Skip to main content

Posts

Showing posts from July, 2018

අයිරාංගනී එක්ක පූජාගේ අලුත් වැඩේ

අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාකාරණියක් තමයි අයිරාංගනී සේරසිංහ කියන්නේ. ඉතිං ඇයත් සමග දක්ෂ වගේම කවුරුත් ආදරය කරන පූජා උමාශංකර් ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා. ඒ පුවත්පතකටයි. ඉතිං මේ වෙද්දී ඒ ෆොටෝ කිහිපයක් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා.  ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන ෆෝටෝ කිහිපයක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ඒ ෆොටෝස් වල ලස්සන.

ඩිලානිට දුවගෙන් හම්බවුණ දේ

ඩිලානි අබේවර්ධන කියන්නේ අපේ රටේ කවුරුත් දන්න හඳුනන නිළියක්නේ.  ඇය නම් මේ වෙද්දී ලංකාවේ නෙමෙයි ජීවත් වෙන්නේ. කොහොමහරි ඩිලානි ගැන කතාබහක් ඇති වෙන්න හොඳම තැන තමයි මේ ෆේස්බුක් කියන්නේ.  ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමට දාපු ෆොටෝස් ටිකක් නිසා ඇය ගැන බොහෝ දෙදෙනක් අවධානයෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඩිලානිගේ දුව වෙන කවීශා කාවින්දි රෑ කෑමක් දීලා තියෙනවා. ඇය ඉතිං දුවට ස්තූති කරලා මේ විදිහට තමයි ෆොටෝස් දාලා තිබ්බේ.

අයිශ්, අභිෂේක් එකම චිත්‍රපටයක

ලොව සුරූපි නිළියන් අතරේ වර්තමානයේද වැජඹෙන බොලිවුඩ් සිනමා නිළි අයිශ්වර්යා රායි හා ඇයගේ සැමියා වන අභිෂේක් බච්චන් යොදා චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ දිනවල සූදානම් වෙන බවට තොරතුරු ලැබේ. Gulab jamun ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන අනුරාග් කාශ්‍යප් විසින් නිර්මාණය කරන්නට මුලීකත්වය ගෙන ඇතැයි සඳහන් වේ. අභිෂේක් බච්චන් අවසන් වරට රංගනයෙන් දායක වූ Manmarziyaan චිත්‍රපටයේද අධ්‍යක්ෂණය කර ඇත්තේ අනුරාග් කාශ්‍යප් විසිනි. කෙසේ වෙතත්, අනුරාග් පවසන්නේ Manmarziyaan චිත්‍රපට මෙන්ම අයිශ්වර්යාගේ Fanney Khan චිත්‍රපටයද තිරගත වූ විගස මෙහි රූපගත කිරීම් කටයුතු අරඹන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවය.

දිපීකාගේ ඉටිරුවක් ලන්ඩනයට

ලොව ජනප්‍රියතම පුද්ගලයන්ගේ ඉටි නිර්මාණ තැන්පත් කෙරෙන ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරයට බොලිවුඩ් සුපිරි නිළී දිපීකා පදුකෝන්ගේ ඉටි රුවක් එක් කිරීමට ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාර බලධාරින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. ලන්ඩනයේ පිහිටි ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය ඇති ඉටිරුව අතරට බොලිවුඩ් සිනමා නිළියක් තවමත් එක්නොමැති අතර, දිපීකා එහි පළමුවැන්නීය වීම විශේෂත්වයක් වන්නීය. හොලිවුඩ් සිනමා නිළියන් අතලොස්සක ප්‍රමාණයක් මෙහි සිටින අතර, ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ලොව බලවත් පුද්ගලයන්ගේ ඉටිරුව නිර්මාණය බව සඳහන් වෙයි. දිපීකා ජනවාරියේදී තිරගත වූ ‘පද්මාවත්’ චිත්‍රපටයෙන් පසුව මේ වසරේ සිය රසික පිරිස් මුණ ගැසෙන එකම චිත්‍රපටය වන්නේ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘සිරෝ’ චිත්‍රපටයේය. එහි ඇය ආරාධිත රංගනයක නිරත වෙයි.

ඉම්රාන් ඛාන් ගේ විවේකය ඉවරයි

Views 39 2015 කංගනා රනවුත් සම`ග ර`ග පෑ කට්ටි බට්ටි චිත‍්‍රපටියෙන් පසුව ඉම්රාන් ඛාන් මෙතෙක් කල්ම ර`ග පෑවේ නැත. ඔහු මේ විවේකය ගෙන තිබෙන්නේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ප‍්‍රථම චිත‍්‍රපටියට සූදානම් වීම ස`දහා යයි ක්ෂේත‍්‍රයේ පැතිර තිබුණේය. එහෙත් අලූත්ම වාර්තාවකින් කියැවෙන්නේ ඔහු කරන් ජෝහාර් ගේ නිෂ්පාදනයක් වන දැන්වීම් චිත‍්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්නට ගිවිසුම් අත්සන් කර ඇති බවය. ජානේ තු යා ජානේ නා ලෙසින් නම් කර ඇති මෙය ඉම්රාන් ගේ ඒ වර්ගයේ පළමුවෙනි චිත‍්‍රපටියයි. එහෙත් ඔහුගේම චිත‍්‍රපටියක අධ්‍යක්ෂවරයෙකු වීමේ අදහස තවමත් ඔහුගේ සිතින් ඉවත්ව ගොස් නැත.

ගොඩක් නාට්‍යවල මම ප‍්‍රධාන නිළියගෙ යාළුවා

රංගන ක්ෂේත‍්‍රයේ මේ දින වල කතා බහට ලක් වෙන චරිතයක් සඳැල්ල කතා බහට එකතු කර ගන්න හිතුවා. ඇය තමයි රුක්ෂානා දිසානායක. මේ කතා බහ ඇයගේ කලා ලොවේ තොරතුරු පිළිබඳව. රුක්ෂානා මේ දින වල ටෙලි නාට්‍ය කිහිපයක දකින්න ඉන්නවා? නීල පබළු, කෝටිපතියෝ සහ මෙඩිසිනා හරහා දකින්න ඉන්නවා. කොහොමද ඒ චරිතවලට ලැබෙන ප‍්‍රතිචාර? නීල පබළු ටෙලි නාට්‍යයට හොඳ ප‍්‍රතිචාර තියෙනවා. එහි මම ටිකක් වැඩිමල් චරිතයක් කරන්නේ. ඒ පළවෙනි වතාවට. ඉතින් මට ඒ චරිතය තුළ දෙයක් කරන්න තියෙනවා කියලා හිතෙනවා. ඒ වගේම කෝටිපතියෝ හි චරිතයත් මම ආසා කරන විදියේ චරිතයක්. ඒ ටෙලි නාට්‍යයේ රංජිගේ චරිතයට එහෙම බොහෝ දෙනෙක් ආදරේ කරනවානේ. ඉතින් මට රඟපාන්න තියෙන්නෙත් ඔහුත් එක්ක. ඒකත් ලොකු දෙයක් කියලා මම හිතනවා. මොකද මගේ චරිතෙට එතකොට කට්ටිය ආදරේ කරනවනේ. මේ හැමදේටම වඩා මෙඩිසිනාහි ජූඩිට කට්ටිය ආදරේ කරනවා කියලා හිතෙන්නේ නැද්ද? ජූඩිගේ චරිතය මගේ ජීවිතේ වෙනස් කළා. මං ගොඩක් ටෙලි නාට්‍යවල ප‍්‍රධාන නිළියගේ යාළුවා, නැත්නම් නංගී කෙනෙක්. ඒ වගේ චරිතනේ ලැබෙන්නේ. හාස්‍ය චරිත ලැබිලාම නෑ. ඉතින් මේ චරිතෙ ලැබුණම මට හාස්‍ය චරිතයක් කරන්න පුළුවන් කියන එක පෙන්නන්

දැවෙන විහඟුන් වාසනා වූ සමනලී

Views 558 දායක වන චරිතයට අපූරු ජීවයක් ලබා දෙමින් ඒ චරිතය සමග රංගනයෙන් අප හමුවට එන ඇය සමනලී ෆොන්සේකාය. මේ දිනවල ඇය අපට හමුවන්නේ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ චිත‍්‍රපටයේ ‘වාසනා’ නමැති චරිතය සමගය. රැඟුමට මෙන්ම ගැයුමටත් අපූරු හැකියාවක් සතු සමනලී මෙවර සඳැල්ල කතාබහට එක්වූ විදියයි මේ. සමනලී මේ දිනවල මොනවද කරන්නේ? මේ දිනවල ගෙදර බඩු අදිනවා. ඒ කිව්වේ? අපේ ගෙදරට හොරු පැනලා. ඉතින් එතැන ඉන්න එක තවත් ආරක්ෂා නැහැ. ඒ නිසා මේ දිනවල අලූත් ගෙයක් හොයනවා. මීට කලිනුත් වතාවක ගෙදරට හොරු පැන්නා නේද? ඔව්. දෙපාරක් විතර හොරු පැන්නා. ඒත් අපි ඒ ගෙදර දාලා ගියේ නැහැ. මොකද අපි දෙන්නා ජීවත් වෙන්න පටන් ගත්ත පළමු ගෙදර වෙච්ච නිසා. ඒත් දැන් අපි ගෙවල් මාරු කළා. ඒ නිසාද පසුගිය දිනවල පෙනෙන්නට හිටියෙ නැත්තෙ? නැහැ. දැන් මේ සිද්ධිය වෙලා සතියක් විතර වෙනවා. කොහොමටත් පසුගිය දිනවල මම හිටියෙ විදෙස් ගතවෙලා. නැවතත් විදෙස් ගතවෙන්නද කල්පනාව? නැහැ. ඇත්තටම පසුගිය දිනවල ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් සහ මෙල්බර්න් නගරවලදී ප‍්‍රසංග කීපයක් පැවැත් වුණා. තවත් බොහෝ කලාකරුවන් පිරිසක් එම ප‍්‍රසංගය හැඩ කළා. මටත

මට අවශ්‍ය ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඉදිරියට යන්න

Views 1678 කාලයක් නිරූපිකාවක් ලෙස කටයුතු කළ බුද්ධි චන්ද්‍රසිරි මේ වනවිට ව්‍යාපාරිකාවක් ලෙස කටයුතු කරමින් සිටියි. වසර කිහිපයක් තිස්සේ නොයෙකුත් කලා නිර්මාණවලට දායක වෙමින් නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන ඇති ඇය නිරූපිකාවක් ලෙස වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය ගැන දැක්වූ අදහස් කිහිපයක් මේ. ක්ෂේත්‍රයට ඔබගේ පැමිණිම? මම මුලින්ම කලාවට සම්බන්ධ වුණේ 2014 වසරේදී. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ අංශයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. විශ්වවිද්‍යාලයේ බාහිර කටයුතුත් එක්ක මම බොහෝම ළඟින් වැඩ කළා. විශේෂයෙන්ම නර්තන, නිරූපණ ඡායරූපගත කිරීම් වගේ දේවල්වලට. ඒවත් එක්ක තමයි මට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ. කලා කටයුතුවලට ඔබ දුන් දායකත්වය? මුලින්ම කියන්න අවශ්‍යයි නිරූපණ ක්ෂේත්‍රයේ මම නියැලුණේ පුර්ණකාලීනව නෙවෙයි. ඒ කියන්නේ මම වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් විදිහට නෙවෙයි වැඩ කළේ. මම ඉගෙන ගන්න ගමන් ‘හොබී’ එකක් විදිහට නිරූපණ වැඩ කරපු කෙනෙක්. හැබැයි මම අලෙවිකරණ අංශයේ ඉගෙන ගත්ත නිසා මේ ක්ෂේත්‍රයේ වෙනම පැත්තකට මාව අද වනවිට යොමු වෙල

මම ලියපු පළවෙනි ගීතයම රසිකයන් ආදරයෙන් වැලදගත්තා

ශලිනි තාරකා කියන්නේ රංගන ක්ෂේත‍්‍රයේ ඔබ බොහෝ ආදරය කරන තාරකාවක්. විවිධ වූ චරිතයන් හරහා නිරතුරුවම පේ‍්‍රක්ෂක ඔබට සමීප වුණු ඇය පසුගිය කාලය නිහඬව ගත කළා. ඔන්න ශලිනි වෙනස් ආරයේ චරිත ත‍්‍රිත්තවයක් හරහා මේ දිනවල පේ‍්‍රක්ෂක ඔබට දැක ගන්න පුළුවන්. පසුගිය කාලය පුරාවටම මාධ්‍යයෙන් සහ කලාවෙන් නිහඬව ඉඳපු ශලිනිව කාලෙකට පස්සේ කතා බහකට එකතු කර ගන්න හිතුවා. කාලෙකට පස්සේ කතා බහ කරන්න ලැබුණේ කොහොමද ජීවිතේ? වරදක් නැහැ. හොඳින් ජීවිතය ගෙවිලා යනවා. නිහඬව ඉඳපු ශලිනි එක පාරටම කරළියට ආවේ චරිත කිහිපයකින්? ඇත්තටම නිහඬව ඉඳපු කාලේ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් කිහිපයක්මත් ප‍්‍රතික්ෂේප කළා. මොකද මම දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපාන්න හරිම අකමැතියි. ඒත් ඒ කාලේදි හොඳ නිර්මාණ කිහිපයක්ම මම භාර ගත්තා. ඒවා තමයි මේ දවස්වල කරගෙන යන්නේ. දායක වෙලා ඉන්න නිර්මාණයන් ගැනත් කියමු. මිතූ, ඒක් දිග කතාවක්, කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ මේ දවස්වල අලූත් චරිතයකින් දායක වෙනවා. ඊට අමතරව තවත් නොබෝ දිනකින් හරස් පාර කියන ටෙලි නාට්‍යයත් පේ‍්‍රක්ෂකයින්ට දැක ගන්න ලැබේවි. තව ටෙලි නාට්‍ය තුනක පමණ වැඩ භාර අරගෙන තියෙනවා. ඉදිරියේදී ඒව

අවුරුදු ගණනකට පස්සෙ මම ආයෙමත් 'තටු' ගහනවා

වේදිකාව, සිනමාව, පුංචි තිරය ගත්තම මේ රාමුව ඇතුළේ ඔවුන්ගේම දක්ෂතාවයකින් පේ‍්‍රක්ෂක ආකර්ශනයක්, ආදරයක් දිනා ගත්ත නම් ඒ බොහොම අතලොස්සයි. ඒ අතර ඉන්න චරිතයක් තමයි අවන්ති අපොන්සු කියන්නේ. චරිතාංග නිළියක් ලෙස පුංචි තිරයේ, සිනමාවේ, වේදිකාවේ එදා මෙදා තුර වසර තිහක කාලයක් එක ලෙස පේ‍්‍රක්ෂක ආදරයක් දිනාගත් ඇය පසුගිය කාලය පුරාවට නම් නිර්මාණ හරහා දකින්න ලැබුණේ බොහොම අඩුවෙන්. කොහොම වුණත් නිහඬ වෙලා ඉඳපු ඇය පසුගිය දිනවල නැවත නිර්මාණ කිහිපයකින් දකින්නට ලැබුණා. ඒ අතුරින් අහස් මාලිගා ටෙලිනාට්‍යය පේ‍්‍රක්ෂකයන්ට වගේම ඇයටත් ගොඩක් විශේෂ ඇති කියලා අපිට හිතුනා. අහස් මාලිගා ටෙලිනාට්‍යයේ සුධර්මාට කොහොම ද ලැබෙන ප‍්‍රතිචාර? බොහොම ආකර්ශනීය ලෙස ප‍්‍රතිචාර ලැබෙනවා. සුධර්මාගේ චරිතය පේ‍්‍රක්ෂකයෝ බොහොම ආසාවෙන් වැළඳගෙන තියෙනවා කියලා ලැබෙන ප‍්‍රතිචාරවලින් දැනෙනවා. ඉතින් කොහොම ද ජීවිතේ? මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි ද? අහස් මාලිගා එක්ක තමයි දිගටම වැඩ කරගෙන යන්නේ. ඊට අමතරව ජයසේකර අපොන්සු මගේ අයියාගේ ‘තටු’ වේදිකා නාට්‍යය අවුරුදු කිහිපයකට පස්සේ නැවත වේදිකාගත කරන්න සූදානම් වෙනවා. එහි පළමු දර්ශන වාරය මේ මස 28 වැනිදා

තරුවක් වෙන්න අකමැති 'ජාන්වී'

පසුගිය ජූලි 20 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹු කරන් ජෝහර්ගේ නිෂ්පාදනයක් වූ Dhadak චිත්‍රපටය මේ වනවිට අති සාර්ථකව තිරගත වන්නකි. එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන මිය ගිය ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර්ගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය මෙය වීඹ විශේෂත්වයකි. මෙම චිත්‍රපටය තිරගත වීඹත් සමග බොලිවුඩයේ බොහෝ දෙනාගේ අවධානය ජාන්වී වෙත වර්තමානයේ යොමුව පවති. ඇය පසුගියදා අන්තර්ජාල වෙබ් අඩවියක් සමග එක්වෙමින් පවසා තිබුණේ තමාට තරුවක් වීමේ අදහසක් නොපවතින බවත්, තමාට අවශ්‍ය කරන්නේ තම මව මෙන් දක්ෂ රංගන ශිල්පිණීයක් වීමට බව පවසා තිබේ. ජූලී 20 වැනිදා තිරගත වු මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 45ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත්, කරන් ජෝහර්ට මෙම චිත්‍රපටය නිර්මාණ කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 50ක වියදමක් දරන්නට සිදුවිය.