Skip to main content

Posts

Showing posts from May, 2017

ධනුෂ් හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා

ජනප්‍රිය දමිළ නළුවෙකු වන ධනුෂ් හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා දායක වීමට කටයුතු කරනු ලබන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. මෙම චිත්‍රපටය ඉන්දියාවේ මුම්බායි නගරයේදී රූගත කරනු ලබන බව සඳහන් වෙයි. මේ පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් ධනුෂ් විසින් මාධ්‍ය සිදු කර නැති අතර, මෙහි ඇත්ත නැත්ත කිසිදු දෙයක් පිළිබඳව විශ්වාසයක් නොමැති බව ඇතැමුන්ගේ අදහස වී තිබේ.  

සමන්තාගේ විවාහය ඔක්තෝබර්වලදී

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතුගේ විවාහ ගිවිස ගැනීම මීට මාස දෙකකට පෙරදී සිදුවිය. ඇයගේ අතගනු ලැබුවේ ප්‍රවිණ දකුණු ඉන්දීය සිනමා නළුවෙකු වු නාගර්ජුන්ගේ පුත් නාගා සමගය. මේ වනවිට සිනමා රංගනයෙන් තාවකාලිව ඇත්ව සිටින සමන්තා ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත සිය විවාහය සඳහා සූදානම් වන බව සඳහන් වේ. ඔක්තෝම්බර් මාසයේ අග සතියේදී ඔවුන්ගේ විවාහ සිදුවිමට නියමිතව ඇති අතර, තවමත් එහි දිනය ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වේ. මෙය දකුණු ඉන්දියාවේ තරු හතේ සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

අද කාලෙ Youtube නිසා ජනප්‍රිය වෙච්ච විවිධ පිරිස් ඉන්නවා

'ළංවෙලා' නම් අලුත් ගීතය මේ වන විට යූටියුබ් ජාලය තුළින් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතී. මෙම ගීතයේ ගායකයා නවකයෙකි. ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ Cover ගීතයක් හරහාය. මිල්ටන් මල්ලවාරච්චිගේ "ඔබ ගාව මම ඉන්නෙමි" නම් වූ එම ගීතය හරහා ක්ෂේත්‍රයට කලඑළි බැසි ඔහු සහන් චාමිකරයි. මේ කතා බහ ඔහු සමගිනි. ඔබේ අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද? මගේ අලුත් ගීතයට මෙලඩි එක කළේ දිලුම් තේජන. සිංදුව ලිව්වේ මනුරංග විජේසේකර. අපි කට්ටිය කතා කරලා තමයි සිංදුව හැදුවේ. දිලුම්ගේ ස්ටූඩියෝ එකේ. රූපවාහිනී නාළිකා සහ ගුවන්විදුලි නාළිකා කිහිපයකටම ගීතය දීල තියෙනවා. දැන් ඒවායේ ප්‍රචාරය වෙනවා. යූටියුබ් සඳහාත් ගීතය එකතු කරලා තියෙනවා. ගීතය බලපු සහ අහපු අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගායකයෙක් විදියට ඔබ ක්ෂේත්‍ර‘යට එන්නේ කොහොමද? මම ගායකයෙක් විදියට එළියට එන්නේ යූටියුබ් ආර්ටිස්ට් කෙනෙක් විදියට. ඒ තුළින් ගත්ත පන්නරයෙන් තමයි මගේම දෙයක් නිර්මාණය කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. සමාජ ජාල වෙබ් අඩවි හරහා තමයි මාව මිනිස්සු දැනගත්තේ. ඔබව බොහෝ දෙනෙක් හඳුනාගන්නට හේතුවූ ගීත ගැන නැවත මතක් කළොත්? මිල්ටන් මල

ජනප්‍රිය නිළි ප්‍රියන්කා චොප්රා ඉන්දියාව කළඹයි - කොටට ඇඳ මෝදි හමුවීම හේතුවයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ දෙපා නිරාවරණය වන ලෙස ඇඳුමකින් සැරසී සිටියේ යැයි පවසමින් ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියන්කා චොප්රාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ලවී තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේ ඇය හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සිදුවූ හමුවක ඡයාරූපයක් මෙම විරෝධයට හේතුවී තිබිණි. මෙහිදී ප්‍රියන්කා චොප්රා දෙපා නිරාවරණය වන කෙටි ඇඳුමකින් සැරසී සිටි අතර විරෝධය දක්වන සමාජ ජාලා පරිශීලකයන් පවසන්නේ  ඇය අගමැතිවරයාට කිසිදු ආකාරයක ගෞරවයක් නොදක්වා හැසිරී ඇති බවයි. කෙසේ වෙතත් මීට කිසි ලෙසකින් සමාව නොඉල්ලන ප්‍රියන්කා ඇගේ මව සමග කෙටි ඇඳුමකින් සැරසී සිටින තවත් ඡායාරූපයක් අන්තර්ජාලයේ පලකොට තිබිණි. එම ඡායාරූපයට ඉහළින් ‘‘දවසේ කකුල්‘‘ ලෙසද සඳහන් කොට තිබුණේ විරෝධතාකරුවන් තවත් කුපිත කරවමිනි.  

ඓශ්චර්යා රායි දුව අරාධ්‍යාත් එක්ක කාන්ස් සිනමා උළෙලට සහභාගී වෙයි

කාන්ස් සිනමා උළෙල ලොව පුරා සිනමා තාරකාවන් රැසක් බලාපොරොත්තුවෙන් සිටින සුවිශේෂී අවස්ථාවකි. එම අවස්ථාවට සම්බන්ධ වූ සුරූපී බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායිගේ ආකර්ෂණීය ඇඳුම් විලාසිතා නිසා ඇය වෙනදා මෙන්ම මෙම අවස්ථාවේදීත් කාගෙත් කතාබහට ලක් විය ඓශ්චර්යා ගේ දෝණි පුංචි ආරාධ්‍යාත් ඇය සමඟම මේ අවස්ථාවට එක්වීමත් විශේෂත්වයක් වුණා. පසුගිය වතාවන්හිදීත් මේ සිනමා උළෙලට ඓශ්වර්යා සහභාගි වුණේ පුංචි ආරාධ්‍යා සමඟයි. ඉතාම අලංකාරව නිම වුණු රැලි සහිත රතු පැහැති ගවුම් විලාසිතාවෙන් හැඩවූ ඓශ්වර්යා සමඟම සිනාමසු මුහුණින් රෝස පැහැ ගවුමෙන් සැරසී පැමිණි මේ  ආරාධ්‍යාත් මේ වතාවෙත් හැමෝගෙම අවධානය දිනා ගැනීම විශේෂත්වයක් . පුංචි ආරාධ්‍යා සුන්දර සිනහවෙන් මාධ්‍ය කැමරාවට පෙනී සිටියේ කිසිම ආගන්තුක බවක් නොපෙනෙන විදියටයි.

''කාසි වලට දෙන්නත් බෑ කාසි වලට ගන්නත් බෑ මනුස්සකම ජීවිතේ" ඇස් නොපෙනන මනුසත් බව හඳුනන අපූරූ මිනිසා

මහ වර්ෂාව ඇති කල හානියෙන් ජීවිත රැසක් අසරණවිය. නිවාස දේපල අහිමි වී දෛනික ආදයමක් නොමැතිව අසරණ ව සිටින අපේම මිනිසුන් වෙනුවෙන් උදව් උපාකාර කිරීමට රටේ සියළු දෙනාම මේ වන විට ඉදිරිපත් වී ඇත. රටේ සිව් දෙසින් අවැතැන් වූවන් සඳහා සහනාධාර එකතු කිරීම් මේ වන විට සිදුවෙමින් පවතී. මරධාන දුම්රියපොළේ ඊයේ දින පැවති අවතැන් වූවන්ට ආධාර එකතු කිරීමේ වැඩසටහනට දුම්රිය මගීන් බත් පත පවා ලබා දෙමින් දායක විය. එම ස්ථානයට පැමිණි අන්ධ පුද්ගලයෙකු විපතට පත්වූවන්ට අධාර ලබා දීම සියල්ලගේ නෙතට කඳුලක් එක් කළේය. සිදුවූ විපත නොදුටුවත් මිනිසුන් අසරණ වූ බව දැන ගත් ඔහු මෙසේ අධාර ලබා දෙන අයුරු කැමරාවක සටහන් වී ඇත.

මමත් අඩනිරුවත් වෙලා තියෙනවා - දුෂේනි මියුරංගි

   "මටත් එක එක ප්‍රශ්න ඇවිත් තියෙනවා.." "ජනප්‍රිය නළුවෝ කිහිපදෙනෙක්ම ආදරේ ප්‍රකාශ කළා.." මේ දිනවල පුංචි තිරයෙන් දකින්න ලැබෙන අහිංසකම චරිතය හැටියට දුෂේනි මියුරංගි කියන නවක නිළියව හඳුන්වන්න පුළුවන්.2015 වර්ෂයේ මෙරට රූ රැජිණ වුණෙත් ඇයයි. ලඟදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත රූ රැජිණ තරගයකටත් සම්බන්ධ වෙන්න ඉන්න දුෂේනි ගැන හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ දුෂේනි හිරුත් එක්ක කළ සංවාද සටහනයි. මේ දවස්වල අලුත් තොරතුරු මොනවද කියලම කතා බහ කරමු..? මම අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. මේ නාට්‍ය දෙකේ වැඩකටයුතු දැන් ඉවරයි. ඒ නාට්‍ය දෙකම ලඟදීම විකාශය වෙයි. පුංචි තිරයේදී වැඩිම ඉල්ලුම තියෙන්නේ අහිංසක පෙනුමක් තියෙන චරිත වලටද..? ඔව්. මම රඟපෑ පළමු චරිතය අහිංසක යුවතියකගේ එකක්. ඒ චරිතය ජනප්‍රිය වෙනවත් එක්කම මට ගොඩක් නිර්මාණ ලැබුණා. ඒ හැම චරිතයක්ම අහිංසක චරිත. මගේ පෙනුමත් අහින්සකයිනේ. කොහොම නමුත් ඒ රාමුවෙන් මිදෙන්න නම් මමත් කැමතියි. පෙනුම වගේම ඔබත් අහිංසකද..? මමත් අහිංසකයි. ඒත් මට තරහා යනවා. තරහා ගිය වෙලාවට ගොඩක් ඉවසනවා. ඉවසගන්න බැරි වුණොත් නම් කෑගහනවා. මට වැඩ

පුතාගේ ඉගෙනීමේ වැඩ ඉවර වුණ ගමන් මම රංගනයෙන් විශ්‍රාම ගන්නවා

"පුතා සංගීතයට දක්ෂයෙක්.."  "හුදෙකලා ජිවිතයක් මට තියෙන්නේ.." දිල්හානි ඒකනායක කියන නමට චරිතයට බොහෝ අය ඇලුම් කරනවා. ඇගේ රංගන පරාසය සිනමාව පුංචි තිරය තුළ නිරන්තරයෙන්ම දකින නිසා ජනතාව ඇගේ රංගනයට ආදරෙයි. රංගනයත් එක්ක වසර තිහක් ගත කළ දිල්හානි ගැන හිරු ගොසිප් එක්ක කතා කරන්න හිතුවේ ඒ නිසයි. මේ දිල්හානි ගැන තොරතුරුයි. ඒ කාලේ සිනමාව එක්ක නිරන්තරයෙන් ගණුදෙණු කළ රංගන ශිල්පින් ශිල්පිණියන් බොහෝ දෙනෙක් දැන් දකින්න නොලැබුණත් ඔබව නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. දැන් කොහොමද ලැබෙන ප්‍රතිචාර..? ප්‍රතිචාර වල නම් අඩුවක් නැහැ. මම නිතරම නිර්මාණ එක්ක හෝ රූපවාහිනී වැඩසටහන් එක්ක හරි ඉන්න නිසා මාව දකින්න ලැබෙනවා. හොඳ නිර්මාණ වලට ආරාධනා ලැබෙනවා. ඓතිහාසික නිර්මාණ බොහෝමයකට මම සම්බන්ධ වුණා. මේ දවස්වල හිරු රූපවාහිණියේ විකාශය වෙන ගැමුණු මහ රජ ටෙලිනාට්‍යටත් සම්බන්ධ වුණා. ඒ දේවල් එක්ක මට ආදරේ කරන අය එකතු වෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා. එක දිගට නිර්මාණ එක්ක රැදිලා ඉන්න රහස මොකක්ද..? ඒක නම් මමත් ඇත්තටම දන්නේ නැහැ. රංගනයට ඇවිත් මම අවුරුදු තිහක් වෙනවා. මේ කාලය පුරාවටම මම නිර්මාණ එක්ක හිටියා. අඩ

මට මාසයක කාලයක් බත් කන එක තහනම් වුණා -චූලක්ෂි රණතුංග

   "හැම වියදමක්ම දරන්න සිද්ධ වුණේ මට.." "සමහරු අපේ  රට ගැන දැනගෙන හිටියේ   නෑ.." චූලක්ෂි රණතුංග කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන නිරූපිකාවක්. ඇය පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති ලොව හොඳම නිරූපිකාවට හිමි කිරුළ දිනා ගත්තා. ඇය 2014 වසරේදී ලක් රූ රැජින කිරුලද හිමිකරගත් නිරූපිකාවයි.ඇය ගැන හා ඇගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට සටහනක් පුවත්පතක සටහන් වෙලා තිබුණා. චූලක්ෂිට මේ තරගාවලියට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද..? මේ තරගාවලියට යන්න මට අවස්ථාව ලැබුණේ කවින් හේවාවිතාරණ සහ බ්‍රයන් මහතා විසින් ලංකාවේ නිරූපිකාවන් අතර තෝරා ගැනීමක් කිරීමෙන් පසුවයි. එයාලා තීරණය කරලා තිබුණා 2014 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීමේ අත්දැකීම් එක්ක මේ තරගාවලියට මාව සුදුසුයි කියලා. ඉතා කෙටි කාලයකින් නේද චූලක්ෂි මේ තරගාවලියට සහභාගි වුණේ...? ඔව්.ඇත්තටම. ඒ සඳහා මට තිබුණේ මාසයක් වගේ කෙටි කාලයක් විතරයි. තරගාවලියකට මාසයක් කියන්නේ ඉතාම සුළු කාලයක්නේ. ඒ නිසා තරගයට මුහුණ දුන්නේ ලොකු මානසික පීඩනයකින්. ඔය වෙහෙසකර තත්ත්වයට චූලක්ෂි මුහුණදුන්නේ කොහොමද?  මේක ගොඩක් වෙහෙසකාරී කාලයක් වුණා. මාසේ අන්ත

නොසිතූ මොහොතක අපෙන් සමුගත් ධාවන ශූර ආනන්ද වෙඩිසිංහගේ දේහය නිවසට රැගෙන ආ මොහොත - වීඩියෝ

යතුරුපැදි තරඟයක් අතර සිදුවූ අනතුරකින් රෝහල් ගතකර සිට පෙරේදා (29) අභාවප්‍රාප්ත වුණු ධාවන ශූර ආනන්ද වෙඩිසිංහගේ දේහය අද (31) උදෑසන ඔහුගේ කුරුණෑගල පිහිටි නිවසට රැගෙන ආවා. ඔහුගේ ඥාතීන් හා වෙඩිසිංහට ආදරය කරන බොහෝ පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට නිවස වෙත පැමිණ සිටින අතර ඔහුගේ අවසන් කටයුතු හෙට (1) දින සිදුකිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ ඔහුගේ දේහය නිවසට ගෙන ආ අවස්ථාවයි...

මට ගොඩක් අයුතු යෝජනා ආවා

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වඩාත් ජනප්‍රිය ශෂිනි ලක්ෂි සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. නිරූපිකාවක්, ගායිකාවක් හා රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කර ඇති ඇය ඉදිරියේදී විවිධ කලා කටයුතු සඳහා එක්වීමට සුදානමින් සිටියි. මේ ඒ පිළිබඳව ඇය අපිට දැක්වු අදහස්ය. ශෂිගේ වෘත්තිය මොකක්ද? මම වෘත්තින් කිහිපයකම වැඩ කරනවා. ගොඩක් වෙලාව මම කරන්නේ නිවේදන කටයුතු. ඊට අමතරව නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා ගායිකාවක් විදිහටත් වැඩ කරනවා. ගායිකාවක් විදිහට ඔබ ගැන ලොකුවට කතා වෙලා නැහැ නේද? ඔව්, මම ගීත ගොඩක් කරලා නැහැ. මේ දවස්වල මගේ දෙවැනි ගීතය නිර්මාණය කරමින් පවතිනවා. ලොකුවට ඒ පැත්තට නැඹුරු වෙලා වැඩ කරලා නැහැ. නමුත්, මම ආසයි ගායිකාවක් විදිහටත් වැඩ කරන්න. සමහරක් විට මේ නිර්මාණය කරමින් පවතින ගීතය හරහා මා ගැන මගේ ගායන හැකියාව ගැන රසික, රසිකාවියන් කතා කරාවි කියලා හිතනවා. නිවේදනයට ගායනයට වගේම ඔබට රඟපාන්නත් පුළුවන්? ඔව්, ගොඩක් අවස්ථා ලැබිලාත් තියෙනවා රඟපාන්න නම්. ඒ අවස්ථා මම භාරගත්තා නම් අද වනවිට ලංකාවේ ගොඩක් දන්න ජනප්‍රිය නිළියක් වෙන්න තිබුණා. ඒත්, මම ඒ අවස්ථා ප