මොරටුව විශ්වවිද්‍යාලයෙන් විලාසිතා නිර්මාණකරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිලිබඳ උපාධිය ලැබූ නැව යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙකු පැවිදි බිමට පිවිස සිටිති. මෙකී තරුණියන් දෙදෙනා මහරගම ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේ නමින් හා අතුරුගිරියේ ධම්ම සුඛිතා මෙහෙණින් වහන්සේ නමින් පැවිදි දිවියට ඇතුළත්ව සිටිති. බද්දේගම ගිනිමැල්ලගහ ආලෝකෝ උදපාදී සිල්මාතා භාවනා ආරාමයේදී මෙකී මෙහෙණින් වහන්සේ දෙනාම අපට මුණගැසුණි. මෙකී මෙහෙණින් වහන්සේ දෙනාම සමඟ දැන උගත් මෙහෙණින් වහන්සේ සය නමක් භාවනායෝගීව ආරාමයේ වැඩ වසති. ධම්ම තුසිතා මෙහෙණින් වහන්සේගේ ගිහි කාලයේ ස්වාමිපුර්ෂයාද පැවිදි දිවියට පත්ව සිටිති. උන්වහන්සේද ගිහි කළ මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණය හා නිපැයුම් ප්‍රවර්ධනය පිලිබඳ උපාධිධාරියෙකි. මේ තිදෙනාම හිගි කළ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක රැකියාව කොට තිබේ. රැකියාව කරන අවධියේදී බණ ඇසීමට යොමු වී ධර්ම මාර්ගය ගැන පැහැදී පැවිදි දිවියට පිවිස තිබේ. “අපි දෙන්නා කතා කරගෙන තමයි මහන වෙන්න තීන්දු කළේ. ගහි කාලයේ මගේ සැමියා මට කලින් මහණ වුණා. ඔහු මහණ වුණේ මහේ මහණ පින්කමට අවශ්‍ය සියලු දේවල් කරලා. ඒ මහණ පින්කමට මමත්