Skip to main content

Posts

Showing posts from May, 2018

Maheshi Madhusanka

ඇන්ටිගේ පැටලිලි නිසා නිලන්ති එක්ක දුම්මල වරම ට ගිය රජිතට වෙච්ච දේ

  රජිත  මතකද නිලන්තිගේයි ඔයාගේයි මේ යාළුකම ඇති වෙන්න මුලින්ම මුණගැහුණු කාලය එහෙම…? ඔව්… ඔව්… හොඳට මතකයි. මම මේ ෆීල්ඩ් එකට එන්න කලින්ම තමයි නිලන්ති ෆීල්ඩ් එකට ඇවිත් තිබුණා. ඒ නිසා මම රෑපවාහිණියෙන් එහෙම නිලන්තිව දැකලා තිබුණා. හැබැයි එතකොට නම් මගේ හොඳම මිතුරිය නිලන්ති වෙයි කියලා හිතුවේ නැහැ. මගේ මංගල චිත්‍රපටය වුණු “දවල් මිගෙල් රූ දනියෙල්” චිත්‍රපටයේ මුහුරත් උළෙලේ හොටෙල් සෆයාර් එකට සහභාගි වුණා. එතකොට මම අලුත්ම අලුත් නළුවෙක්. තට්ටුගෙවල්වල කොටස් හතරක් පහක් රඟපාලා තිබුණා. නළු නිළියෝ අතර මම බොහෝම ආධුනිකයෙක්. ඒ වෙනකොට එතනදී මාව කවුරැත් එහෙම ලොකුවට එතන ගණන් ගත්තේ නැහැ. මම ඒ කාලේ අලුත් එකෙක්නේ. ඉතින්… මට ඒ නොගැලපෙනවා වගේ හිතුණු තැනේ කෙළවර මේසයක තනියම වාඩිවෙලා හිටියා. ඔය වෙලාවේදී නිලන්ති එයාගේ අම්මත් එක්ක ඇවිත් මාව දැකලා “ආ… කොහොම ද අපි ඔයාව ටී.වී. එකේ දැකලා තියනවා…” කියලා මාත් එක්ක කතා කරලා එයාලා වාඩි වුණු මේසෙට මටත් කතා කළා. ඊට පස්සේ මට හිතට පොඩි හයියක් ආවා. කෙහොම හරි මුහුරත් උළෙලේ පහන පත්තු කරද්දී මට නිලන්ති එක්ක තමයි පහන පත්තු කරන්න ආරාධනා කළේ. ජීවිතේ මුහුරත් උළෙලක මුල්ම වතාවට පහන පත්තු කරන්

ප්‍රියංකා නැවතත් ඉන්දියාවට

Views 45 ‘කුයින්ටිකෝ’ ඇමෙරිකානු දිගු ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු නිමා වූ විගස එහි ප්‍රධාන චරිතයට පණ පොවන බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා නැවතත් ඉන්දියාවට පැමිණිමට නියමිත බව සඳහන් වේ. කෙසේ වෙතත්, ඇය සිය ‘ටිවිටර්’ ගිණුම හරහා සටහනක් තබා ඇත්තේ ඇය මෙසේ ඉන්දියාවට පැමිණෙන්නේ සල්මාන් සමගින් රංගනයේ යෙදෙන ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා බවය. ප්‍රියංකා සල්මාන් ඛාන් සමගින් චිත්‍රපටයක රංගනයෙන් එක්වන්නේ වසර 11කට පසුව වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, සල්මාන් සමග ඇය රඟපෑ ‘මුජ්සේ ෂාදි කරෝගි’ හා ‘ස්ලාම් ඉෂ්ක්’ චිත්‍රපට අතිශය ජනප්‍රිය විය.

සීමා මායිම් තිබ්බම හරි කරදරයි- මම ජීවිතය විඳිනවා

පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා? ඔව්. ඒ 'වස්සානයේ සඳ' චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන හිටියේ. දැන් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. කියාගන්න බැරි සන්තෝෂයක් තියෙනවා මේ වගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන. උදයකාන්ත වර්ණසූරියට පියුමි අහුවුණේ කොහොමද? උදයකාන්ත අයියයි, ඔහුගේ බිරිය ශාන්ති අක්කයි මීට අවුරුදු පහකට කලින් රොසෑන් අක්කාගේ මොඩ්ලින් ස්කූල් එකට ඇවිත් රංගනයට ළමයි තේරුවා. එදා මාවත් තෝරගත්තා. ඒත් එදා මම රඟපාන්න එන්න බෑ කිව්වා. ඊට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් උදයකාන්ත අයියා මේ නිර්මාණයට මට කතා කළා. මුල් ආරාධනාව කරද්දී පියුමි උදයකාන්තගේ ආරාධනාව භාරගත්තේ නැත්තේ? මම ඒ වෙනකොට මොඩ්ලින් කළේ. ඉතිං මම කවදාවත් රඟපාලා තිබ්බේ නැහැ. මම රඟපාන්න දන්නේ නැති නිසා තමයි ඒ ආරාධනාව භාරගත්තේ නැත්තේ. 'වස්සානයේ සඳ' චිත්‍රපටයට ආරාධනා කරද්දී ඔයාගේ රංගන හැකියාව ගැන විශ්වාසයක් තිබුණද? උදයකාන්ත අයියා මට දවස් දෙක තුනක්ම කතා කළා. මම බය වෙලා හිටියේ මට චිත්‍රපටයක රඟපාන්න පුළුවන් වෙයිද කියලා. උදයකාන්ත අයියගේ බිරිය මට හරිම ආදරෙයි. 'පියුමි මේක ඔයාට හොඳ චා

රංගනයට යොමු වෙන එක කාලය තිරණය කරයි

රූපවාහිනි නාලිකා සංවිධානය කළ අවුරුදු කුමරි තරග කිහිපයකින්ම ජයගත් බුද්ධි ජයවර්ධන වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වේ. මේ වනවිට රංගනයටද පිවිස ඇති බුද්ධි රඟන පළමු ටෙලි නාට්‍යය මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ‘අවසන් ඉනිම’ වූ ඇය එහි ‘මන්දාරා’ ලෙස චරිත නිරූපණය කරනු ලබයි. ‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘මන්දාරා’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ මගේ පළමු රංගනය. ඉතින් ගොඩක් සතුටුයි පළමු රංගනයටම ඉහළ රසික ප්‍රතිචාර ලැබෙන කොට. ‘අවසන් ඉනිම’ට පස්සේ? නැහැ. මම වෙනත් ටෙලි නිර්මාණයකට දායක වුණේ නැහැ. ටෙලි නාට්‍යය කිහිපයකට කතා කළා. නමුත්, ඒවාට දායක වුණේ නැහැ. කාලයක් යනතුරු රංගනයට පැත්තට යොමු වෙන්න නැහැ කියලා තිරණය කළා. ඇයි රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න කැමති නැද්ද? මම නිරූපිකාවක් විදිහට වැඩ කරන්න තමයි ගොඩක් ආස. තව කාලයක් නිරූපණ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න ආසයි. ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වුණොත් කාලය ගොඩක් වැය වෙනවා. වෙන දෙයක් කරන්න වෙලාවක් හොයාගන්න බැහැ. නමුත්, නිරූපණ කටයුතුවලදී එහෙම නැහැ. ඒ කියන්නේ රංගන ක්ෂේත්‍රයට වඩා නිරූපණ ක්ෂේත්‍රය හොඳයි කියන එකද? මොහ

අනතුරට ලක්වුණු දැරියගේ සුවදුක් බලන්න දීපානි යයි

ජනප්‍රිය රංගන ශිල්පිනී දීපානි සිල්වා අතින් සිදුවූ රිය අනතුර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කල දැරිය මේවනවිට සුවවී තම නිවෙස කරා පැමිණ තිබේ. එම දැරියගේ සුවදුක් විමසීමට එහි ගොස් තිබේ. එම දැරියගේ ප්‍රතිකාර සඳහා වැයවන මුදල් පියවීමද ඇය විසින් සිදු කර තිබේ.

තට්ටු ගානකින් බිමට වැටෙන්න ගිය පුංචි දරුවා බේරගන්න, තරුණයෙක් මකුළුවෙක් වගේ බිත්ති දිගේ උඩට නැන්ග විශ්මිත දසුන

මම පාරේ යනකොට දැක්කා දරුවෙක් අත් දෙකින් එල්ලිලා කෑ ගහලා අඩනවා.." "ඒක දැකපු ප්‍රංශ ජනාධිපති මාව සුපර් මෑන් කෙනෙක් කරලා.." Mamoudou Gassama කියන්නේ වයස අවුරුදු 22ක පසුවන තරුණයෙක්. ඔහු ඉන්නේ ප්‍රංශයේ. මේ දවස්වල ඔහුව හදුන්වන්නේ ප්‍රංශයේ ඉන්න සුපර් මෑන් කියලයි. ඊට හේතුව ඔහු මහමග ගමන් කරමින් සිටියදී තට්ටු ගණනාවක ගොඩනැගිල්ලේ හතරවැනි තට්ටුවේ එල්ලී හිටිය කුඩා දරුවෙකු බේරා ගැනීමට සමත් වූ නිසයි. "මම පාරේ යනකොට දැක්කා දරුවෙක් අත් දෙකින් එල්ලිලා කෑ ගහලා අඩනවා. වැටෙන්න ඔන්න මෙන්න. තරප්පු පෙළ නැගලා ළමයාව බේරා ගන්න වෙලාවක් නැහැ. මිනිස්සුත් වට වෙලා කෑගහනවා දරුවා බේරා ගන්න කියලා. නමුත් කිසිම කෙනෙක් දරුවා බේරා ගන්න උත්සහ කළේ නැහැ. ඒ නිසා මම බැල්කනි ආධාරක අල්ලා ගනිමින් හතර වැනි තට්ටුවටම තත්ත්පර 30ක් ඇතුලත නැගලා දරුවාව බේරා ගත්තා. මම උඩට යනකොට හිතුවේ දරුවා වැටෙයි කියලා. නමුත් දරුවා බේරුනා දෙවියන්ගේ පිහිටෙන්. දරුවා බේරාගෙන පහලට එනකොට තමයි මම දැක්කේ මේ දර්ශනය බොහෝ දෙනෙක් වීඩියෝ කරලා කියලා. විශාල පිරිසක් එතනට ඇවිත් හිටියා. මේ වීඩියෝව සමාජ ජාල වගේම මාධ්‍ය මගින් විකාශය වෙලා තියෙනවා. ඒක

පුංචි තිරයට ආ පුංචි කෙල්ල සිතුම්ලි

මේ දිනවල පුංචි තිරයේ වැඩි පේ‍්‍රක්ෂක ආදරයක් ආකර්ෂණයක් ලබාගෙන තිබෙන පුංචි ළමා රංගන ශිල්පිනියක් මෙවර සැඳැල්ල කතාබහට එකතු කර ගත්තා. ‘‘කිරුළි’’ ටෙලිනාට්‍යය හරහා ඔබ හමුවට එන ඇය තමයි ‘‘සිතුම්ලි රුහන්සා’’ මේ සිතුම්ලිගෙ කීවෙනි ටෙලිනාට්‍යයද? මේ මගේ පළවෙනි ටෙලිනාට්‍ය. මීට කලින් වෙළඳ දැන්වීම්වල නම් ඉඳලා තියෙනවා. වෙළඳ දැන්වීම් කීයකට විතර ඉඳලා තියෙනවද? මේ වෙද්දී වෙළඳ දැන්වීම් 20ක් විතර කරලා තියෙනවා. මුලින්ම වෙළඳ දැන්වීමකට සම්බන්ධ වෙද්දි සිතුම්ලිට වයස කීයද? එතකොට මට මාස 10 යිලූ. ඊට පස්සෙ අවුරුදු 3 ඉඳන් වගේ වෙළඳ දැන්වීම්වල ඉඳලා තියෙනවා. ඉතින් කියමුකො ටෙලි නාට්‍යයක් සඳහා සිතුම්ලිට ආරාධනා ලැබෙන්නෙ කොහොමද කියලා? මම සම්බන්ධ වුණු චට්නි වෙළඳ දැන්වීම දැකලා මේ කතාවෙ අධ්‍යක්ෂ මාමා ඒකෙ හිටපු අම්මා රුවිනි ලක්මාලි ඇන්ටිගෙන් තමයි මගෙ නම්බර් එක ඉල්ලගෙන අපේ අම්මට කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ මාමලා අපේ ගෙදරට ඇවිල්ලා මාව ඉල්ලලා තියෙන්නෙ. ‘‘කිරුළි’’ නාට්‍යයේ සිතුම්ලිගෙ චරිතෙ ගැනත් කතා කරමුද? අහිංසක චරිතයක්. අම්මාගෙන් ඈත්වෙලා වෙන ගෙදරක ඉන්නෙ. ඒ ගෙදර දුවෙක් ඉන්නවා. එයාගෙනුත් මට හරියට කර

පැරදුණත් සතුටු වෙන ප්‍රිති සින්ටා

පසුගියදා නිමාවට පත්වූ ‘ඉන්දීය ප්‍රීමියර් ලීඝ්’ තරගාවලියේදී ප්‍රිති සින්ටාගේ හිමිකාරීත්වය ඇති ‘කිංග්ස් ඉලෙවන් පන්ජාබ්’ කණ්ඩායම අවසන් තරග සඳහා එක්වීමට පෙර තරගාවලියෙන් ඉවත් විය. මෙම තරගාවලිය ආරම්භ වූදා පටන් ප්‍රිතිගේ කණ්ඩායමට අවසන් තරග සඳහා එක්වීමට නොහැකි වූ අතර, ප්‍රිති පවසන්නේ මෙවර ඒ අවස්ථාව සපුරා ගන්නට බොහෝ ඉඩකඩ තිබු බවය. ‘මම මගේ කණ්ඩායම ගැන ගොඩක් සතුටු වෙනවා. අශ්වින් ඇතුළු ක්‍රීඩකයන් මේ තරගවලියේදී හොඳිම්න ක්‍රීඩා කළා. විශේෂයෙන්ම කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් වගේම ආරම්භක පිතිකරු ලොකේස් රාහුල්. නමුත්, අපි අවාසනාවන්ත වුණේ අවසන් තරග කිහිපය ජයගන්න නොහැකි වීම හරහා අවසන් තරග සඳහා එකතු වන්න තිබුණ අවස්ථාව මඟ හැරුණ එක ගැනයි.’

The 6th Derana Sunsilk Film Awards 2018

හය වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පසුගියදා (26දා) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.එහිදී ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා වෙත ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන යාවජීව සම්මානය හිමිවූ අතර, අනෙකුත් සම්මාන බෙදී ගියේ මෙලෙසිනි. හොඳම නිළිය  -දිල්හානි ඒකනායක (ධර්ම යුද්ධය) හොඳම නළුවා -ජැක්සන් ඇන්තනී (ධර්ම යුද්ධය) හොඳම තිර රචනය -(28)ප්‍රසන්න ජයකොඩි හොඳම අධ්‍යක්ෂණය -(28) ප්‍රසන්න ජයකොඩි හොඳම චිත්‍රපටය      -28 වැඩිම  අදායම් වාර්තා තැබූ චිත්‍රපටය-ධර්ම යුද්ධය හොඳම නැගී එන නිළිය -(නිනෝ ලයිව්) උමාලි තිලකරත්න ජනප්‍රියම රංගන ශිල්පියා -හේමාල් රණසිංහ ජනප්‍රියම රංගන ශිල්පිනිය -යුරේනි නොෂිකා හොඳම සහාය රංගන ශිල්පිනිය -උමාලි තිලකරත්න (ඒ ලෙවල්) හොඳම සහාය රංගන ශිල්පියා -කුමාර තිරිමාදුර (ධර්ම යුද්ධය) හොඳම විකට නළුවා -(කොට උඩ එක්ස්ප්‍රස්) ටෙනිසන් කුරේ හොඳම දුෂ්ටයාගේ චරිත නිරූපණය-(ආලෝකෝ උදපාදි) දර්ශන් ධර්මරාජ් හොඳම සංගීත නිර්මාණය -(ආලෝකෝ උදපාදි)මිලින්ද තෙන්නකෝන් හොඳම ගායනය -අමරසිරි පීරිස් (ආලෝකෝ උදපාදි) සසුනඹරේ ගීත ගායනය. හොඳම ගීත රචනය -(ආලෝකෝ උදපාදි) පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථහ