Skip to main content

Posts

Showing posts from October, 2017

අපි හිතුවටත් වඩා කූඹියෝ ලොකු තැනක ඉන්නවා

තුමිඳු දොඩන්තැන්න කියන්නේ අප රටේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු මේ දිනවල ඉතාමත් ජනප්‍රියත්වයට පැමිණ තිබෙනවා. ඒ මේදිනවල විකාශයන වන කූඹියෝ නිසා, ඒ ගැන පැවසුවේ මෙවැන්නකි. “කූඹියෝ කියන්නෙ අපි කිහිපදෙනෙක් එකතු වෙලා කරපු වැඩක්. එහිදී රචකයා සහ අධ්‍යෂක්වරයා වුනේ මගේ මිත්‍රයා ලක්මාල් ධර්මරත්න. නිෂ්පාදකවරයා වුනේ මගේ සහෝදරයා අසංක දොඩන්තැන්න.මම එහි ප්‍රධාන චරිතයට පණ පොවනවා මගේ මිත්‍රයා කලණ ගුණසේකර සමග.කූඹියෝ ගැන කතා කතාකලොත් ඇත්තටම අපි හිතුවේ නෑ ප්‍රේක්ෂකයෝ කූඹියෝ එක්ක මෙච්චර සම්බන්ධ වෙයි කියලා.මොකද මේක වෙනස් විදිහේ නිර්මාණයක් නිසා.ඇත්තටම ටෙලි නාට්‍ය කලාව ගැන තියෙන අසුභවාදී ආකල්පයත් එක්ක කූඹීයෝට ලැබෙන ප්‍රතිචාරයට සතුටුයි. අපි හිතුවටත් වඩා කූඹියෝ ලොකු තැනක ඉන්නවා. ඉස්සර හැමෝම බැන්නේ ප්‍රේක්ෂකාගාරයට ටෙලි නාට්‍ය බලන් නෑ කියලා.නමුත් මේ නිර්මාණය ඔප්පු කරලා පෙන්නුවා ලංකාවේ ප්‍රේක්ෂකයෝ තවමත් ඉන්නවා කියලා.ඔවුන්ට හොද රසවින්දනයක් තියෙනවා කියලා. ”

මම හරි නපුරියක්

නිරූපණ ක්ෂේත‍්‍රයේ සිට රංගන ක්ෂේත‍්‍රයට පැමිණි මේ තිළිණි පෙරේරා ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නෙ, මුතුකුඩ නාට්‍යයේ මුතුකුඩ මැණිකේ නිසයි. ඊට අමතරව සල්සපුනා නාට්‍යයේ මාෂා ලෙසත් පෙනී සිටි තිළිණි ගැන අද මේ විදියට ටෙලිනාට්‍ය ශිල්පිනියක ලෙස කතා වුණත් අහම්බයකින් ඇය රඟපෑමට ආවේ වයස 13 දී ලූ. ඒ අතීත මතකය එක්ක තිළිණි සඳැල්ල කතාබහට එක්වුණේ මේ විදියටයි. තිලිණි දැන් නිරූපණ කටයුතු අත්හැරලද? නැහැ, නිරූපණ අංශයෙන් තමයි මම ක්ෂේත‍්‍රයට ආවේ. ඒත් මගේ ආසාව වුණේ රඟපෑමේ අංශයයි. ලොකුම හීනය වුණේ නිළියක වීමයි. ඒ අංශයෙන් සාර්ථකවීම තමයි අරමුණු කර ගත්තෙ. නිරූපණ කටයුතුවල දිගටම යෙදෙනවා. ඒත් වැඩි අවධානය ලබා දෙන්නේ රංගනයටයි. අද වනවිට කොහොමද ඔබගෙ රංගන කටයුතුවලට ලැබෙන ප‍්‍රතිචාර. ඒ ගැන නම් මට හරි සතුටුයි. අද වනවිට සෑහෙන පිරිසක් අතර මා ජනප‍්‍රිය වී ඇති බව හැෙඟනවා. ඇයි නිළියකවීමට සිහින මැව්වේ? පළමු ටෙලි නාට්‍ය රංගනයට මම එකතු වුණේ අවුරුදු 13දී. ‘කැදැල්ල නෑ උණුසුම්’ ටෙලි නාට්‍යයයි. ටයිටස් ප‍්‍රනාන්දු මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කළේ. දැන් එතුමා නැහැ. ඒක ඇත්තටම අහම්බයකින් වෙච්ච දෙයක්. පුංචි කාලයේ ඉඳලම නිළියක

බුකියේ කොල්ලො චූන් වෙලා ඉන්නේ - ලබන වසරේදී අපේ විවාහය සිද්ධ වෙයි

දුෂ්‍යන්ත් මේ දවස්වල ඔමරිලතා එක්කනේ රසිකයෝ අතරට ඇවිත් ඉන්නේ. කොහොමද ඔමරිලතාට ලැබෙන ප්‍රතිචාර? මගේ අලුත්ම මියුසික් වීඩියෝව ඔමරිලතා. හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබෙනවා. දැනට මේ වීඩියෝව ලක්ෂ දෙකහමාරකට වඩා අධික පිරිසක් නරඹලා තියෙනවා. මේ ගීතයෙ පද රචනය සහ සංගීතය ශාමේන්ද්‍ර ජෝෂප් කියන මගේ මිත්‍රයෙක් කළේ. මේ වීඩියෝ එකට ඔබ සම්බන්ධ කර ගත්ත පියුමි මේ දවස්වල කාගෙත් කතාබහට ලක් වෙන චරිතයක්. ඒ කතාබහේ උණුසුමත් එක්ක දුෂ්‍යන්ත් වීඩියෝව ගොඩදාගන්න හැදුවාද? ඇත්තටම මේ දවස්වල කාගේත් කතාබහට ලක්වුණු මාතෘකාව ඉරාජ්ගෙ මියුසික් වීඩියෝ එක. පියුමි ගැනත් වැඩිපුර මේ දවස්වල මිනිස්සු කතා වෙන්නේ ඒ වීඩියෝ එක නිසා. ඉරාජ්ගේ වීඩියෝ එකට කලින් තමයි මගේ මියුසික් වීඩියෝ එක රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. ඒක කරන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුලදී. අවසාන ෂූට් එක ජූලි 2දා කරලා මම යුරෝපයට ගියා. මම ලංකාවේ හිටපු නැති හේතුව නිසා තමයි මේ වීඩියෝ එක එළියට එන්න මේ තරම් ප්‍රමාද වුණේ. තව දුරටත් ප්‍රමාද කරන එක තේරුමක් නැති නිසා මේ වෙලාවෙ වීඩියෝව රිලීස් කළා. මේ වීඩියෝ එකට පියුමිවම තෝරා ගන්න හිතුවේ ඇයි? පියුමි කියන්නේ සමාජ මාධ්‍යවල හිට් වුණු චරි

පෙම්වතිය වෙන්න බැහැ- ඉස්සර තරම් ජනප්‍රියත්වය නැහැ කියලා මං දන්නවා

අදින් වසර කිහිපයකට ප්‍රථම ඇය අපේ ඇස ගැසුණේ වසුදා ටෙලි නාට්‍ය සමඟය. එමෙන්ම එකල ඇගේ රුව ද නොදන්නා කෙනෙක් නොවීය. දශකයකට ආසන්න කාලයක් රඟ නොපෑ ඇය අවසන් වරට රඟපෑ නාටකය වූයේද එයයි. ඉන් ඇය ජනප්‍රිය වූවාය. අවාසනාවකට ප්‍රශානි රංගනයට විරාමයක් තැබුවේ වසුදා නාට්‍යයෙන් පසුවයි. ප්‍රශානි නැවතත් සිය රංගන චාරිකවේ දෙවැනි ගමන අරඹා තිබේ. ඒ ලාල් ප්‍රියදේවගේ අප්පට සිරි චිත්‍රපටය තුළිනි. එහි ඇය ප්‍රධාන චරිතයකට පණ පොවමින් යළි අප හමුවට පැමිණියාය. ප්‍රශානි, කෙහෙද මෙච්චර කල් ගිහින් හිටියේ? වසුදා නාට්‍යයෙන් පසුව මං බැන්දා. බැඳලා රට ගියා. ඊට පසුව මං මවක් වුණා. දැන් බබා ලොකුයි. තුන වසරේ මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ඉගෙන ගන්නවා. ජීවිතයේ නිසි කාලවලදී නිසි දේවල් කරගන්න ඕනෑ. නැත්නම් පසුතැවෙන්න වෙනවා. විවාහයත් සමඟ මට රට යන්න සිදු වුණා. මහත්තයත් එක්ක විදෙස් ගතවෙලා විවාහ ජීවිතය ගෙව්වා. බබාගේ අධ්‍යාපන කටයුතු එක්කයි ලංකාවට මං ආවේ. දැන් ආයෙත් රංගන වැඩ පටන් ගත්තා. ඔබ රඟ නොපෑ කාලය ගැන මොන වගේ අදහසකින් ද ඉන්නේ? එක අතකින් දුකයි. එක අතකින් සතුටුයි. පවුල් ජීවිතය ගොඩ නඟා ගන්න පුළුවන් වීම ගැන සතුටුයි. කලාවෙන් ඈත්වීම ගැන දුකයි. මේ කාලය අ

ශ්‍රියන්ත මෙන්ඩිස් කුසුම් රේණු එක්ක එකතු වෙලා තවත් නළු නිලියෝ සමග උපන්දිනය සමරපු හැටි

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ 60 වන උපන්දිනය (25) දිනට යෙදී තිබුණා. ඒ හේතුවෙන් සිය නිවසේ සංවිධාන කළ පුංචි උපන්දින සාදයක්ද පැවැත්වුණා.. එම සාදයට පවුලේ හිතවතුන් මෙන්ම රංගන ශිල්පීන් , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියා. නැටුම් ගැයුම් වැයුම් මැද ඔහු සිය උපන්දිනය සැමරූ අයුරු පහතින්.

Pre Shoot එකට යන්න පොලිස් නිලධාරියට 500ක් දික් කර වැඩ වරදාගත් සුරූපිනියන්

රියදුරු නීති කැඩු සුරූපී තරුණියෙකු කල වරදින් පලා යාමට පොලිස් නිළාධාරියෙකුට මුදල් දීමට උත්සහ දැරූ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාල වල දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.   තම රාජ කාර්යය සිදු කිරීම සඳහා පොලිස් නිළධාරියා රථය ලඟට පැමිණි විට මෙම තරුණිය විසින් රු 500 ක මුදලක් මුදල් පසුම්බියෙන් ගෙන පොලිස් නිළධාරියාට දීමට උත්සහ කරන අතර ‍එම අවස්ථාවේ පොලිස් නිළධාරියා සාක්ෂියක් වශයෙන් ඇය මුදල් ලබා දීමට තැත් කරන අයුරු වීඩියෝ ගත කර තිබෙ.   පසුව එම තරුණිය පොලීසිය වෙත රැගෙන ගිය බව ආරාංචි මාර්ග සඳහන් කරනවා. තරුණිය පොලිස් නිළධාරින්ට අල්ලස් ලබා දෙන වීඩියෝ පටයයි මේ...

චන්දිමාල්,දයාසිරි ජයසේකරට අමතරව මහින්ද රාජපක්ෂ මහතා ගංගා මෑණියන් හමු වෙයි -

මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ක්‍රීඩකයන්ට අමතරව වැඩියෙන්ම ඈඳුන නමක් තමයි ගංගා මෑණියන්. ඒ ටෙස්ට් නායක චන්දිමාල් මැච් එකකට කලින් ආශිවාර්ද ගන්න ගිය ගංගා මෑණියන් ගැනයි. ගොඩ දෙනෙක් විහිළුවට වගේ හොඳ කියලා තිබුනේ ඇය හින්දා තමයි පසුගිය මැච් දිනුවේ කියන කතාව. දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරන විට වෙනදා කිසිවෙකු දැක නැති සුරයක් ද ඔහු පැළද සිටිනු දක්නට හැකිවිය.   කෙසේ වෙතත් මේ කියන ගංගා මෑණීයන්ව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් බැහැ දකින්න ගියා කියලා බුකියේ හැම තැනම වගේ කතා වෙනවා. ඇයව හමු වීමට ගිය හේතුව මෙතෙක් අනාවරණය නොවුනත් එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් අප වෙත හමු වුණා. පහතින් එම ඡායාරූප...

පහුගිය දවස වල මහත් ආන්දෝලනාත්මක පුවත් මැවූ ශිහාන් මිහිරංග කියන කතාව -

ශිහාන් මිහිරංග කියන්නේ රියැලිටිකරණය සැබෑ කරගත් දක්ෂ හා ජනප්‍රිය තරුවක්. තරුණියන්ගේ තවමත් සිහින කුමාරයා ඔහුයි.නිරන්තරයෙන් ඔහුගේ ගීත ඇහුණේ නැතත් ඔහු තවමත් ජනප්‍රියයි. මේ ඔහුගේ අලුත් තොරතුරු පුවත්පතක සදහන් වූ අයුරුයි. ශිහාන් මිහිරංග කියන ගායකයා ජීවිතේ වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොනවගේ දේවල්වලින්ද කියලා මුලින්ම කියන්න? නිදහස තුළින්.... මේ හැමදේකින්ම නිදහස් වෙලා ගෙවන තත්පරය පවා මට ලොකු සතුටක්. එතකොට ඔබ වැඩියෙන්ම දුක් වෙන්නේ...? මම ජීවිතය ගොඩනගන විට බිංදුවට වැටුණු අවස්ථා තිබුණා. රැවටීම්වලට ලක්වූ අවස්ථා තිබුණා. වැරදුණු අවස්ථා තිබුණා. ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නෑ. ඔබට දුක් දුන්නේ ප්‍රසිද්ධ චරිතද? මම කතා කරන්නේ අවුරුදු 19 වෙනකල් ගෙවිලා ගිය සැහැල්ලු ජීවිතේ නෙමෙයි. කිසිදෙයක් දන්නේ නැති අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයකු විදියට ක්‍ෂේත්‍රයට ඇවිල්ලා මේ අවුරුදු 12 තුළ විඳි අනන්ත අප්‍රමාණ අත්දැකීම් හා ඊට දායක වූ අය ගැන. ඒවා ප්‍රසිද්ධියේ කියන්න ගියොත් ඇති වන අතුරු ප්‍රශ්න ශිහාන්ට තවත් දුකක් එකතු කරයි කියලා බයක් තියෙනවාද? කිසිම බයක් නැහැ. ඉදිරියේදී මම

"ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා" සෝමසිරි අලකොලංග

ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග පැවිදි දිවියට ඇතුළත් වීම පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වූ පුවතක්. ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදිවූ උන්වහන්සේ තමා හමුවීමට ආ මාධ්‍යවේදීන්ට පුද්ගලික කාරණා හෙළි නොකර ආපසු හරවා යැවූ පුවතක්ද වාර්තා විය. කෙසේ වෙතත් බලවත් පෙරැත්තය හමුවේ සෝමානන්ද හිමි පුවත්පතකට සිය පැවිදි දිවියේ තොරතුරු පවසා තිබුනා.   එම සංවාදය පහතින්, ‘ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා. මා ගොඩක්‌ කාලයක සිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. ගොඩක්‌ කාලයක ඉදලා මහණ විමට බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඇත්තටම මහණ වුණේ දාන පාංශු කූලවලට වඩින්න නෙවෙයි. භාවනාව කරගෙන සිත දියුණු කරගන්න තමයි පැවිදි වුණේ. ජීවත්වෙන්න අමාරු හින්දවත් කලකිරීම නිසා නෙවෙයි මහණ විමට තීරණය කළේ.. පවුලේ සියලූ දෙනාගේ වගකීම් ඉෂ්ට කරලා ඒ අයගේ අවසරය ඇතිව තමයි මහණ වුණේ. මහණ වුණේ නිකන් සංඝයා වහන්සේ කෙනෙක්‌ වගේ ඉන්න නෙවෙයි. භාවනා කටයුතු කරගෙන ඉන්න. මා රංගනයට දායක වන අවදියෙත් කාලයක සිට භාවනාව ප්‍රගුණ කළා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරිමට පහසුයි කියලා අවබෝධ

ජංගම දුරකථනය නැති වුන හැටි සජීවී වැඩසටහනකින් පෙන්වලා මහේෂිව පුදුම කරපු හැටි

මහේෂි මධුෂිකා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන පෙම්වතියක්. ඇයට පසුගියදා අපුරූ සිදුවීමක් වෙලා. නොහිතපු මොහොතක කලබලයට වුණු සිද්ධියක් නිසා ඇයගේ ජංගම දුරකථනය නැති වෙනවා.   එය නැති වුණේ කොහොමද කියලා ඇයවත් දන්නේ නැහැ. නමුත් ඊයේ රාත්‍රියේ හිරු රූපවාහිණියේ විකාශය වුණු කොපි චැට් වැඩසටහනේදී ජංගම දුරකථනය නැති වුණේ කොහොමද කියලා ඇයට දැනගන්න ලැබුණා. ඇයවත් පුදුම කෙරූ ඒ වීඩියෝව පහතින් දැක්වේ.

Roshan Ranawana

Gayathri Dias

පාපන්දු තරුව පරදා ක්‍රිකට් තරුවට ජය - කෝලි මෙසීවත් පසුකර යයි

ලොව වැඩිම වෙළඳ වටිනාකමක් ඇති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ  හත්වන ස්ථානය ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි හට හිමිව තිබේ. ලෝක ප්‍රකට ෆෝර්බ්ස් සඟරාවේ නවතම වර්ගීකරණය අනුව ඉන්දීය ක්‍රිකට් නායකයා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනොල් මෙසීවද පසුකර යාමට සමත්වීම විශේෂත්වයකි. එහිදී කෝලිට ලැබී ඇති වෙලඳ වටිනාකම ඩොලර් මිලියන 14.5ක් ලෙස දැක්වෙන අතර,මෙසී හට ඩොලර් මිලියන 13.5ක වටිනාකමක් හිමිව ඇත. මෙම ලැයිස්තුවේ පළමු තැන හිමිව ඇත්තේ ටෙනිස් ක්‍රීඩක රෝජර් ෆෙඩරර් හටයි.ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 37.2ක් ලෙස සටහන්ව ඇත. ඒ ඒ ක්‍රීඩකයන්ගේ වැටුප හා අනෙකුත් ආදායම් මාර්ග මත මෙම තොරාගැනීම සිදු කෙරෙයි.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් නිළියකගෙන් සමාව ඉල්ලයි

තමන්ට ලිංගික අපහාසයක් කළ බවට චෝදනා කරන නිළියකගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමාව ඉල්ලා තිබෙනවා. 93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා 'ටර්න්: වොෂින්ටන් ස්පයීස්' නම් රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පැවති උත්සවයකදී, ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් "ස්පර්ශ කළ" බවට හෙදර් ලින්ඩ් (Heather Lind) චෝදනා කර ඇත. ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය ඔස්සේ එම චෝදනාව එල්ල කළ ඇය පසුව එම සටහන මකා දමා ඇති බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. හිටපු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ විහිළුවක් කිරීමට උත්සාහ කළ බව ඔහුගේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත. "ජනාධිපති බුෂ් කිසිදු අවස්ථාවක - කුමන තත්වයක් යටතේ වුවත් - කිසිවෙකුටත් දැනුවත්ව සිත් තැවුලක් ඇති නොකරන" බව පවසන ප්‍රකාශකයා, "විහිළුවක් කිරීමට ඔහු දැරූ උත්සාහය මගින් ලින්ඩ් මහත්මියට සිත් තැවුලක් වූයේ නම් ඔහු අවංකවම සමාව ඉල්ලා සිටින" බව ද ප්‍රකාශකයා විසින් ඩේලි මේල් (Daily Mail) පුවත්පත, පීපල් (People) සඟරාව ඇතුළු ප්‍රකාශන වෙත නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙනවා.

කාගෙත් හිත ගත්ත කූඹියෝ කතාවේ ඔස්ටින් අයියාට අසාධ්‍යය වී හදිසියේ රෝහල් ගත කරයි

කූඹියෝ කියන්නේ මේ දිනවල හැමෝම කතා බහ කරන ජනප්‍රිට ටෙලි නාට්‍යක් කූඹීයෝ නාටයේ හැමෝගෙම හිත දිනා ගත් මැර චරිතය තමයි මරධානේ ඔස්ටින් අයියා කියන්නේ, ඔස්ටින් චරිතයට පන පොවන්නේ සේනක ඇන්තනීට මහතා සේනක ඇන්තනීම මහතා නොසිතූ ලෙස අසාධ්‍යය වී සිංගප්පුරුවේ රෝහලකට ඇතුලත් කර තිබෙන බව වාර්තා වෙනවා. පසුගිය දා 'අලුත් හොරෙක් ඕනේ' වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීම සඳහා විදේශ ගතව නැවත පැමිණීමේ දී සිංගප්පුරු ගුවන් තොටුපලේ දී සිහිසුන්ව ඇද වැටීම හේතුවෙනි. ඔහු ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙක් ද වේ. මේ වන විට ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

Facebook Explore Feed ෆේස්බුක් සමාගම හකුලා ගන්නා ලකුණු

Facebook Explore Feed නිසා ෆේස්බුකියේ බොහෝ දෙනෙක් ගැටලුවලට මුහුණ පාන්නට සිදුවෙලා තියෙන පුවත ඔබ මේ වන විටත් දන්නවා ඇති. මේ හේතුවෙන් ලංකාවෙ ෆේස්බුක් පිටුවලට ලොකු ගැටළුවක් ඇතිවෙයි කියලා තමයි ගොඩක් අය හිතුවෙ. කොහොම වුනත් මේ දවස්වල අඩු වැඩි වශයෙන් ගොඩක් දෙනා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ෆේස්බුක් මගින් නිකුත්කල මෙම යාවත්කාලීන කිරීම නිසා සාමාන්‍ය News Feed එක තුල Facebook Pages මගින් දමන පොස්ට් දර්ශනය වීම කර ඒ සඳහා වෙනමම Facebook Explore Feed හඳුන්වා දී තිබුනා. මෙම Facebook Explore Feed යාවත්කාලීන කිරීමට ලොව පුරා සිටින Facebook සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවුනත් ලංකාව ඇතුළු තවත් රටවල් 05 ට මෙම යාවත්කාලීන කිරීම වෙනස් විදියට සිදුකර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව,සර්බියාව,බොලීවියාව, ගෝතමාලාව, කාම්බෝජියාව සහ ස්ලොවේකියා යන රටවල් වලට Facebook Pages මගින් දමන පොස්ට් සියල්ලම Explore Feed හි පමණක් පෙන්වනු ලබනවා. අනෙකුත් රටවල් වලටද ඔවු්න්  Like කර ඇති Pages  සහ ඔවුන්ට සුදුසුයැයි අනුමාන කරන පොස්ට් Explore Feed එක තුල පෙන්වනු ලැබුවද ඔවුන්ට සුදුසු යැයි අනුමාන කරන සහ ඔවුන් Link කර ඇති Pages වලට අදාල ඉතා ජනප්‍රිය ස

මගේ සමලිංගික හැසිරීම් පෙම්වතිය අගය කළා

දසුන් පතිරණ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙකු බව ඔහු ඔප්පු කරලා පෙන්නුවේ රංගනයට පිවිසිලා ඉතාමත් කෙටි කාලයක් තුළදියි. වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවේත් විවිධාකාර චරිත නිරූපණය කළ දසුන් පහුගියදා පැවැති දෙරණ සිනමා සම්මාන උළෙ‍ලේදී “හොඳම නළුවා” ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. “සයපෙති කුසුම’ චිත්‍රපටයේ කළ ආන්දෝලනාත්මක රංගනය උදෙසායි දසුන්ට මෙම සම්මානය හිමි වුණේ. හොඳ රංගනයක් කරන විට සම්මාන සහ ඇගයීම් ගැන ඕනෑම නළුවෙකුට බලා‍පොරොත්තු ඇති වෙනවා “සයපෙති කුසුම” රඟපාන කාලෙදි දසුන්ටත් ඒ විදිහේ බලා‍පොරොත්තුවක් තිබුණාද? සම්මානයක් බලාගෙන නම් මම කවදාවත් රඟපාන්නේ නැහැ. ‘‘සයපෙති කුසුම’’ රූගත කරන කා‍ලේ මට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ සමලිංගික චරිතයක් රඟපෑම මගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙයිද? මම රඟපෑ චරිතයට සාධාරණයක් ඉටු වෙයිද? කියන ප්‍රශ්න නමෛයි. මේ චිත්‍රපටය පෙන්වා ගන්න පුළුවන් වෙයිද? කියන එකයි. ”සයපෙති කුසුම” සමලිංගික තේමාවක් රැගත් චිත්‍රපටයක්. ඔබට එහිදී තවත් සහෝදර නළුවෙකු සමග දෙතොල් සිප ගැනීමට පවා සිදුවනවා. මේ වගේ චරිතයක් භාරගනිද්දී හිතට චකිතයක් ඇති වුණේ නැද්ද? මට කිසිම චකිතයක් ඇති වුණේ නැහැ. මොකද මට චරිතයක් කියන්නේ චරිතයක

අනූවැනි වියට පා තබන සිබිල් ‍වෙත්තසිංහ

ශ්‍රී ලාංකික ළමා සාහිත්‍යයේ හැඩතල සකසන්නට දායක ‍වෙමින් ළමා ‍ලො‍‍වේ ‍නොමැ‍කෙන සටහන් තැබූ චිත්‍ර ශිල්පිනියක් සහ ‍ලේඛිකාවක් වන සිබිල් ‍වෙත්තසිංහයන්‍‍ගේ අනූ වැනි ජන්ම දිනය ‍යෙදී ඇත්‍‍තේ ඔක්‍‍තෝබර් මස 31 වැනිදාය. ඒ ‍වෙනු‍වෙන් ඔක්තෝබර් මස 31 වැනිදා සිට ‍නොවැම්බර් මස 02 වැනිදා දක්වා ඇ‍ගේ නවතම චිත්‍ර නිර්මාණයන් රැගත් ප්‍රදර්ශනයක් ලයනල් ‍වෙන්ඩ්ට් කලාගාර‍යේදී පැවැත්වීමට ඇ‍ගේ ප්‍රධානතම ‍පොත් ප්‍රකාශක සමාගම වන ආදිත් ප්‍රකාශක සමාගම කටයුතු කර ඇති අතර, ‍මෙහිදී පුදුම රිදී ගස සහ සිද්ධාර්ථ කුමාරයා‍ගේ කතා‍වේ චිත්‍රද ඉදිරිපත් ‍කෙ‍රේ. 1928 වස‍රේ උපත ලැබූ ඇය සිය වසර අසූ නව‍යෙන් 70ක්ම සාහිත්‍ය ‍ලෝකය ‍වෙනු‍වෙන් කැප කළ ‍ලේඛිකාවක් වන අතර, විස්මිත අපූර්ව ‍ලෝක‍යේ මායාවන් සහ එදි‍නෙදා ජීවිත‍යේ සැබෑවත් එම චිත්‍රවල සංකලනයය වී තිබීම ඇ‍ගේ සුවි‍ශේෂී අනන්‍යතාවයයි. ‘ආයු‍බෝ ‍වේවා, අනූවට පා තබන සිබිල්’ යනු‍වෙන් නම්කර ඇති ‍මෙම ප්‍රදර්ශනය, ඔක්‍‍තෝබර් මස 31 වැනිදා සවස 4.30 සිට ජනතාවට විවෘත වන අතර, ‍සෙසු දින ‍දෙ‍කෙහිදී උදෑසන 10 සිට සවස 7.30 වනතුරු විවෘත කර ති‍බේ. තම හිත තුළ සිටින ළමයා ජීවත් කිරීම ‍වෙනු‍වෙන් ළමයින් ‍වෙන