදෙස්හි බටනළාවෙන් දස්කම් පානා නැතුවම බැරි වාද්‍ය ශිල්පියෙකි. මෑතක බිහිවූ නිර්මාණ බොහොමයකම පාහේ වාදනයෙන් දායක වන ඔහුට සංගීත භාණ්ඩ වාදනයෙන් තොරව ස්වර ප්‍රස්තාර ලිවිය හැකිය. මෑතකදී සිය නිර්මාණ සමුච්චයක් එළිදැක්වීමට අපේක්ෂාවෙන් සිටින ඔහු සමගිනුයි මේ කතාබහ. නව නිපැයුම් දැනට අඩි හයක් දිග බටනළාවක් නිර්මාණය කර තිබෙනවා. අනතුරුව අඹ අත්තක් ඉතුරු කරලා අඹ අත්ත තියෙද්දීම බටනළාවක් නිර්මාණය කළා. අනතුරුව ඉටිවලින් නිර්මාණයක් කළා. අනතුරුව සිදුරු 24 ක් තිබෙන රවුම් බටනළාවක්. මම බෝතල් ආශ්‍රය කරගෙන බටනළාවක් හැදුවා. තට්ටු කිරීමෙන් හඬ පිටවෙන තවත් බටනළාවක්. ඊට පස්සෙ මෑතකදීම හැදුවෙ අඩි දහයක් දිග විශාල බටනළාවක් හැදුවා. බටලීයක් උපයෝගී කරගෙන හැදුවේ. බටහිර සංගීතයේ හා(ර්)මනි ක්‍රමයට වාදනය කරන්න පුළුවන් ලෙස දිගු කාලයක් පුරා පර්යේෂණය කරලා තමයි මෙම නිර්මාණය කළේ. දායක වූ නිර්මාණ මම චිත්‍රපට හා වේදිකා නාට්‍ය ටෙලිනාට්‍ය වැනි නිර්මාණ හුඟකට සහභාගි වෙලා තිබෙනවා. මෑතකදී තිරගත වුණු චිත්‍රපටි බොහොමයක මම තමයි පසුබිමින් බටනළාව වාදනය කළේ. "සමනල සංධ්වනි", "සිරි පැරකුම්&qu

'ටියූබ්ලයිට්' සඳහා දිපීකා ගිවිසුම් අත්සන් කරලා නැහැ

සල්මාන් ඛාන් රංගනයෙන් දායක වීමට කැමැත්ත පළ කර ඇති සිය අලුත්ම චිත්‍රපටය සඳහා පසුගිය දින කිහිපය තුළදී බොලිවුඩයේ අංක එකේ සිනමා නිළි දීපිකා පදුකෝන් සම්බන්ධ වූ පුවතක් වාර්තා වුවද ඇය ඊයේ දිනයේදී මාධ්‍යය අමතමින් පවසා තිබුණේ, "ටියූබ්ලයිට්" චිත්‍රපටය සඳහා තමා ගිවිසුම් අත්සන් නොකළ බවයි. තමාට එම චිත්‍රපටය සඳහා සම්බන්ධ වීමට ආරාධනා ලැබී ඇතිමුත්, "ටියුබ් ලයිට්" චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා ලබාදී ඇති දින තුළ ඇය සංජය ලීලා බන්සාලිගේ "පද්මාවතී" චිත්‍රපටය ලබාදී තිබෙන බවයි. මෙම චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන අතර, අති විශාල නිෂ්පාදන පිරිවැයක් දරමින් මෙම චිත්‍රපටය සල්මාන්ගේ සොහොයුරු සොහෙල් ඛාන් විසින් නිෂ්පාදනය කිරීමට නියමිතව ඇති අතර, මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමට අදහස් කර තිබේ. දීපිකාගෙන් හිස්වු මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මේ වනවිට කිහිප දෙනෙකුගේ නම් සඳහන් වන අතර, ඉන් ඉදිරියෙන් ශ්‍රී ලංකාවේ ජැකලින්ද සිටින බව සඳහන් වේ SOURCE- Saravita

තාරකාට අලි ඇබැද්දියක්

එරන්ලන්දු සහ සීරජ ටෙලිනාට්‍ය සමග මේ දිනවල පේ‍්‍රක්ෂක අවධානය තමා වෙත නතු කරගත් තාරකා වන්නිආරච්චි මේ දිනවල ”අලි ඇබැද්දියකට” මුහුණ දීලයි සිටින්නෙ. මේ අලි ඇබැද්දියට මුහුණ දුන්නේ ලංකාවේදී නම් නොවෙයි. තායිලන්තයේදීයි. තාරකා තායිලන්තයට ගිය හේතුව සහ ඇය මේ දිනවල මුහුණ දීලා සිටින මේ ඇබැද්දිය මොකක්ද කියලා අපි ඇයගෙන්ම අහමු. තාරකා හදිසියේම තායිලන්තයට ගියේ ඇයි? අලි කතාවකට මැදි වුණානෙ. ඒ මොකක්ද? මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අලූත්ම චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා තායිලන්තයට යන්න සිද්ධ වුණා. එතකොට අලි කතාවක් කිව්වෙ? ඒක ඇත්තටම අලි ගැන කියැවෙන කතාවක්. අලි කතාවක් කිව්වොත් හරි. ඇයි එතකොට මේ අලි කතාව කරන්න තායිලන්තයට ගියේ? ඒකට ගොඩාක් හීලෑ අලි අවශ්‍යයි. තායිලන්තයේ, රූගත කිරීම් සඳහා යොදා ගන්නා හීලෑ අලි සිටින බව තමයි දැන ගත්තෙ. තායිලන්තයට ගිහින් ”අලි එක්ක” රූගත කිරීම්වලට සහභාගී වෙන්න බය හිතුණෙ නැද්ද? වතාවක් මට මෙහිදී අලි සමග රූගත කිරීම් කරන්න සිද්ධ වුණා. හැබැයි අපේ රටේදී නිසා එදා බයක් ඇතිවුණේ නැහැ. නමුත් මේ අත්දැකීම ටිකක් නුහුරු නිසා, ඒ අලි මොන වගේද කියා දන්නේ නැති නිසා ටිකක් බය ගතිය

ක්‍රිකට් වෙනුවෙන් ඕන ලෝකෙක ගිහින් සිංහ කොඩිය ඔසවන ගයාන් එංගලන්තේ කට්ටිය කුසල් ගැන කිව්ව දෙයක් කියයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයෙන් අපේ රට තුළ නැවතත් ක්‍රිකට් උණුසුම දසත පැතිරෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිරිගන්වමින් ලෝකෙ වටේ යන ගයාන් සේනානායක රූපවාහිනි තිරයෙන් දක්නට ලැබෙන සුලබ දසුනකි. පර්සි අබේසේකරගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ‘නිල’ දිරිගන්වන්නා වෙමින් මහඟු මෙහෙයක් කරන ගයාන්ගෙන් රට තුළ ක්‍රිකට් උණුසුම හමා යෑමට සැරසෙන මොහොතක පසුගිය දා නිමාවූ එංගලන්ත සංචාරයේ ආගිය තොරතුරු ගැන ඔහු මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා. . කොහොමද ගයාන් එංගලන්ත සංචාරය… “එංගලන්ත සංචාරය ක්‍රීඩකයන්ට වගේම අපටත් ඉතාම අමාරු සංචාරයක් වුණා. අධික ශීතලත් එක්ක සෑහෙන සටනක් කළේ. අපේ කණ්ඩායම ලබපු පරාජය ගැනත් ලොකු දුකක් තියෙන්නෙ. මම දවස් 45ක් විතර එංගලන්තේ හිටියා. මෙය මගේ දෙවැනි එංගලන්ත සංචාරය. අපේ කණ්ඩායම සංචාරය කළේ එංගලන්තේ ක්‍රිකට් වසන්ත සමයේ පළමු සමයේ. ඒ සමය එංගලන්තෙට එන ඕනෑම විදෙස් කණ්ඩායමකට සෑහෙන අමාරු කාලයක්. ඒ අවාසියත් අපිට තදින් බලපෑවා.” . ගයාන් එංගලන්ත ප්‍රේක්ෂකයන් අපේ ක්‍රිකට් පිල ගැන මොනව ද කියන්නෙ… “ඇත්තෙන්ම ඔවුන් අ‍පේ කණ්ඩායමේ පසුබැස්ම ගැන දුක් වෙනවා. ලෝකෙ ඉන්න හොඳම කණ්ඩායමක්

ප්‍රමෝද්ගේ කාචයෙන් ලස්සන වූ දේශි

SOURCE- Gossipking 

සල්මන්ගේ සුල්තාන් පරද්දන්න ආමිර්ගේ ‘ඩන්ගල්’ සුදානම් (Photos)

සල්මන් ඛාන් සහ ආමීර් ඛාන් තමා මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ කෝටි 500 ආදායම් වාර්තා තැබූ චිත්‍රපටි කළ නළුවන් දෙදෙනා. ආමීර් ඛාන්ගේ PK චිත්‍රපටියේ ආදායම කෝටි 735ක්. මෙය තමා ඉහළම අදායමක් තැබූ එකම බොලිවුඩ් නිර්මාණය. මේ වසරේ තිරගත වූ තාමත් තිරගත වෙන සල්මන් ඛාන්ගේ සුල්තාන් චිත්‍රපටයේ මෙතෙක් ආදායම කෝටි 560ක්. මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ මල්ලවපොර ශුරයෙක්ගේ ජිවිත කතාවක් වටා. හැබැයි මෙය මනංකල්පිත කතාවක්. Dangal ලෙස නම් කර ඇති ආමීර් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය මෙම වසරේ දෙසැම්බර් 23 දින ලොව පුරා තිරගත කිරීමට නියමිතයි. මේ චිත්‍රපටයෙත් කතා තේමාව මල්ලවපොර ශුරයෙක්ගේ ජීවිතය ගැනයි. හැබැයි මේක නම් සත්‍ය කතාවක්. බොහෝ විචාරකයින් කියන්නේ සල්මන්ගේ සුල්තාන්ගේ වාර්තා ලේසියෙන්ම ආමීර් ඛාන් බිඳ දමන බවයි.

නිලංග දෑලගෙන් ලංකා බැංකුවට කෝටි 6ක පොල්ලක්.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අයත් පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබාගත් කල්බදු ණය මුදලක් නොගෙවා ඇත. මෙසේ නොගෙවන ලද ණය මුදල රුපියල් කෝටි හැත්තෑහය ලක්ෂ හාරදාස් එකසිය හතලිස් එකක් (67,604,141) බව පැවසේ. එම ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වැනිදාට තිබූ මුළු ණය පුමාණයේ ශේෂය බව පැවසේ. ඒ සඳහා ඇතුළත්විය යුතු පොළී ප්‍රමාණය ගණනය කර නැති බවද වාර්තා වේ. එසේම එම සමාගම ලබාගත් අදාළ කලබදු පහසුකමේ කිසිදු වාරිකයක් මෙතෙක් ගෙවා නැතැයිද එම පුවත්පත වාර්තා කර ඇත. මේ ණය මුදල බැංකුවේ අක්‍රීය ණය ලෙස නම්කර ඇති බව ලංකා බැංකුවේ ගිණුම් විගණනය කිරීමේදී විගණන දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ. ලංකා බැංකුවෙන් කල්බදු ණය ගෙන නොගෙවන ලද විශාලතම ණය මුදල් අතර මේ ණය මුදල දෙවැනි තැන ඇති බවත් එහි පළමු තැන බිස්නස් පෝරම් පුද්ගලික සමාගම ඇති බව පැවසේ. 2014 දෙසැම්බර් 31 වැනිදා වන විට කල් බදු ණය නොගෙවීම නිසා ලංකා බැංකුවට අයවිය යුතු මුළු ණය මුදල කෝටි 32කට අධික බවද වාර්තා වේ.

විනාඩි ගාණකින් ගහට නැග්ග පුද්ගලයෙක් අත්තක් නිසා ලොකු දුකක් විදියි

ගාල්ල ඌරුබොක්ක ගල්බොක්ක පැත්තේ තියෙන කර්මාන්ත ශාලාවකට අයිති ඉඩමක විශාල ගහක් කපන්න පිරිසක් ඇවිත්. ඒ අතරේ හිටපු 60 හැවිරිදි පුද්ගලයෙක් ගහට නැගලා මුලින් ගහේ අතු කපලා. ඒ වෙලාවේ කපපු අත්තක් කැරකිලා ඇවිත්. එයාගේ කකුල ගහට හිරවුණා. මේ අනතුර සිද්ධ වුණේ අඩි 100ක් විතර උඩකදී. පැයකට වැඩි කාලයක් මේ පුද්ගලයා ගහේ හිරවෙලා හිටියා. පස්සේ එයා බේරගන්න ආපු අය හිරවුණ අත්ත කපලා එයා බේරගන්න පැය දෙකක විතර ලොකු මෙහෙයුමක් කළා. තැලීම් සහ සුළු තුවාල ලබලා හිටිය එයා තිහගොඩ රෝහලට අරගෙන ගියා.

'Gala Ski Resort' ගොස් හිමෙහි ආස්වාදය විඳිමු

හිමේ යන්න ආසයිද?  එහෙනම් හිම තියෙන ප්‍ර‘දේශයක පැලඳිය යුතු සපත්තු එහෙම පැලඳ ගන්න. තව හිම කබා එහෙමත් ලැහැස්ති කර ගන්න, හැබැයි ඒ විතරක් මදි, පීනස වගේ තියෙන අය, නැත්තම් සීතල ටිකක් ඔරොත්තු නොදෙන අය මුහුණු ආවරණය කරගැනීමේ ආවරණත් ළඟ තබාගන්න. හරි එමෙනම් දැන් ඔක්කොම හරිනෙ? එහෙනම් අපි යමු "ගාල ස්කි රිසෝට්" වෙත. මේ හිම කඳු යාය තියෙන්නේ ලංකාවේ නොවන වග අමුතුවෙන් කියන්න ඕන නැහැ. ලෝකයේ විවිධ තැන්හි සංචාරයට ප්‍රිය ඕනෑම කෙනෙක් ජපානයට යනවා නම්, අනිවාර්යයෙන්ම මෙතැනට යනවාමයි. අපි මුලින්ම මෙතැනට යන්නෙ කොහොමද කියලා බලමු. නරීටා ගුවත් තොටුපළ අසල සිට, නැතිනම් චිබා දිස්ත්‍රික්ක කලාපයේ සිට සයිත්මා, ගුන්මා හරහා කිලෝමීටර් 262 ක් පමණ දුරක් යා යුතුය. මහා මාර්ගයේ රථයකින් ගමන් ගන්නේ නම් පැයකුත් විනාඩි 30 ක් පමණ ගත කිරීමට සිදුවෙනවා. මියාමිඉයෝනුමා දිස්ත්‍රික්කයේ යුසාවාවලට තමයි මෙතැන අයත් වන්නෙ. ටෝකියෝවේ සිට "ගාල ස්කි රිසෝට්" වෙත විදුලි වේගයෙන් ධාවනය වන අධිවේගී විදුලි දුම්රියෙන් පැමිණෙනවා නම් විනාඩි 75 ක් වගේ කාලයක් විතරයි ගත වන්නෙ. හරියටම කිව්වොත් මේ හිම ක්‍රීඩාවල යෙදෙමින් සිතූ සේ සතුටු විය හැකි

මහින්ද මරන්න හැදුවයි සමිතා රහස් පොලිසියට

ජනප්‍රිය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියට රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ. ඇයට එසේ දන්වා ඇති බව සමිතා මේවන විට මාධ්‍යටද ප්‍රකාශ කර ඇත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කොළඹට පැමි‚ එල්.ටී.ටී.ඊ. සැකකරුවකුට නවාතැන්දීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඇයට මෙසේ ක‍ෂෘ යට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි. අදාළ සැකකරු සමිතා හඳුනාගෙන ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් බවද පැවසේ.

තමන්ව පසු කිරීමට සිටින පොඩි මල්ලී කුසල්ට zලොකු අයියා සංගක්කාරගෙන්Z සුබ පැතුම් ලැබුණු හැටි

ඕස්ටේ‍්‍රලියාව සමග පල්ලෙකැලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ (28) කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණා. අද දිනයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු 192ක සීමාව පසුකර ගියහොත් ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවා බවට ඔහු පත්වනවා. එම වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ කුමාර සංගක්කාරයි. සංගක්කාර, නොදැවී ලකුණු 169ක් ලබා ගෙන සිටින මේ නව යොවුන් ක්‍රීඩකයාට ට්විටර් ප‚විඩයක් මගින් සුබ පතා තිඛෙනවා. එම ප‚විඩය පහතින් දැක්වෙනවා.

උදාරි ගේ නවතම ඡායා රූප එකතුව