Skip to main content

Posts

Showing posts from November, 2018

මොස්කව් රූ රැජින හා මැලේසියානු ඔටුන්න හිමි කුමරුගේ ගේ රහස් විවාහයේ ජායාරූප නිසා අන්තර්ජාලය කැළඹේ

විවාහ වූ රූ රැජිණ ඉස්ලාම් අාගමට    පාර්ලිමේන්තුවෙත් කළඹයි මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඞ් රජු රුසියාවේ මොස්කව් නුවර රූ රැජිනක් වූ ඔක්සානා වොයෙවොඩිනා සමඟ විවාහ වූ බවට සමාජ ජාල වල පැතිරෙන වාර්තාව පිළිබඳව මැලේසියානු පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයට බඳුන් වුණා.    අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තමාට තහවුරු කළ නොහැකි අතර, ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බවයි. කෙසේ නමුත්, 2015 වසරේ මොස්කව් රූ රැජින වූ 25 හැවිරිදි ඔක්සානා සමඟ 49 හැවිරිදි සුල්තාන් මොහොමඞ් රජු විවාහ වීමේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වනවා.    එම විවාහ මංගල්‍යය මොස්කව් තදාසන්න ප්‍රදේශයක පසුගිය නොවැම්බර් 22 වනදා සිදුවූ බවයි වාර්තා වන්නේ.    ඔක්සානා මේ වසර මුලදී ඉස්ලාම් ආගම වැළඳ ගත් අතර ඇගේ නම ද රිහානා ලෙස වෙනස් කරනු ලැබුවා.  

මම කාලෙට අදාලව වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා

‘ආයෙත් වරක්’, ‘පූජා කරන්නම්’ වැනි ගීත ඔස්සේ විශාල රසික ආදරයක් දිනා ගත් සඳුන් පෙරේරාගේ නවතම ගීතය වන ‘ආදරය ආගමකි’ නම් ගීතය පසුගියදා එළිදැක්විය. ප්‍රසංග වේදිකාව තුළ නිරන්තයෙන් දක්නට ලැබෙන ඔහුට රසික ආදරය නොමද ලබන බව නොරහසකි. අලුත්ම ගීතය ඔස්සේ වෙනස් යමක් තම රසිකයන්ට දායාද කිරීමට සූදානම් වන ඔහුගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ අප සමගින් මෙලෙස එක්විය. අලුත්ම ගීතය ගැන මුලින්ම ගීතය කිව්වොත්? මාස 06 ක් 07ක් විතර නිහඬව ඉඳලා අලුතින්ම එළිදැක්වූ ගීතය තමයි ‘ආදරය ආගමකි’ මේ වෙද්දී ඒ ගීතය අහන්න පුළුවන් කම තියෙනවා. “ආදරය ආගමකි අදහන්න පුළුවන් - ආයුධය කර එයම මරවන්න පුළුවන්” කියන මේ පේලි දෙකයි, මම මේ ගීතයේ විශේෂතම පේලි දෙක විදිහට දකින්නේ. කලාකරුවා තෘප්තිමත් වෙන විදිහට හදලා දුන්නා. ලසිත ජයනෙත්තිආරච්චි තමයි ගීතය රචනා කලේ. ඩිල්ෂාන් එල් සිල්වා තමයි සංගීතවත් කලේ. මම හිතුවටත් වඩා හොඳ නිර්මාණයක් මට කරලා දුන්නාට ස්තූති වන්ත වෙනවා. විශේෂයෙන්ම ලහිරු මුදලිගේ, ප්‍රිහාන් මඩප්පුලි ඇතුලු හරි ක්‍රියේෂන් ටීම් එකට ස්තූති වන්ත වෙනවා. එයාලා නිසා තමයි මම මෙතන ඉන්නේ. එයාලා මගේ පිටිපස්සේ හැමදාම ඉන්න එක මට ලොකු

අපි නොදන්න රොනී

රොනී ලීච් නැති නම් කවුරුත් දන්නා පරිදි ‘ලස්සන තට්ටයා^ අප හැර ගොස් දැනට මාස දෙකකි. ඉතාම ක්‍රමානුකූල ලෙස වැඩ කරන්නට හුරු පුරුදු වී සිටි රොනී, ‘අද’ පුවත්පත වෙනුවෙන් කතාබහක යෙදෙන්නට පොරොන්දුව සිටියේ ඔහු ආයෙමත් නොඑන්නට ගිය ඔස්ට්‍රේලියානු සංචාරයට පෙරය ලංකාවට ආව ගමන් මම කතා කරන්නම් යැයි කියා දුරකථන අංකය ඉල්ලාගත් රොනී ආපසු පැමිණියේ නිහඬවම වුවත් ඔහුගේ දිනපොත මත නැවත ආපසු කරන්නට ඇති වැඩ පිළිබඳව ඔහු සටහන් තබා තිබූ අනුපිළිවෙළ අනුව රොනීගේ සමීපතමයන්ගෙන් ඒ පුවත අපට දැනගන්නට ලැබිණි. රොනී ගැන අපි දන්නේ මොනවාද ? ඔහු නිකම්ම නළුවෙක් ගායකයෙක් පමණක් නොවේ. මේ ලියැවෙන්නේ අප නොදැන සිටි රොනීගේ සැබෑ කතාවයි. රොනී යනු සංගීත ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් පැවැති ගායකයෙකු බැවින් ඔහුට මසකට අඩුම තරමේ ගී ගැයීමේ අවස්ථා දහය ඉක්මවා පැවැති බව ඔහුගේ පවුලේ සියලු දෙනා දැන සිටියද , රොනී ඒ සංදර්ශනවලින් කොපමණ මුදලක් අය කළේද යන්න කිසිවෙකු විමසා සිටියේ නැත. මන්ද අඩුම තරමේ මාසයකට හය හත් අවස්ථාවක රොනී ගී ගයන්නේ මිතුරන්ගේ වැඩවලදී මුදලක් නොගෙන බව ඔවුන් දන්නා හෙයිනි. රොනීගේ ළඟම මිතුරන් බොහෝ සිටියද ඉතාම සමීප මිතුරෙකු වූයේ ගායක පීටර

මියුසික් විඩියෝවල නම් දැන් භාරගන්නේ දෙපාරක් හිතලා

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ දකින පියුමි ශ්‍රී නායක වෘත්තියෙන් නිරූපිකාවකි. පසුගිය කාලයේ ආන්දෝලාත්මක ගීත රූප රචනා කිහිපයකින්ම දුටු ඇය මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගනිමින් සිටියි. අද ‘සාරවිට’ තරු කතාබහ දිගහැරෙන්නේ ඇය සමගයි. රංගන ශිල්පිනියක් ලෙස පියුමි දැන් ජනප්‍රියයි නේද? ඔව්, මම රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. සිරස රූපවාහිනියේ ‘නීල පබළු’, ස්වර්ණවාහිනියේ ‘වෙස්’ වගේම නොවැම්බර් 25 වැනිදා සිට දෙරණ රූපවාහිනියේ දිග හැරෙන දැවැන්ත ටෙලි නාට්‍යයක් වන ‘රාවණා’හි මාව දකින්න පුළුවන්. නිරූපණ වෘත්තිය දැන් අත්හැරලාද? එහෙමත් වෙලාවකට හිතෙනවා. මොකද, රංගන ශිල්පිනියක් විදිහට පසුගිය කාලයේ ගොඩක් කාර්ය බහුල වුණා. ඒ නිසා නිරූපණය පැත්තෙන් ආපු වැඩ ගොඩක් මට මගහැරුණා. නමුත්, දන්න අයගේ වැඩ කිහිපයක් කළා. නිරූපණය අත්හැරලාම නැහැ. තෝරාගත් වැඩ භාරගෙන කරනවා. ඊට අමතරව ඉඩ ලැබෙන පරිදි මියුසික් වීඩියෝ වගේ දේවල්වලටත් දායක වෙනවා. ඔබ දායක වුණ රූප රචනා කිහිපයක් පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වුණා? ඒ මියුසික් වීඩියෝවල රඟපෑවට පස්සේ මට බොහෝ දේවල් අහිම

නත්තලට මාරි දෙක

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම සිනමා තරුවක් වන ධනුෂ්ගේ ‘මාරි’ දෙවැනි චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 21 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය. 2015 වසරේ තිරගත වූ ‘මාරි’ චිත්‍රපටයේ දෙවැනි කොටස රැගත් චිත්‍රපටය වන මෙය මේ වසරේ ධනුෂ් රංගනයෙන් දායක වන දෙවැනි දමිල චිත්‍රපටයද වේ. ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වනු ඇති චිත්‍රපටයක් ලෙස බොහෝ දෙනෙකු හැඳින්වුවද ‘මාරි’ දෙවැනි චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයේදීම සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’ චිත්‍රපටයද එදිනම ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. එම චිත්‍රපටයද දමිල බසින් හඬකවා දකුණු ඉන්දියාවේ සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කොට තිබෙන බව සඳහන් වේ.

බාහිර පෙනුම හරහා තමයි නිර්මාණ සඳහා අවස්ථාව ලැබෙන්නෙ

  වෙළෙඳ දැන්වීම් ඔස්සේ ක්‍ෂේත්‍රය පැමිණි ඇය මේ වන විට රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන්නීය. රංගන ශිල්පිනියක ලෙස දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වන විට කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේ පැවැති ‘හිරු’ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනූ ඇය මෙවර ‘සාරවිට’ තරු කතාබහට මෙලෙස සම්බන්ධ වූවාය. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ‘නීල පබළු’ රූගත කිරීම සිදු වෙනවා. ඒ වගේ දැවැන්ත නිර්මාණයක් සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ රූගත කිරීම් කටයුතුත් මේ දිනවල සිදු වෙනවා. ‘මන්දිරා’ නිසා බොහෝ දෙනෙක් ඔබට ආදරය කරන්න ගත්තා, ඉතින් ‘මන්දිරා’ ගැන කියමු බලන්න? ‘මන්දිරා’ කියන්නේ උපන් දා සිට තාත්තාගේ සෙනහස නැති දරුවෙක්. ඉතිං එයා එයාගේ තාත්තාව හොයාගෙන එද්දී, ඒ තාත්තා වෙන දරුවෙකුට ආදරය කරනවා. දරුවෙකුගේ දුක, තාත්තාගේ අයිතිය ප්‍රකාශ කරන චරිතයක් තමයි ‘මන්දිරා’ කියන්නේ. මන්දිරාගේ චරිතය මගේ ජීවිතයට යම් ආකාරයකට සම්බන්ධයි. මන්දිරා කියන චරිතය ඇතුළෙ ජීවත් වෙනවා කියලා මම හිතනවා. ‘මන්දිරා’ට අවස්ථාව ලැබෙන්නේ? මට මේ ටෙලිනාට්‍යයට ආරාධනා කළේ ලලිත් සර්. අනුරාධ එදිරිසිංහ අක්කා හරහා තමයි මට සම

ජයලත් මනෝරත්නට දැන් සුවයි

ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්න අසනීප වුනු පුවතක් පසුගියදා කලා ලෝකයම කම්පාවට පත්කලා. ඒ පුවතින් කියවුනේ චිත්‍රපට රූගත කිරීමක් අතරතුර මනෝරත්නයන් අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කළ බවයි. මේ පුවත සමග මනෝරත්නයන්ට ආදරය කරන බොහෝ රසික පිරිසක් කම්පාවට පත්ව මේ ගැන තොරතුරු සොයා බලන්න වුනා. ඔහු වෙනුවෙන් බෝධි පූජා පිංකම් මාලාවක්ද පැවැත්වුණා.  කෙසේ නමුත් මනෝරත්න, හදිසි අසනීප තත්වය නිසා රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගත්තා. මේ වනවිට ඔහු සම්පුර්ණයෙන් යථා තත්වයට පත්ව ඇති බවත් සඳහන් වනවා. නමුත් වෛද්‍ය උපදෙස්වී තිබෙන්නේ විවේක ගන්නා ලෙස. ඒ නිසාම ඔහු කිසිදු ඇමතුමකට ප්‍රතිචාර නොදක්වන බවත්, ඔහු හමුවීමට අමුත්තන්ට නොහැකි බවත් පැවසෙනවා. කෙසේ නමුත් මනෝරත්න මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වනවා. ඔහු රංගනයෙන් දායක වීමට එකඟවී තිබු නිර්මාණ කිහිපයක්ම මේ වනවිට රූගතකළ කිරීම් කල්දමා ඇති බවත් සඳහන්.

ෆේස්බුක් ලයික් වැඩියෙන්ම තියෙන ලංකාවේ නිළියෝ

අද වෙද්දි ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනීන්ගේ ෆේස්බුක් පිටුවලට ලයික් කොපමණ තිබෙනවාද?. අපි ටිකක් ඒ ගැන හොයලා බැලුවා. ඒ අනුව වැඩිම දෙනෙක් ලයික් කරලා තියෙන්නේ යුරේනි නොෂිකාගේ නිළ ෆේස්බුක් පිටුවටයි. ඒ ලයික් 1,113,093ක්. මේ ලැයිස්තුවේ දෙවැනියට ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා. ඇගේ ෆේස්බුක් පිටුවේ ලයික් 1,109,277ක් තිබෙනවා. තුන්වැනියට ඉන්නේ දිනක්ෂි ප්‍රියසාද්. ඇගේ ෆේස්බුක් පිටුවට ලයික් 459,718ක් තිබෙනවා. මෙම ලැයිස්තුවේ හතරවැනියට ඉන්නේ උපේක්ෂා ස්වර්ණමාලිගේ ෆේස්බුක් පිටුවට ලයික් 406,050ක් තිබෙනවා. පස් වැනියට ඉන්න පූජා උමාශංකර්ගේ ෆේස්බුක් පිටුවට ලයික් 311,427ක් තිබෙනවා.

චුලක්ෂි රෝහලකට උදව් කරයි

දක්ෂ, ජනප්‍රිය නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ. පසුගිය දා චුලක්ෂි වි‍ශේෂ වැඩසටහනක් සිදු කරා. ග්‍රාමීය රෝහලකට සහ දුප්පත් පාසලකට චුලක්ෂි සහ එයාගේ හිතවතුන් කිහිප දෙනෙක් එකතු වෙලා උදව් උපකාර කරලා තිබුණා. මේ දේවල් කරලා තියෙන්නේ චුලක්ෂිගේ උපන්දිනයකටවත් විශේෂ හේතුවකටවත් නෙවෙයි. චුලක්ෂිගේ හිතේ සතුට වෙනුවෙන් කියලා තමයි අපිට කිව්වේ. රෝහලේ සිටින ගැබිණි මව්වරුන්ට අවශ්‍ය කරන දේවල් සහ රෝහලට ECG යන්ත්‍රයක් සහ ප්‍රෙෂර් පරික්ෂා කරන උපකරණයක් චුලක්ෂි එම රෝහලට පරිත්‍යාග කරලා තියෙනවා. ඊට අමතරව එම ප්‍රදේශයේ දුප්පත් පාසලක සිසුන් සඳහා අධ්‍යාපනික උපකරණත් පරිත්‍යාග කර තිබෙනවා.

වෙඩින් එකක ඩාන්ස් එකක් නිසා ජනප්‍රිය වෙච්ච තරුණ කොල්ලා

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා තරුණයෙකු වෙඩින් එකකදී ඩාන්ස් කරන වීඩියෝවක් සැරිසරනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්න කෙනාව අපිට හමු වුණා. ඒ තමයි දර්ශන දේවනාරායන. ඉතින් ඔහු අපිට මේ ජනප්‍රියත්වය ගැන කිව්වේ මේ විදිහට. දර්ශන ගැන විස්තර කිව්වොත්? මගේ නම දර්ශන දේවනාරායන. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මේ දිනවල මම රැකියාවෙන් ඉවත් වෙලා විදේශගතවීමට සූදානමින් ඉන්නේ. දර්ශන ගැන සමාජ මාධ්‍ය තුළ කතාවෙන්න පටන් ගත්තේ ඇයි? වෙඩින් එකකට ගිහිල්ලා කරපු ඩාන්ස් එකක වීඩියෝ එකක් නිසානේ. කොහොමද ඒ වීඩියෝ එක සෝෂල් මීඩියා එකේ ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ? මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙකුගේ වෙඩින් එකකට ගිහිල්ලා තමයි මේක වුණේ. අපි යාළුවෝ එක්ක එකතු වෙලා ෆන් එකක් අරගෙන ඩාන්ස් කරලා ඉවර වෙලා කෑම කන්න යද්දි තමයි ඔය සිංදුව ප්ලේ කළේ. එතකොට තමයි මම ඔය ඩාන්ස් එක කළේ. නමුත් මම ඔහොම ඩාන්ස් එකක් කළා කියලා මතකයක් තිබුණේ නැහැ. දවස් දෙකකට විතර පස්සේ ඔය වීඩියෝ එක අපේ ගෘප් එකකට දාලා තිබුණේ. එතකොට තමයි මටත් මතක් වුණේ මම මෙහෙම දෙයක් කළා කියලා. ඉතින් මේක මුලින්ම මගේ tik tok පේජ් එක

පුංචි කාලේ මට ගායිකාවක් වෙන හීනයක් කොහෙත්ම තිබුණේ නැහැ

මේ දවස්වල මොකද කරන්නෙ..? මේ දවස්වල එහෙම විශේෂයෙන් කරන වැඩක් නැහැ. ගෘහස්ත සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. ඒවාට සහභාගි වෙනවා. කලා කටයුතු කියලා කරන්නෙ ඒ දේවල් තමයි. ඉන්ද්‍රානි පෙරේරා නම් කලාකාරියගේ ළමා කාලය ගෙවුණේ කොහොමද..? පුංචි කාලේ මට ගායිකාවක් වෙන හීනයක් කොහෙත්ම තිබුණේ නැහැ. මම ඉපදුණේ බොරුල්ලේ කොටා පාරේ තිබුණු අපේ ගෙදරමයි. මගේ තාත්තගේ නම ඒ.ඒ. පෙරේරා. අම්මගේ නම මේරියල් පෙරේරා. අපේ පවුලේ හිටියෙ ගෑනු ළමයි තුන්දෙනෙක් විතරයි. ඒ තුන්දෙනාගෙන් දෙවැන්නා තමයි මම. අපි තුන්දෙනාම ඉගෙනගත්තෙ කොළඹ ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයෙ. මට වඩා මගේ නංගි අයිරාංගනී ගොඩක් පොඩියි. ඉතින්.. අපේ අම්මා අපි තුන්දෙනාටම කෑම හදාගෙන ඉස්කෝලෙට එනවා. අපි තුන්දෙනාටම හරි ලස්සන පිඟන් තුනක් තිබුණා. ඒ කාලේ ඉඳන්ම අපේ අම්මා පුංචි හැඳිගෑරුප්පු දෙකකින් අපිට ඒවා පාවිච්චි කරන විදිහත් හොඳට උගන්වලා තිබුණා. මගේ සීයාත් හැම ඉන්ටර්වල් එකකදීම අපේ ඉස්කෝලෙ ළඟට ආවා. ඒ එද්දී හැමදාම අපි තුන්දෙනාට ක්‍රීම් බනිස් තුනක් අරගෙන එනවා. අපේ සීයා සුදු ඇඳගෙන ටයි එකක් දාගෙන ටයි පින් එකක් පැළඳගෙන හරි පිළිවෙලට අපේ ඉස්කෝලෙ ළඟට එද්දී අපිට හරිම