Skip to main content

Posts

Showing posts from August, 2018

සඳුන් පෙරේරා හොර රහසේ විවාහ වෙලා

සඳුන් පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂතම ගායකයෙක්නේ. සඳුන්ගේ කටහඬට ආදරය කරන තරුණ තරුණියොත් ගොඩක් ඉන්නවානේ. ඉතින් මේ කියන්න හදන්නේ සඳුන්ගේ අළුත්ම තොරතුරක්. සඳුන් කාටත් හොරෙන් විවාහ ගිවිසගෙන තිබෙනවා. මේ විවාහ ගිවිස ගැනීමට සංගීත ලොවේ තරු කිහිපයකුත් එකතු වෙලා තියෙනවා.

ජනප්‍රියතම නළුවා රවීන් - නිළිය ශලනි

23 වැනි සුමති සම්මාන රාත්‍රිය ඊයේ (29) දින නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. එහිදී ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා සම්මානය දිනා ගැනීමට රවීන් කණිෂ්ක සමත් වුණා. ජනප්‍රියතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ ශලනි තාරකායි.

සිග්නීස් සම්මාන උළෙලේ සම්මාන බෙදුනේ මෙහෙමයි

41 වැනි සිග්නීස් සම්මාන උළෙල අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නිමාව දුටුවා. එහිදී චිත්‍රපට අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය ලබාගත්තේ ධර්මයුද්ධය චිත්‍රපටයේ හරිශ්චන්ද්‍රගේ චරිතය රඟපෑ ජැක්සැන් ඇන්තනීයි. හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධිගේ භූමිකාව රඟපෑ සමනලී ෆොන්සේකායි. හොඳම සහය නළුවා ලෙස කුමාර තිරිමාදුර සම්මාන ලැබුවේ ධර්මයුද්ධය චිත්‍රපටයේ විමල්ගේ භූමිකාව උදෙස් කළ රංගනය වෙනුවෙන් වන අතර හොඳම සහය නිළිය ලෙසින් සම්මාන ලැබුවේ ප්‍රේමය නම් චිත්‍රපටයේ ඉනෝකාගේ චරිතය රඟපෑ සුරංගා රණවකයි. ටෙලි නාට්‍ය අංශයේ හොඳම නිළිය ලෙස නදී කම්මැල්ලවීර සම්මාන දිනාගත් අතර හොඳම සහය නිළිය ලෙසින් චාන්දනී සෙනෙවිරත්න සම්මානයෙන් පිදුම් ලැබුවා. ටෙලි නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස මහේන්ද්‍ර පෙරේරා සම්මානය දිනාගත් අතර හොඳම සහය නළුවා සම්මානය දිනාගත්තේ ආනන්ද කුමාරඋන්නැහේ විසිනුයි.  ඡායාරූප - Ghinthaka Arambewala

මවුනි රෝයිට ගොඩක් සතුටුයි

වාර්තාගත ආදායමක් උපයාගන්නට සමත් වූ චිත්‍රපටයක් සඳහා සිය කුළුඳුල් සිනමා රංගනය ලබාදීමට තමාට හැකවීම සතුට දනවන්නක් බව උතුරු ඉන්දීය සුපිරි ටෙලි නාට්‍යය නිළි මවුනි රෝයි ‘කෝයි මෝයි’ වෙබ් අඩවියට පවසා ඇත. මවුනි මෙසේ සිය කුළුඳුල් සිනමා රංගනය ලබාදී ඇත්තේ මේ දිනවල ලොවපුරා අති සාර්ථකව තිරගත වන ‘ගෝල්ඩ්’ චිත්‍රපටයේය. මෙහි ඇය ආක්ෂෞ කුමාර්ගේ බිරිඳ ලෙස රංගනයෙන් දායක වෙයි. ‘ගෝල්ඩ්’ චිත්‍රපටයේ කළ රංගනය නිසාම ඇයට මේ වනවිට චිත්‍රපට කිහිපයක් සඳහා එක්වීමටද අවස්ථාව උදා වී ඇත. ලබන වසරේ තිරගත වීමට නියමිත අයන් මුඛර්ජිගේ ‘බ්‍රහම්ස්ටර්’ චිත්‍රපටයේද ඇය දුෂ්ඨ චරිතයක් නිරූපණය කරනු ලබයි.

ඡායාරූප ශිල්පි සල්මාන් ඛාන්

මේ දිනවල රූපත කිරිම් කටයුතු සිදු කෙරන අලි සෆර්ගේ ‘භාරත්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සල්මාන් ඛාන් අලුත් රැකියාවකට මුල පුරා තිබේ. ඒ ඡායාරූප ශිල්පියෙකු ලෙසය. ‘භාරත්’ චිත්‍රපටයේ පෙනි සිටින සියලුම නළුනිළියන්ගේ ඡායාරූප ඔහු විසින් ගන්නා ලද අතර, පසුගියදා එම චිත්‍රපටයේ පෙනි සිටින සුනිල් ගෝවර්ගේ ඡායාරූපයක් මෙසේ සල්මාන් ඛාන් විසින් ලබාගෙන එය ඔහුගේ ‘ටිවිටර්’ ගිණුමේ පළ කොට තිබේ. එම ඡායාරූප සම සල්මාන් කෙටි සටහනක්ද එක්කොට තිබුණ අතර, ඒ සල්මාන් අලුත් රැකියාවක් සොයා ගෙන ඇති බවය.

ජීවිතේ වැඩි ඉඩ ගෙදරට

මෙයාට බොහෝ දෙනෙක් මේ දිනවල කතා කරන්නේ ‘කියා’ කියලයි. කියා මේ ලෝකයේ කෙනෙක් නම් නෙවෙයි. වෙනත් ග‍්‍රහ ලොවකින් ආ තැනැත්තියකි. කියා මේ විදියට මේ ලෝකෙට ඇවිත් සිටින්නෙ ඇයි? සංජය නිර්මාල්ගෙ අධ්‍යක්‍ෂණයෙන් යූ.ඞී. පල්ලියගුරුගේ රචනයෙන් සහ නිෂ්පාදනයෙන් සිරසෙ විකාශය කෙරෙන ‘තුන්තිරි’ නරඹා ඔබට ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවනි. මේ විදියට ‘කියා’ වූ ඇය පබෝදා සංදීපනී ය. තුත්තිරි නාට්‍යයට අමතරව රවීන්ද්‍ර විජයරත්න සහ තරංග දිසානායකගේ සූරිය වච්චසා :ෂඔභ* සමග තවත් චරිතයක් රඟපාන පබෝදා හිරු ටී.වී. ඔස්සේ හමුවන්නේ උරුමයක අරගලය සමගයි. එය සනත් අබේසේකරගේ නිර්මාණයකි. මීට අමතරව පෘථිවි මහරජ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයට දෙබස් කවන පබෝදා තුත්තිරි ‘‘කියා’’ වූ විදිය ටිකක් වෙනස් ය. ඒනිසා පබෝදාගෙන් මුලින්ම අපි ඒ ගැන විමසමු. කියා ඇතුළු තවත් පිිරිසක් වසර දහස් ගණනකට පෙරදි මේ ලෝකෙට එවලා තියෙන්නෙ විවිධ රාජකාරි පවරලයි. හැබැයි එයාලා ආ කාර්යය අමතක වෙලා. මනුස්ස ලෝකයේ ඇති සියලූ දේ රස විඳිමින් සතුටින් ජීවත් වෙනවා. මේ ලෝකයේ වැරදි කරන අය හදන්න තමයි කියා වගේම එයාගෙ යෙහෙළිය දියා මේ ලෝකෙට ඇවිත් සිටින්නෙ. අපි දෙන්නා අපේ ලෝකයේ සෙබළුන් දෙදෙ

මම රඟපාන්න හිතන්හිටිය කෙනෙක් නෙමෙයි

සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්‍ෂණයෙන් සහ ජනප‍්‍රිය රංගන ශිල්පී අර්ජුන් කමලනාත්ගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ”ඝරසරප” සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙනවා. මෙහි ‘විද්‍යා’ නමැති චරිතයට දායක වෙමින් කවින්ධ්‍යා අධිකාරි සිනමාවට අවතීර්ණ වන්නීය. අතුල සමිතා යුවළගේ දියණිය වන කවින්ධ්‍යා අධිකාරි මෙලෙසින් රංගනයට එක්ව සිටින්නේ ප‍්‍රථම වතාවටය. අද සඳැල්ල කතාබහ ”ඝරසරප” සමඟ සිනමාවට අවතීර්ණ වූ ඇය සමඟයි. ‘කවින්ධ්‍යා’ කියන්න ද? ‘කවි’ කියන්න ද? 16+ වැඩසටහනෙන් පස්සෙ හැමෝම මාව අමතන්නෙ ‘කවි’ කියලයි. ඉතින් ඒ නිසා ‘කවි’ කියන්න. ‘කවි’ට කවි ලියන්න එහෙම බැරි ද? බැහැනෙ. පාසලේදී විෂයන්ට අදාළව නම් කවි කිව්වා. ඉන්පසු සංගීතයේදී කවි ගායනා කර තිබෙනවා. කවි ඉගෙන ගත්තෙ? කොළඹ 07, බෞද්ධ කාන්තා විද්‍යාලයෙන්. කවි ප‍්‍රථම වතාවට රඟපාන චිත‍්‍රපටය මේ දිනවල දැකගන්න පුළුවන්. ඒ ගැන කතා කළොත්? ඇත්තටම මම පාසල් කාලයේදිවත් රඟපාලා නැහැ. අපේ අම්මට ජයන්ත අංකල් කතා කරලා මේ චරිතයට මාව සුදුසුයි කිව්වලූ. ඉතින් ඒ වගේ නිර්මාණවේදියකු කතා කළාම ඒ ආරාධනාව ඉවත දමන්න හිතුණෙ නැහැ. ඒ අපූරු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න හිතුවා.

මම පෙම්වතියක්. මට හිත ගිය කෙනෙක් ඉන්නවා

Views 711 ස්වරණවාහිනියේ විකාශය වුන හාර කෝටිය ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සඳනි ප්‍රනාන්දු මේ දිනවල කාගෙත් ආදර දිනාගත් චරිතයක්. වෙළෙඳ දැන්වීම විශාල ප්‍රමාණයක් සඳහා ඇය රංගනයෙන් දායක වන අතර, ඇය සිනමාවට පිවිස තිබෙනවා. ඇයගේ පලමු සිනමා නිර්මාණය සහ ඇගේ කලාකටයුතු දැන ගැනීමට 'අද' තරු කතාබහ මෙලෙස වෙන්විය. මේ දවස්වල සඳනි හරි ප්‍රසිද්ධයි නේද? ඔව්නේ. මේ දවස් වල සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි තුත්තිරි ටෙලි නාට්‍යයේ චරිතය නිසයි. "තුත්තිරි" ටෙලි නාට්‍යය ගැන වැඩිවිස්තර කිව්වොත්? "තුත්තිරි" ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කර ගන්නේ උදාර පල්ලියගුරු අයියා. ඒකේ චරිතය පිටසක්වල ජීවියෙක්ගේ චරිතයක්. ඒක වෙනස් විදිහේ තකාවක්. මටත් ඒක ලොකු වෙනස් අත්දැකීමක්. මොකද පිටසක්වල ජීවියෙක් විදිහට රඟපාන්න මට ලැබුණු පලවෙනි අවස්ථාව. ඒක පබෝධා අක්කා එක්ක තමයි රඟපාන්න තියෙන්නේ. පබෝදා අක්කා මට වඩා ප්‍රවීණයෙක්. එයා ක්ෂේත්‍රය හිටපු කාලයත් එක්ක මට ලොකු උදව්වක් එයාගෙන් ලැබෙනවා. මගේ චරිතේ සාර්ථකව කරගෙන යන්න දායකත්වයක් වෙනවා. "හාර කෝටිය' නිසා ජීවිතයට ගොඩක් දේවල්

සාරංගගෙ වෙස් මාරුව

ටෙලි නාට්‍ය කලාවේ තවත් නවතම පෙරළියක් ගෙනෙන ‘වෙස්’ මේ දිනවල අසීමිත පේ්‍්‍රක්ෂක ප‍්‍රතිචාර මැද විකාශනය වෙනවා. වෙස් සමග කරළියට එන සාරංගගේ වෙස් මාරුව ගැන කතා කරන්න සාරංග අපිත් එක්ක එකතු වුණා. මොකද්ද මේ වෙස් මාරුව? වෙස් කියන්නේ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන අලූත්ම ටෙලි නාට්‍යය මම හිතනවා කාලෙකට පස්සේ ‘වෙස්’ මගේ රංගන ජීවිතේ ලොකු පෙරළියක් වේවි කියලා. කෝටිපතියෝ සහ හාරකෝටියේ ලාරට වඩා වෙස් ටෙලි නාට්‍යයේ රයන් දේවින්ද කියන චරිත දෙකෙන් යම් වෙනසක් කරන්න පුළුවන් කියලා සාරංග හිතනවද? වෙනසක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒ වෙනස මට වඩා දකින්නෙ පේ‍්‍රක්ෂකයෝ. කෝටිපතියෝ, හාරකෝටිය කියන නාට්‍යවලට වඩා වෙස් කියන්නේ වෙනස්ම රිද්මයක් එක්ක ගලාගෙන යන නිර්මාණයක්. ලාරා කියන චරිතය එක්ක ගත්තම වෙස් නාට්‍යයේ චරිත දෙකම අහසට පොළව වගේ හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. වෙස් ටෙලි නාට්‍යයේ ඔබේ භූමිකාව ගැන මොකද හිතෙන්නේ? මම මේ ටෙලි නාට්‍යයේ චරිත දෙකකින් පෙනී ඉන්නවා. අතීතයේ දේවින්ද අනාගතයේ රයන් විදිහට. මම මාවම ජීවිතය ඇතුළේ හංගගන්න වැඩක් මේක. මේ නාට්‍යය ඇතුලේ ලොකු කුතුහලයක් තියෙනවා. පේ‍්‍රක්ෂකයන්

උපේකා නිර්මාණි මව්පදවියට සූදානම්

උපේකා නිර්මාණි කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහන ඔස්සේ ලංකාවම හඳුනාගත් ආදරණීය ගායන ශිල්පිනියක්. ඉතින් පහුගිය දිනෙක ඇය විවාහ දිවියට ඇතුළත් වුණා. මේ කියන්න යන්නේ ඇගේ අළුත්ම තොරුතුරක් ගැනයි. උපේකා ළඟදීම මව්පදවිය ලබන්න සූදානම්ලු. මේ ගැන ඇය මාධ්‍යයට පවසලා තිබුණේ මේ විදිහට. “ගැහැනු ළමයෙක් විවාහ වෙලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඉතින් මමත් එය බලාපොරොත්තු වුණා. දැන් මම මවක් වෙන්න සූදානමින් ඉන්නේ. අපි දෙන්නම හිතුවේ දුවෙක් වුණත්, පුතෙක් වුණත් කමක් නැහැ කියලා. ඒත් සැමියා නම් පුතෙක්ට ටිකක් ආසාවෙන් හිටියා. කොහොම හරි පුතෙක්ම තමයි අපිට දැන් ලැබෙන්න ඉන්නේ. මම හිතන්නෙ ගැහැනු ළමයෙක් විවාහ වෙන්න ඕන අවුරුදු 25ටත් කලින්. මම විවාහ වුණේ 26දී. ඉතින් මම අම්ම කෙනෙක් වෙන්න ඕන කාලය හරි. දරුවට අවුරුදු 20ක් වෙද්දී අපිත් ටිකක් තරුණව ඉන්න ඕනෙ. එතකොට තමයි අපිට එයාලව හොඳට බලාගන්න පුළුවන්.”

උමාරියාගේ විවාහයට උමාරා සුභ පතයි

පහුගිය දවස්වල හැමෝම කතා වුණේ ගායන ශිල්පිනී උමාරියා සිංහවංශගේ දෙවැනිවරට සිදු වූ විවාහය ගැනයි. ඉතින් මේ විවාහයට ගොඩක් දෙනා සුභ පතද්දී උමාරියාගේ සහෝදරිය වන උමාරා සිංහවංශත් මේ දෙන්නාට සුභ පතා තිබුණා. ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ විදිහට සුභ පැතුමක් සටහන් කර තිබුණා.

කසාද බැන්ද කාවිංග ආයේ මනමාලයෙක් වෙලා

කාවිංග පෙරේරා කියන්නේ තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්නේ. බොහෝ දෙනා දන්න හඳුනන කරන කාවිංග විවාහ දිවියට ඇතුලත් වෙලා එතරම් කාලයක් නැහැ. නමුත් කාවිංග ආයෙමත් මනාලයෙක් වෙලා කියලා ආරංචියි. ඒ වගේම තමයි දිලිණි ලක්මාලි කියන්නෙත් පුංචි තිරයේ විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයින්ගේ හිත දිනාගත් නිලියක්. මේ දෙන්නා ඡායාරූප සදහා මනාල යුවළක් වෙලා. මේ තියෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.

සුජීව ප්‍රියාල්ගේ අලුත් පෙනුම

සුජීව ප්‍රියාල් කියන්නේ වේදිකාවෙන් බිහිවුණ දක්ෂ නළුවෙක්නේ. ලෝරන්සගේ මනමාලි වේදිකා නාට්‍ය ඔස්සේ ඔහු පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්න ගත්තා. හැබැයි සුජීවගේ අලුත් පෙනුම ගැන නම් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. අලුත් පෙනුම තියෙන්නේ අලුත් වැඩක් කරන්නද? නැත්නම් සුජීව ඇත්තටම ඒ වගේද කියන දෙයි. කොහොම හරි සුජීව තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරපු ඡායාරූප කිහිපය මේ වෙද්දි හැමෝම අතර හුවමාරු වෙන්න පටන් අරන් තියෙනවා. මේ තියෙන්නේ සුජීව එකතු කරනු ඒ ෆොටෝස් ටික. බලන්නකෝ සුජීවගේ අලුත් පෙනුම කොහොමද කියලා.