රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරන අවධියේදී දැන හැදිනගෙන විවාහ මංගල්‍ය දක්වා ගිය දෘශ්‍යාබාධිත යුවළකගේ මංගල උත්සවයක් ඉකුත් 28දා මාවනැල්ල උත්සව ශාලාවකදී සිදු කෙරිණි. මාවනැල්ලේ චන්ද්‍රාංගනී සෙනෙවිරත්න උපතින්ම අන්ධය. පසුව මවුපියන් චන්ද්‍රාංගනීව රත්මලානේ අන්ධ විද්‍යාලයට ඇතුළත් කරන්නේ අන්ධ වුවත් ඉගෙනුමට ඇති අති දක්ෂකම නිසාමය. චන්ද්‍රාංගනී ඉගෙනුමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද මහත් උනන්දුවක් දක්වන්නීය. මතුගම පොලේගොඩ සිට පැමිණ අන්ධ විද්‍යාලයේම අධ්‍යාපනය ලබන ඉෂාර ලක්මාල් නුවන්සිරිද තවත් එවැන්නෙක්ය. චන්ද්‍රාංගනීත් ඉෂාරත් රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන සෙසු දරුවන්ට වඩා තරමක් ඉදිරියෙන් අධ්‍යාපනය සිටි දක්ෂයන්ය. අවසානයේ දෙදෙනාම විභාග ඉහළින් සමත් වී විශ්ව විද්‍යාල වරම් ද හිමිකර ගත්හ. චන්ද්‍රාංගනීටත් ඉෂාරටත් පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ දොර ඇරිණි. 2013 වර්ෂයේ චන්ද්‍රාංගනීත් ඉෂාරත් උපාධිය ලබා විශ්ව විද්‍යාලයෙන් පිට විය. පසුව දෙදෙනාටම ගුරු පත්වීම්ද ලැබිණි. මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයට පළමු පත්වීම ලැබූ චන්ද්‍රාංගනීට පසුව එම විද්‍ය...